ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවේ දී අපි a2 කියන එක, ඒ නිත්‍ය සඤ්ඤාව reverse වෙලා පැමිණීමෙන්, රූපයට නිත්‍යයි යන අර්ථය ඇති කරන බව වටහා ගත්තා. යම් රූපයක් වේ ද එහි පරිග්ගහයක් ඇති නම්, නිත්‍ය වශයෙන් ගත්තා වූ එම රූපය පරාමාසයට ඇතුළු වන්නේ ද නිත්‍ය වශයෙන් ම ය. මෙසේ බාහිර වස්තූන්ගේ පරිග්ගහයක් මගින් නිත්‍ය වන්නා වූ පරාමාසගත වන්නා වූ රූපයක්, කෙබඳු දහමක් භාවිතා කර පළවෙනි වශයෙන් a) එහි නිත්‍යභාවය ඉවත් කළ හැකි ද? b) නැවතත් පරිග්ගහය වීම නැවතිය හැකි ද? මෙම දෙකට ම පිළිතුර වන්නේ නිරෝගීකමයි. රොගං වදති අත්තතො. අත්තා යැයි ගැනීම ම රෝගයකි. අත්තා යැයි නොගන්නේ නම් a) පළවන කාරණය, නිත්‍ය යන සංකල්පය ඇති නොවේ. B) පරිග්ගහය ද නවතී. එතකොට ඔය a) පළවෙනි කාරණයෙදි ගන්න පුළුවන් නිත්‍ය යන සංකල්පය ඇති නොවේ කිව්වම, අර අත්තා තියෙනවා පරාමාසේ ඉඳන් චේතනාව දක්වා, ඊට පස්සේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා, දැන් නිත්‍යයි, කියලා ගමන් කරනවා. එතකොට ඒක ඇති වෙන්නේ නැහැ.
දෙවන කාරණයේ දී පරිග්ගහය නවතී කිව්වම, “ඉච්ඡා නිදානානි පරිග්‌ගහානි, ඉච්ඡා සන්තියා න මමත්තමත්ථි, රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.” කොහොම ද මේක සිද්ධ වෙන්නේ? යම් අත්තා යැයි ගැනීමක් වේ ද එමගින් ඇති වන්නා වූ ඒ කියන්නේ දැන්, විඤ්ඤාණයේ ඉඳන් අනෙක් පැත්තට reverse වෙලා එනවා a2 නිත්‍ය සඤ්ඤාව. ඊළඟට පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අර අත්තා කියන එක. දැන් මේ අත්තා, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, මේවා ඕන ම එකකින් එකක්. එතනින් එනවා චේතනාවෙන් සඤ්ඤාවට, සඤ්ඤාවෙන් ස්පර්ශය හරහා රූපය කරා ගමන් කරයි. රූප කරා දිවීමක් වේ ද එය නවතී. එනම් විසිවස්තුක සක්කාය දිට්ඨිය නැති වීම මගින් රූප කරා නොයන්නේ එහි විභූතිය ඇති වේ. මෙසේ පරිග්ගහය නවතී.
දැන් එතනට එනවා “න සඤ්ඤසඤ්ඤී, න විසඤ්ඤ සඤ්ඤී ඒ ගාථාව.” ඒකෙ අර්ථයත් මේ ආකාරයට ම තමයි සිද්ධ වෙන්නෙ. නිරෝධය වේවා යම් ධ්‍යාන තලයක් වේවා මගේ යැයි නොගනී. සඤ්ඤා, වරහනක් ඇතුළේ දාගන්න පුළුවන් එතන, අත්තා, කියන එක. සඤ්ඤා නිදානයෙන් පපඤ්ච සඞ්‌ඛා, කියන එක ඇති වෙනවා. පපඤ්චයෝ, තණ්හා පපඤ්චයෝ, දිට්ඨි පපඤ්චයෝ කියන එක.
ඉතින් දැන් අපිට පේනවා මෙතන තථාගතයන් වහන්සේ එක වෙලාවකට කියනවා අනිත්‍ය යැයි කියලා වටහා ගත්තහම මේක නැති වෙනවා කියලා, තවත් වෙලාවකට ආනෙඤ්ජ සප්පාය සූත්‍රය වාගේ සූත්‍ර දේශනාවල දේශනා කරන අර එක එක රූප සඤ්ඤා ඒ වගේ ම ඒ රූපයන්ගෙන් අයින් වෙච්ච ධ්‍යාන සඤ්ඤා දක්වා, නෙවසඤ්ඤානාසඤ්ඤා මේවා ඔක්කොම මගේ කියලා ගන්න එක සක්කාය. ඒ සක්කායන් සම්පූර්ණයෙන් ඉවත් වෙනවා නම් බුදුහාමුදුරුවෝ එතන පෙන්නනවා, එතන නිර්වාණය වෙනවා කියලා. ආපහු තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යයේ පෙන්නනවා. මේ තණ්හාව නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. තණ්හාව නැති වුණහම මේක නැති වෙනවා කියලා. ඉතින් දැන් මෙතන මේ පෙන්නන්නේ ඔය දෙපැත්තට ම අපි එනවා. දැන් අපිට පේනවා. අපි බලනවා සමාධිභාවනා සූත්‍රය වගේ සූත්‍රයක්. ඒකෙදි අපි දන්නවා අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. ඉතින් මෙහෙම කරලා නේ අපි මේ අත්තා කියන කතාව ඇති කරගන්නේ. එතකොට ඒක නැත්නම් ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.
මේක හරියට ගෙදර තියෙනවා පරණ භාණ්ඩයක්. ඒ පාර දැන් මේක හොඳ නෑ කියලා, තීන්ත ටිකක් අරගෙන ගානවා. තීන්ත ගෑවට පස්සේ දැන් ඉතින් දිස්නයක් තියෙනවා. ඒ පාර හොඳයි කියලා ඒකෙන් තණ්හාවෙන් අභිනන්දනා කරලා ඒ විදිහට දැන් ආපහු මගේ කරගන්නවා අත්තා කරගන්නවා. තීන්ත ගෑවයි කියලා කිව්වේ අර නිත්‍ය කතාව. පෙර නිත්‍ය එක reverse වෙලා ආවා. අන්න රූපයේ ගෑවා ඒ තීන්ත ටික. ඒක තමයි මෙතන පේන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.