උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
කේවල පරිපූර්ණ වූ යම් දහමක් ලොවේ වේ ද, ඒ තථාගත ධර්මයයි. කේවල පරිපූර්ණ යනු කුමක් ද? මුල, මැද, අග යන තුන් කෙළවර දී ම පරිපූර්ණත්වයක් ඇති ද, එයයි. මුල කෙසේ ද? මැද කෙසේ ද? අග කෙසේ ද? මුල නිර්වාණයයි. මැද නිර්වාණයයි. අග නිර්වාණයයි. මෙසේ කේවල පරිපූර්ණ වන්නේ ය.
මෙයට උදාහරණ වශයෙන් වත්ථූපම සූත්‍රය ගතහොත් මුලින් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣා යන්න විමසා බැලුවොත්, මැද මිච්ඡා දිට්ඨියට ම පැමිණෙනවා යන්න විමසා බැලුවොත්, අග ප්‍රමාද වීම විමසා බැලුවොත්, මෙම තුන් කෙළවර දී ම මිච්ඡා දිට්ඨි නොවන්නේ නම්, සම්මා දිට්ඨි වන්නේ නම් නිර්වාණය ම වන්නේ ය. එයින් පිටත නොවන්නේ ය.
පැහැදිලි කිරීම් මේ විදිහට කරන්න පුළුවන්. පළවෙනි එකට මුල මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා අභිජ්ඣා විය. විඤ්ඤාණය සැකසිණ. නිර්වාණ නොවිණ. සම්මා දිට්ඨි වන්නේ, අභිජ්ඣා නොවන්නේ, නිවනින් පිටත දෙයක් නොගන්නේ නිර්වාණය ම වන්නේ ය. අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දීපු විදිහට ඒ පථය දිගේ ඇවිල්ලා නතර වීමක්.
මැද මිච්ඡා දිට්ඨි නොවන්නේ, කුකුල් පට්ටියක් දමා, සතුන් මැරීම හොඳ යැයි නොකියන්නේ, සංස්කාරයන්ගේ නිරෝධය වන්නේ, මිච්ඡා දිට්ඨිය ඉපදූ සඤ්ඤා නවතින්නේ, නිර්වාණය ම වන්නේ ය. අර ද්වයතානුපස්සනා සූත්‍රයේ විදිහට, සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා. ඒ විදිහට නිර්වාණය ම වන්නේ ය.
අග ප්‍රමාද නොවන්නේ, ඇති වන්නේ දුක බව දන්නේ, දුක්ඛ සමුදය දන්නේ, පමා නොවී පහ කරන්නේ, ප්‍රඥාවන්ත වන්නේ, විමුක්තිය ඇති වන්නේ ය. නිර්වාණය ම වන්නේ ය. මෙය සෑම ධර්ම කාරණා සඳහන් කරන සූත්‍රයක ම ඇත්තේ ය. මෙසේ කේවල පරිපූර්ණ වන්නේ ය. ඊයේ භාවනාව සමඟ සම්බන්ධ වන්නේ සම්මා දිට්ඨිය නිසා අමෝහ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. එම භාවනාව ද කේවල පරිපූර්ණය. එහි දී නිත්‍යයි නොගන්නේ නම්, අත්තා යැයි නොගන්නේ නම්, තණ්හා නොවන්නේ නම් නිර්වාණය ම වන බව පෙන්වා දෙයි.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේ වන විට, 5/7 ඉවරයි, කියන එක කියනවා ධර්මය.