ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි බැලුවේ මනෝමය කායකින් යම් අයකු ජීවත් වන්නේ පරාමාසකාය තුළ ඇති දේ වළඳලා කියලා consume කියලා අපි දන්නවා. මෙය කෙසේ වන්නේ ද යන්න විමසා බැලුවා. යම් අයකු යම් දහමක් භාවිතා කර ජීවත් වන්නේ ධම්මමච්ඡරිය හරහා චේතනා කර බව අපි දන්නවා. මනෝමය කායට මෙසේ සිටීමට ඇති බාධාව කිම? වැළකීම කිම? පරිග්ගහ වූ ධර්මය බව වටහා ගත යුතුයි. පරිග්ගහය හරහා පරාමාසගතවන්නක් සහ චේතනාව හරහා පරාමාසගතවන්නක් අතර වෙනසක් ඇත. මෙය කුමක් ද? එය දිට්ඨි උපාදානයෝ හරහා නොවීමයි.
මෙතන අපිට පේනවා අර කලින් ඇන්ඳ diagram එක. වේදනා, චේතනා, පරාමාස. ඊළඟට භය අගති, වේදනා. එතකොට මෙතන චේතනාවේ ඉඳන් පරාමාසයට අපි A කියලා ලකුණු කරගත්තා. භය අගතියේ ඉඳන් වේදනාවට අපි B කියලා ලකුණු කරගත්තා. ඒ A, B වලින් තමයි අපි දිට්ඨි උපාදානය කියන එක නිරූපණය කරන්නේ. එතකොට ඒ වගේ ම මතකයි ඔය භය අගති වේදනා අතර සෝකය. සෝකයේ ඉඳන් වේදනාවට P කියලා දාගත්තා. වේදනාවේ ඉඳන් පරාමාසයට Q කියලා දාගත්තා, අත්තවාද උපාදානය. එතකොට වේදනාවයි චේතනාවයි අතර නාමරූපය, කෙනෙකුට පුළුවන් එහෙම නම් නාමරූපයේ ඉඳන් පරාමාසයට පරිග්ගහය කියලා එතන ලකුණු කරගන්න, curve එක වාගේ.
එතකොට දැන් මෙතන අපි කල්පනා කරලා බලනවා, මේ විදිහට වෙන්නේ කුමක් නිසා ද කියලා. යම් චේතනාවක් වන්නේ නම් එයට භය අගතියේ සිට වේදනාවට එන්නා වූ පාර බලපානවා. එසේ නොවන්නේ නම් කාමෙහි සංයුක්ත විය නොහැකියි. යම් කාමෙහි සංයුක්ත වීමක් ඇති ද එයට සංකප්පය බලපායි. එසේ නම් විඤ්ඤාණය තුළ බැස ඇත්තා වූ ධර්මයෝ ම භය අගති, වේදනා, නාමරූප, පරිග්ගහ හරහා පරාමාසගත වීම සිදු වෙන බව වටහා ගත යුතුයි. මෙහි දී අලුත් දිට්ඨින් උපාදාන නොවෙයි. ඒ කියන්නේ අර A පාර කියන එක නැහැ. A පාර කියන්නේ චේතනා ඉඳන් පරාමාස වෙන කෑල්ල නැහැ. B පාර, ඒ කියන්නේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා තියෙන එක ඇත. ඒක තියෙනවා. උඩින් එන එක නැහැ.
එතකොට විඤ්ඤාණ ආහාරය ම වළඳන බව වටහා ගත යුතුයි. විඤ්ඤාණයේ යම් ගුණයක් වී ද, එය ආහාර වන්නේ ය. කුමන ගුණයෝ ද? රූපය අළලා වූ කාම ගුණයෝ ය, වේදනාව අළලා වූ තණ්හා ගුණයෝ ය, සඤ්ඤාව අළලා වූ දිට්ඨි ගුණයෝ ය, සංස්කාර අළලා වූ පරිග්ගහයෝ ය. මේ සංස්කාර අළලා වූ පරිග්ගහයෝ අධිකව බලපායි. ඔතනදි මම දැක්කා ඇයි මේක උඩට යන්නේ නැත්තේ කියන එක මම කල්පනා කළා. ඒ කියන්නේ සංකප්ප පැත්තෙ ඉඳන් භය අගතියට ඇවිල්ලා, වේදනාව දක්වා එනවා. වේදනාව දක්වා ආව රැල්ල, මොකද චේතනාව දක්වා, උඩට යන්නේ නැත්තේ? පරිග්ගහය හරහා නේ එන්නේ ඒක හරියට, ඒ වෙලාවේ මම දැක්කා අතීත රූපයක්, රූපයක් පෙනිලා නැති වෙලා ගියා. එතකොට ඒක නිකම් තුනී වූ යම්කිසි දෙයක්. ඒක කවුද කියලා, ලස්සන ද කියලා, ආදී වශයෙන් හරි මොනවා හරි ඒ වගේ හඳුනා ගැනීමක් තත්වයට අරක ගිහින් නෑ. අන්න එහෙම වෙලා තමයි උඩ චේතනාවට යන්නේ. මොකද මනෝමය කායෙන් ඉන්න එක්කෙනා කන දෙයක් නෑ. කෑමක් දකිනවා, ඇහෙන් දකිනවා, නමුත් මේකේ කාලා ඇති වෙන වේදනා ස්වභාවය කියන එක, reality එක නෑ. මනෝමය මනසෙන් තියන අර්ථය විතරයි තියෙන්නේ. දැන් කෑවට පස්සෙ නේ දන්නේ මේක බොහොම හොඳයි කියලා, ලුණු රහයි ආදී වශයෙන්. අන්න ඒ කෑල්ල නෑ. අන්න ඒ නිසා අර උඩට චේතනාවට ගිහිල්ලා අලුතෙන්, ආ මේ කෑම හොඳයි කියලා ආදී වශයෙන් උපාදාන වෙන්න බැහැයි කියන එක. මෙතන සියුම් point එකක් තියෙනවා.
එතකොට, දැන් පරිග්ගහයෝ කියන ඒවා අධිකව බලපානවා කිව්වා. දස අකුසලය නිසායි සිදු වෙන්නේ, පරිග්ගහය. අජ්ඣොසනා කියන්නේ පිළිඅරගෙන තබා ගැනීම නිසා තමයි පරිග්ගහය ඇති වන්නේ. මහානිදාන සූත්‍රයේ පෙන්නනවා. එතකොට එහෙම නම් අපිට මෙතන පොඩි diagram එකක් ලකුණු කරගන්න පුළුවන්.
ඒ කියන්නේ අපි පටන් ගත්තොතින්, පරිග්ගහය තියෙන තැනට 1 කියලා දාගත්තොත්, ඊළඟට පරාමාසය 2. එතකොට පරිග්ගහය ඉඳන් පරාමාසයට සම්බන්ධ වෙනවා. ඊළඟට 3 කියලා ඉදංසච්චයට දාගත්තොත්, පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට යන එක තියෙනවා. ඊළඟට 4 කියන එක භය අගතියට දාගත්තොත්, ඉදංසච්චය භය අගතිය රේඛාවේ අපි දස අකුසලය ලකුණු කරගන්නවා. ඒක තමයි හේතුව. හේතුව හැටියට දස අකුසලය එතන ලකුණු කරගන්නවා. ඊළඟට 5 කියන එක වේදනාව කියන තැනට දාගත්තොත්. භය අගතියේ ඉඳන් වේදනාවට සම්බන්ධතාවය තියෙනවා, arrow එක. ඊළඟට වේදනාවෙන් තණ්හාව. තණ්හාව කියන එක 6 වෙනි එකට දාගත්තොතින්, ඒ පාර තණ්හාවෙන් පරිග්ගහය. “ඉච්ඡා නිදානානි පරිග්ගහානි” කිව්වේ ඒ විදිහට එනවා.
එතකොට අජ්ඣොසනා කියන එක, උඩ, අපි හිතමු චේතනා පැත්තේ අපි ලකුණු කරගන්නවා, ඒක තමයි ප්‍රත්‍ය වෙන්නේ පරිග්ගහයට. මහානිදාන සූත්‍රයේ පෙන්නන එක. ඡන්දරාගය නිසා පිළිඅරගෙන තබා ගැනීම සිදු විය. මහානිදාන සූත්‍රයේ පෙන්නනවා, මේ ඡන්දරාගය නිසා තමයි අජ්ඣොසනා කියන එක ඇති වෙන්නේ. අපි දන්නවා ඡන්දය ලකුණු කරන තැන. අපි දන්නවා රාගය ලකුණු කරන තැන. එතකොට ඒක මුළු එකෙන් තමයි ඒ අජ්ඣොසනා කියන එක තියෙන්නේ.
එහෙම නම් අපිට පේනවා, අපි ඡන්ද රාග වෙලා තියෙන්නේ දස අකුසලයට ම යි කියලා. ඇයි අර belt එක කැරකෙනවා. අපි කිව්වේ, 1 පරිග්ගහය, 2 පරාමාසය, 3 ඉදංසච්චය, 4 භය අගතිය, 5 වේදනාව, 6 තණ්හාව, ආපහු පරිග්ගහයට. මේ belt එක කැරකෙනවා. එහෙනම් මේ කැරකෙන එක තමයි අපි මේ අජ්ඣොසනා. පිළිඅරගෙන තබාගෙන ඉන්නේ දැඩි ලෙස අරගෙන තියෙන්නේ. Hold කරගෙන ඉන්නේ. අන්න ඒකටයි කියන එක අපිට පේනවා. එතකොට එහෙම නම් අජ්ඣොසනා කියන එක ඇති වෙන්නේ ඡන්දරාගයෙන් නම්, එහෙම නම් ඡන්දරාගය වෙලා තියෙන්නේ අරකෙ කැරකි කැරකි යන දස අකුසලයට ම තමයි කියන එක පේනවා.
සංස්කාර නිසා යම් නිත්‍යභාවයක් වී ද, එය ද පරිග්ගහය හරහා නිත්‍ය වශයෙන් ම පරාමාසගත වීම කියන එක සිද්ධ වෙනවා. මේක තේරුම් ගන්න ඕන අපි අර a2 නිත්‍ය සඤ්ඤාව reverse වෙලා අවස්ථාවෙදි, අපි කිව්ව නේ රූපයන් නිත්‍ය වශයෙන් ම පරාමාස වූ අවස්ථාවෙදි වටහා ගත් අවස්ථාව. ඒ වගේ ම තමයි මේ සංස්කාරය කියන එකත් නිත්‍ය කියලා පරිග්ගහයට ඇති වෙනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කිව්වා numbers ටිකක්. 1, 2, 3, 4, 5, 6 කියලා belt එක පරිග්ගහය ඉඳන් පටන් අරගෙන 6 වෙනි එක තණ්හාව දක්වා, ඒ belt එක කැරකීම අල්ලා සිටීම අජ්ඣොසනා වෙනවා. ඡන්දරාගය ඇත්තේ මේකට ම යි කියන එක අපි තේරුම් ගත්තා.
එතකොට දැන් ඒ අවස්ථාවෙදි මම භාවනා කළා. එතකොට එහෙනම් මේ පාණාතිපාතය. මෙතන තමයි අපි ඡන්දරාගය තියෙන්නේ. පාණාතිපාතය අයින් කරන්න ඕන. අදත්තාදානයට තමයි අපේ ඡන්දරාගය තියෙන්නේ. ඒක අතහරින්න ඕන. ඡන්දරාගය අයින් කරගන්න ඕන. ඒ කියන්නේ ඡන්දයක් රාගයක් තියෙනවා කිව්වා ම නේ ද? පාණාතිපාතයට, ඒක නේ. දැන් පරුෂා වාචා, කවුරු හරි බැන්නහම බනින්න, ඒකට ඡන්දරාගය තියෙන්නේ. අන්න ඒක. අන්න ඒ අවස්ථාවෙදි චෙතො විමුක්තිය කියන එක තමන්ට ඇති වෙනවා. සිත නතර වෙනවා කියන එක වෙනවා.
එතකොට ආපහු මම මේ විදිහට බලලා, දැන් ඔය සංයෝජනයන් නේ ඔය කියන්නේ, පාණාතිපාත කියන්නේ සංයෝජන. එහෙම නම් මේ සංයෝජනයන් කියන එකට තියෙන ඡන්දරාගය තමයි අපි පහ කරන්න ඕන කියන එක තමන්ට එතනින් මේ ධර්මයෙන් පේනවා.
එහෙම බලලා ඉවර වෙලා මම ආපහු අර belt එක ගැන ටිකක් බැලුවා. ඒ belt ඒකේ මං කිව්ව නේ අර උඩට යන්නේ නැහැයි කියලා, අර රූපයක්, යන්තම් ඡායාවක් වගේ ඇවිල්ලා ගියා විතරයි, ඒක ගැන අර වින්දා වූ දෙයක් නැහැයි කියන එකයි.
එතකොට මෙතන මේ වේදනාව හරියට බලපානවා. මට තේරුණා එහෙම නම් මනෝමය කායෙන් ඉන්න මනුස්සයා හරි අසරණ තත්වයක ඉන්නේ. කෑම දකිනවා, ඒක කලින් අදහසක් ඇතුළෙන් කැරකෙන එක මිසක්, අලුතෙන් එයාට නෑ, ලුණු රසක්, ආදී වශයෙන් අර වේදනා අගයෝ කියන එක නෑ. මම රහතන් වහන්සේගෙන් ඇසුවා, අර bell shaped curve එකේ කොහොම ද ඒක පෙන්නන්නේ කියන එක. ඒක පෙන්නන්නේ අර C වල ඉඳන් A වලට යන හැටියට, අර පහළ කෑල්ල. ඒ කියන්නේ අලුතෙන් එකක් නෑ නේ. අර මැරිච්ච එකෙන් අරක හැදෙනවා කියන එකයි. දැන් අපි බලනවා නේ A හදන්නේ මොකක් හරි එකක් අරගෙන නේ. මේක එහෙම නෙමෙයි, මැරිච්ච එකෙන් C එකෙන් A එකට යනවා කියන අර්ථය තමයි අර පල්ලෙහා කෑල්ල පෙන්නන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.