ඒ පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී විමසලා බැලුවේ, අපි ඊයේ මනෝමය කාය ගැන භාවනාවන් කළා. ඒ මනෝමය කාය සහිත පුද්ගලයා විඳින්නා වූ දුක්ඛ ස්වභාවය. යම් වේලක් නොකන ලද අයකු කොපමණකට හාමත් වීමක් ඇත්ද ඒ නිසා ශාරීරික පීඩාවට පත් වන්නේ ද, වේල් කීපයක් නොකන ලද අයකුට එය අධික ය. මෙසේ කායික වශයෙන් පීඩා විඳීම යන දුක්ඛය ඇත. එය ඔහුගේ කය පෙළයි. කය පෙළන්නේ දෝමනස්සය ඇති වේ. දෝමනස්සයෙන් සිත පෙළනවා. ඒකෙන් සෝකය කියන එක ඇති වෙනවා. මේ සෝකය, අපි විමසලා බලමු. ඊයේ භාවනාව හා සම්බන්ධ කරලා විමසනවා.
ඒක දීර්ඝ භාවනාවක් දිගට එන්න ඕන. ඉතින් ඒකෙ අන්තිමට පේනවා. පරාමාසයෙන් ඊට පස්සේ අපි ඉදංසච්චයට ගිහිල්ලා, ඉදංසච්චයෙන් අර දුස්සීලභාවය, පාණාතිපාත, අදත්තාදාන, දුස්සීලභාවය සහගතව භය අගතියට ඇවිල්ලා එතනින් අපි සෝකය හරහා අපි එනවා කියලා වේදනාවට. ඉතින් ඒ වේදනාවට ඇවිල්ලා ආපහු තණ්හාව හරහා පරිග්ගහයට ගිහින් රවුම සම්පූර්ණ වෙනවා.
එතකොට ඒ පරිග්ගහය හරහා ඒ නිත්‍ය කියන එක පරාමාසයේ ඇති වෙනවා කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. අපි රූපයක් දැක්කම අපි එකපාරට ම මේ රූපයට, ඒ රූපයේ සාමාන්‍යයෙන් තියෙන්නෙ සුභයක් නේ. නමුත් අපි ඒකට සුඛයි කියනවා. මනසින් විඤ්ඤාණයෙන් ඒ reverse වෙලා එන විශාල පාරක් තියෙනවා ඒකෙන් සුඛයි කියන එක කියනවා, අත්තා කියනවා, නිත්‍යයි කියනවා. එකපාරට ම රූපයක් දකිනකොට ඕකයි තියෙන්නේ. ඒ විදිහට ම ඒ නිත්‍ය කියන එක පරාමාසයට ම ඇතුල් වෙලා තියෙනවා. එතකොට ඒ නිත්‍ය පරාමාසයට ඇතුල් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ රසට කාලා ජීවත් වෙනවා යැයි එය පවතිනවා යැයි පරාමාසගත වෙලා තියෙනවා නම් ඒ නිසා අපිට සෝකය කියන එක ඇති වෙනවා.
මේක ඇස නිසාත් රූප දැක සතුටු වී ජීවත් වෙනවා යැයි, එය පවතිනවා කියලා, පරාමාස වී ඇති නම් නම් ඒ නිසා සෝකය ඇති වෙනවා. ඉතිරි ඉන්ද්‍රියන් මේ විදිහට ම විමසන්න ඕන කියන එක තියෙනවා. එතකොට ඕක හරියට තේරෙනවා ඒ අවස්ථාවේ දී දැන් සාමාන්‍යයෙන් පුද්ගලයකුට, අම්මා කෙනෙක් පුතා කියලා කතා කරනවා. අක්කා කෙනෙක් මල්ලි කියලා කතා කරනවා. බිරිඳත් තව විදිහකට කතා කරනවා. දරුවා තාත්තා කියලා, ඒ විදිහට කතා කරනවා. මේ මනෝමය කායෙන් ඉන්න මනුස්සයාට මේවා ඔක්කොම නැහැ. එයාට අර එහෙම කතා කළා වූ දේවල් ගැන හැඟීම් සම්භාරයක් විතරයි තියෙන්නේ. එතකොට පේනවා, අපි හිතනවට වඩා කොයි තරම් මේවා අපේ බැහැලා තියෙනව ද, ඒවා නිත්‍ය කියලා අරන් තියෙනව ද, මේවා ඔක්කොම නැති වුණා ම කොයි තරම් ද කියලා.
එතකොට ඕක තේරෙනවා නම් විමුක්තිය කියන එක, එකපාරට ම මෙතන ඇති වෙනවා. මේ සෝකය භාවනාව බොහොම ගැඹුරුයි. එතකොට ඊළඟට රහතන් වහන්සේ පෙන්නනවා යම්කිසි දුස්සීලභාවයක් වී ද එයට ඡන්දරාගය ඇත්තේ, ඊයේ භාවනාවේ දී ඉගෙන ගත්ත නේ, දුස්සීලභාවය පැවතිය නොහැකි නම්, ඒ නිසා ම සෝකය ඇත. දුස්සීලභාවය පවත්වන්න බැරි එක ගැන දැන් සෝකයක් තියෙනවා.
මේකට උදාහරණයක් වශයෙන් කුකුළන් මරා ජීවත් වන පුද්ගලයා, එම සතුන් මැරීමෙන් යම් සන්නිපාතයක් උණ ගැනීමක් වී ද එය නොලැබේ ද, එමනිසා සෝක කරයි. ඔයගොල්ලෝ අහල තියෙනවා අර මනුස්සයෙක් සිල් අරගෙන එන විට ඉබ්බා පුච්චනවා දැකලා, ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට, අපට මොකද අප දස සිල් උපාසක. ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට, කියලා කිව්වයි කියලා තියෙනවා නේ ද? අන්න ඒ වගේ තමයි.
පාණාතිපාත කරලා ඒක පාණාතිපාතය මෙන්න මේ විදිහට කරන්නයි කියලා අන්න ඒ වගේ තත්වයක් තමන්ගේ ඇති වෙලා තියෙනවා. එතකොට අර උණ ගැනීමක් තියෙනව ද, ඒ නොලැබේ ද, ඒක නිසා සෝක කරනවා. මෙවැනි අවස්ථාවක් දැඩි කොට ගන්නේ නම් මනෝමය කාය මගින් අපාය තිරිසන් ලෝකය වැනි තැනකට වුව ද යෑම සිදු විය හැක. ඒකත් සිද්ධ වෙන්න පුළුවන් එතන ඒ අවස්ථාවේ දී. මේ ප්‍රශ්නය මෙතනින් නිමාවට පත් නොවේ. පරිදේවය අධික ලෙස බලපායි. කෙසේ ද? විඤ්ඤාණ ආහාරය ම වළඳන බව ඊයේ ඉගෙන ගත්තා අපි. එහෙම නම් ඒකෙ යම්කිසි ගෙවීමක් වැය වීමක් වේ ද, කස පහර වදින්නකු යම් ලෙස එම කස පහර මගින් පීඩා විඳින්නේ ද, මනෝමය කායෙන් සිටින්නකු දෙගුණයක් පීඩා විඳී. විඤ්ඤාණ ආහාරය වැය වීම එකක්. එය නැවත නොලැබීමෙන් විඳින්නා වූ වේදනාව තව එකක්. දෙකක් තියෙනවා එයාට.
ඊළඟට උපායාසය. උපායාසය අධිකයි. සිත නවතා ගැනීම කියන එක කළ නොහැකි පමණට දරුණු වී ඇත. කුමක් නිසා ද? යම් ධර්මයක් පෙර ගත්තා ද එය නැත. දුර්වල වූ සඤ්ඤා අර even path, odd path කියලා අපි සලකලා බලලා තියෙනවා ඉස්සර, ඒ even path ඔස්සේ උපායාසය දක්වා පැමිණෙන බව අපි දන්නවා.
මේකෙදි දුර්වල වූ විඤ්ඤාණය නිසා වන දුර්වල වූ සඤ්ඤාවල්ට එකතු වෙලා තියෙනවා, විඤ්ඤාණය නිසා වන දුර්වල සඤ්ඤාවලට ම එකට එකතු වෙලා තියෙනවා. එනම් සඤ්ඤා ජරා, වේදනා ජරා, සංස්කාර ජරා, 7.7 උපායාස සහ එයට අමතරව විඤ්ඤාණයේ ජරාවත් එකතු වෙලා තියෙනවා. ඉතින් කෙනෙකුට පේනවා, ඒ විඤ්ඤාණය ජරා කිව්වම, දිට්ඨි බිඳිලා නේ. මැරිච්ච මනුස්සයාට පේනවා නේ ඉතින් දිට්ඨිය හොඳට ම බිඳිලා. එනම් නැවත එම විඤ්ඤාණය සැකසීමට ඇති හැකියාව විය වී, ගෙවී යන්නේ එය ද, එකතු වන්නේ ය. මෙසේ මනෝමය කායේ දුක්ඛය දත යුතු ය. ඒ තරම් ගැඹුරට යනවා. මේ භාවනාව කළහම විමුක්තියේ ම තමයි ඉන්නේ. ඔක්කොම විමුක්තීන්වල ඉන්නේ. සිත නතර වෙනවා. භාවනාව කරගන්න බැරි වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.