ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කරලා බැලුවේ ධර්ම නියාමයක්. කුමන ධර්ම නියාමයක් ද? යම් මගඵල ලාභියෙක් මිය ගොස් මනෝමය කායකින් ඉන්න අවස්ථාවක කෙසේ නම් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව මතු වන්නේ ද යන්නයි. කුමන පථයක් නිසා මෙය වේ ද යන්න පළමුව විමසා බැලුවා. පථය වශයෙන් පේනවා. චේතනා, පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, විඤ්ඤාණය, අත්තවාද උපාදානය. එතකොට මේක හරි ලස්සනයි. රහතන් වහන්සේ කිව්වේ මේක සිදු වන්නේ ජීවිත ඉන්ද්‍රිය හරහායි. යම් ඵල චිත්තයක් වේ ද එය ජීවිත ඉන්ද්‍රියේ ගැබ් ගනී, එහි යම් මතු වීමක් වේ ද, එමගින් ශ්‍රද්ධාව ම ඇති වේ කියලා.
එතකොට ඔය පථය මනුස්සයකුට එකපාරට ම තේරෙන්නේ නෑ. මගඵල ලාභියාගේ චේතනාව මොකක් ද? මම නිර්වාණයට යමි. ඒක තමයි චේතනාව තුළ තිබෙන්නේ. එහෙනම් එයාගේ පෙර චේතනාව ඔන්න ඕකයි. ඊළඟට චේතනාවෙන් පරාමාසය. චේතනාව ළඟ අපි වරහනක් ඇතුළේ දාගන්න ඕන නිවනට යමි, කියන එක. මේ චේතනාවෙන් පරාමාසය පිරිසිදු වෙනවා. පරාමාසයේ තියෙන්නේ මොකක් ද? සුඛයි කියන එක. චේතනාවේ තිබුණේ මොකක් ද? ඵලය කියන එකේ තිබුණේ මොකක් ද එතන, නිවනට යමි, කියන කතාවේ? එයා තේරුම් ගන්නවා ඵලය ලබනකොට, භව පච්චයා ජාති, ජාතිය දුකයි. ඕක නේ එයා තේරුම් ගන්නේ. එහෙම නම් දුකයි කියලා තේරුම් ගැනීම නිසා පරාමාසයේ තිබුණා වූ සුඛයි කියන එක සුද්ද වෙනවා. පිරිසිදු වෙනවා. එතකොට එතනින් ඒක යනවා මනෝමය කායේ ජීවිත ඉන්ද්‍රියට. අන්න ඒ ජීවිත ඉන්ද්‍රියෙන් තමයි අර ශ්‍රද්ධාව මතු වීම කියන එක සිද්ධ වෙන්නේ. මෙතන ඉන්න පුළුවන් පැයක් වුණත්. ඔය අදහස ඔය විදිහට කෙනෙක් අවබෝධයෙන් තමන්ට තේරෙනවා නම් මේ කියන්නේ මොකක් ද කියන එක එහෙම්ම ම ඉන්න පුළුවන්.
එතකොට යම් චේතනාවක් වී ද, එම චේතනාවට උදව් දෙන්නා වූ, රුකුල් දෙන්නා වූ, කුසල සඤ්ඤාවෝ වඩා ඇති ද, එමගින් පරාමාසය පිරිසිදු කරමින් ජීවිත ඉන්ද්‍රිය හරහා විඤ්ඤාණය සකස් කිරීම සිදු වන්නේ ය. මෙවන් වූ අරිය ශ්‍රාවකයකු තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, යන ගුණයන් කොපමණකට දියුණු කර ඇති ද, ඒ අනුව උපදින්නා වූ භූමිය තීරණය වන්නේ ය. ප්‍රඥාවෙන් අධිකවන්නකු අකනිට්ඨ බ්‍රහ්ම තලයේ ඉපදීම වන්නේ ය. සමාධියෙන් අධිකවන්නකු සුදස්සී බ්‍රහ්ම තලයේ ඉපදීම වන්නේ ය. සතියෙන් අධිකවන්නකු සුදස්ස බ්‍රහ්ම තලයේ ඉපදීම වන්නේ ය. විරියෙන් අධිකවන්නකු ආතප්ප බ්‍රහ්ම තලයේ ඉපදීම වන්නේ ය. ශ්‍රද්ධාවෙන් අධිකවන්නකු අවිහ බ්‍රහ්ම තලයේ ඉපදීම වන්නේ ය. සුද්ධාවාසවල ඉපදීමට තරම් දියුණුවක් ලබා නොමැති අයකු ස්වකීය ප්‍රඥාවන් අනුව අන් වූ භූමියන් තෝරා ගන්නා අතර සුද්ධාවාසවල ඉපදීමට තරම් දියුණුවක් ලබා ඇති අය ද, සුද්ධාවාසවලින් බාහිර වූ බ්‍රහ්ම තලවල ඉපදීම ද විය හැකියි.
ඵල චිත්තයන් ඉතා ඉක්මනින් නැංවීමේ හැකියාව, අකනිට්ඨ බ්‍රහ්ම ලෝක වාසීන්ට ඇත. සමාධිය ඉක්මනින් නැංවීමේ හැකියාවක් සුදස්සී බ්‍රහ්ම ලෝක වාසීන්ට ඇත. මෙසේ ඉතිරි තල තුන ද දත යුතුයි. ඊයේ භාවනාව හා සම්බන්ධ වන්නේ, උපායාසයේ දී සඳහන් කළ කරුණු ගැන මනා වූ අවබෝධයක් ඵල ලාභියාට මතු වන්නේ ය. විශේෂයෙන් ම අපි ඊයේ කිව්වා යම් ධර්මයක් පෙර ගත්තා ද එය නැත. දුර්වල වූ සඤ්ඤා even පථය ඔස්සේ උපායාසය දක්වා පැමිණෙන බව අපි දන්නවා. මෙහි දී දුර්වල වූ විඤ්ඤාණය නිසා වන දුර්වල වූ සඤ්ඤාවට එකතු වී ඇත. එනම් සඤ්ඤා ජරා, වේදනා ජරා, සංස්කාර ජරා, 7.7 සහ ඊට අමතරව විඤ්ඤාණ ජරාව ද එකතු වී ඇත. එනම් නැවත එම විඤ්ඤාණය සැකසීමට ඇති හැකියාව විය වී ගෙවී යන්නේ එය ද එකතු වන්නේ ය කියලා ඊයේ ඉගෙන ගත්තා. අන්න ඒ කොටසට හිත යොමුවන්න ඕන.
එතකොට ධර්මය වශයෙන්, දැන් එතන අපි පෙන්නුවා නේ, යම් ධර්මයක් ගත්තා ද කියලා. ධර්මය වශයෙන් තථාගත ධර්මය ඵල ලාභියා ගනී. අනිත් අය chemistry, physics, mathematics, engineering කියලා මේ සංසාරයේ යන්න ගන්නවා කියන එක, ඵල ලාභියා තථාගත ධර්මය ගන්නවා. ඒ path එකේ. එම ධර්මය ලබාගත හැකි තැන්වලටම තමයි මනස යොමු වේ. සිත පිහිටුවයි. අපාය වැනි තැන්වල එවැනි ධර්මයක් නැත්තේ, එහි නොයයි. මේ නිසා ඵල ලාභියා දුගතියේ නූපදී. ඵල චිත්තය, සමාධිය, සති, විරිය, ශ්‍රද්ධා නැංවීමේ හැකියාවන් අනුව ඒ ඒ භූමීන් ඔහුට විද්‍යාමාන වෙයි. ඔහු එහි ඉපදීම සිදු වෙයි.
උදාහරණ වශයෙන් ඵල චිත්තය ඉක්මනින් නැංවිය හැකි නම් අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ ඔහු උපදී. ශ්‍රද්ධාව ඉක්මනින් නැංවිය හැකි නම් අවිහ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව භූමිවල ඉපදීම කියන එක තියෙනවා. එයාට පේනවා ඒ අවස්ථාවේ දී ආලෝකයන්, ඒ තලයේ ඉන්නා වූ, අනිත් අයගෙන් පිටවෙන්නා වූ, ආලෝකය එයාට පේනවා. එයා තමන් නංවලා තියෙන්නේ කොයි range එකට ද මනස එයාට පේනවා. එතකොට එයාට ඒකට යන්න පුළුවන් කියන එක තියෙනවා. ඒක හරි ලස්සනයි ඒ scene එක.
ඒක තමයි මං කරපු භාවනාව.