Date: 04/04/2016 Name: Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ අවස්ථා තුනක්. පළවෙනි එකට ගත්තොත් පරාමාසකාය තුළට ගැබ් ගෙන ඇති සුඛ සඤ්ඤාව ඉවත් වන්නේ මගඵල ලාභියා කෙසේ ඉපදෙන්නා වූ තලය සොයා යන්නේ ද? දෙවෙනියට එසේ ගියා වූ ඔහුට ප්‍රදේශයක් සොයා ගැනීම කෙසේ වන්නේ ද? තුන් වෙනුව ඉපදීම වන විට පිරිනිවන් පෑම පිණිස කෙසේ පදනම සැකසෙන්නේ ද?

පළවෙනි එක බැලුවොත් ඊයේ භාවනාවේ දී ඒ තමා යන්නා වූ ප්‍රදේශවල සිටින්නා වූ සත්වයන්ගෙන් නිකුත් වන්නා වූ ආලෝකය ස්වභාවය නිසා එම භූමීන් දැනගන්නා බව අපි ඉගෙන ගත්තා. එවන් වූ භූමීන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් දක්නේ නම් කුමක් භාවිතා කර ඉපදීමට සුදුසු භූමිය තෝරා ගනී ද? පිරිසිදු වූ සඤ්ඤාව ම භාවිතා කරයි. යම් අයකු අනිත්‍ය සඤ්ඤා මනා කොට වඩා ඇති ද ඔහුට එවන් සත්වයින් සිටින භූමීන්ගෙන් නිකුත් වන ආලෝකයන් අන් ආලෝකයන්ට වඩා ප්‍රබලව දැනෙන්නේ, විද්‍යාමාන වන්නේ එම ප්‍රදේශවල ඉපදීමට තුඩු දේ. අනත්ත සඤ්ඤා මනා කොට වඩා ඇත්ද එම ප්‍රදේශ විද්‍යාමාන වන්නේ එම භූමීන් කරා ගමන් කරයි. දුක්ඛ සඤ්ඤාව මනා කොට වඩා ඇති ද එම ප්‍රදේශ විද්‍යාමාන වන්නේ එම භූමීන් කරා ගමන් කරයි. අසුභ සඤ්ඤාව මනා කොට වඩා ඇති ද සුභකින්න දෙවියන් අතර මෙත්තා සිත් ඇතිව උපදී. මෙසේ ඉපදෙන තලය ද ප්‍රදේශය ද තෝරා ගනු ලබයි.

ඊළඟට අපිට එහෙම නම් තුන් වැනි කාරණය තමයි බලන්න තියෙන්නෙ ඒ කියන්නේ ඉපදීම වන විට පිරිනිවන් පෑම පිණිස කෙසේ පදනම සැකසේ ද කියන එක. සුද්ධාවාසයක ඉපදෙන්නේ නම් එහි බහුතරය නිර්වාණය ම පතන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ නිවන පිණිස පදනම එහි ම සැකසේ. සුද්ධාවාසයකින් තොරව ඉපදෙන්නේ නම් ප්‍රශ්නය දික් විය හැකි ය.

ශුන්‍ය වූ බ්‍රහ්ම තලයක ඉපදෙන්නේ නම් ඉතා දිගු කාලයක් ගත කර පසු කාලයක සුද්ධාවාසයක ඉපදීම මගින් ම පිරිනිවන් පෑම සිදු වේ. තථාගතයන් වහන්සේ වඩින්නා වූ බ්‍රහ්ම තලයක් හෝ සුද්ධාවාසවාසී රහතන් වහන්සේලා වඩින බ්‍රහ්ම තලයක් හෝ වන්නේ නම් එම ක්‍රමයෙන් පිරිනිවන් පෑම පිණිස පදනම සැකසේ.

යම් තලයක ඉපදෙන මගඵල ලාභීන් ඉපදීමට පෙර මනෝමය කායෙන් සිටින්නේ නම් එම සෑම දෙනා ම පරිග්ගහය තුළ ඇති ධර්මයන්ගේ ගිලිහීම, තුනී වීම, සිදුවීමෙන් අනතුරුව චේතනාවෙන්, ඊයේ භාවනාවේ දී වටහා ගත් අයුරින් ජීවිත ඉන්ද්‍රිය තුළට ඵල චිත්තය ගැබ් ගන්නේ ඔවුන් පරිග්ගහය හරහා වන ක්‍රියාවලියට යටත් නොවේ.

මේ භාවනාව කරනකොට, හරි පුදුමයි ඒ විදිහට කෙනෙක් අනිත්‍ය සඤ්ඤාව වැඩුවහම මෙනෙහි කළහම මෙහෙමයි කියලා එතකොට අර තමන්ට ඒ ප්‍රදේශයන් කියන එකේ පෙනීම තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රඥා විමුක්තිය එතන නැංවුණා නම් ඒ අනුව ඒ ප්‍රඥා විමුක්ති ප්‍රදේශයන් තමයි විද්‍යාමාන වන්නේ. ඒ වගේ ම අපි දන්නව නේ ප්‍රඥා විමුක්තිය සමාධිභාවනා සූත්‍රය සමුදය අස්තංගමය බැලීමෙන් ඒක වෙනවා. ඒ විදිහටයි මේ භාවනාව කරන්න ඕනේ. එතකොට අනත්ත සඤ්ඤාව කියන එකේ ගිරිමානන්ද සූත්‍රයෙන් පටන් ගන්න පුළුවන්, චක්ඛුං අනත්තා රූපං අනත්තා සොතං අනත්තා, ඉතින් එහෙම ගිහිල්ලා අපි සබ්බාසව සූත්‍රය ඉගෙන ගත්තා, මොකක් ද මේ චක්ඛු අනත්තා රූපං අනත්තා, කියන්නේ කියලා. ඒ සබ්බාසව සූත්‍රය කරපු භාවනාව දක්වා කෙනෙකුට එතනින් එන්න පුළුවන් ඒකෙ වටහා ගැනීම කියන එක.

ඉතින් එතැන දී තමන්ට පේනවා තමන් අර ආකිඤ්චඤ්ඤායතනය අනත්ත වීම කියන එක ඇති වෙලා තමන්ට චෙතො විමුක්තිය සහගතව ඇති වෙන්නා වූ අනුව ඒ ප්‍රදේශය කියන එක. එතකොට දුකයි කියලා මෙනෙහි කළා නම් අප්පණිහිත චෙතො විමුක්තිය දක්වා ම තමන්ගේ එතන තියෙනවා නේ. එතකොට තමන්ටත් ඒක ඔළුවෙන් දැනෙනවා ඒ ප්‍රදේශවල ඉන්නා අයගේ නිකුත් වෙන්නා වූ ඒ කිරණය කියන එක තමන්ටත් සුඛ ස්වභාවයක් ඒ විදිහට තියෙනවා. ඊළඟට අසුභ සඤ්ඤා මනා කොට වඩනවා නම් අපි දන්නව නේ අපපමාණං සුභාවිතා කියලා කිව්වේ එතකොට ඒ විදිහට සුභකින්න දෙවියන් අතරේ මෙත්තා සිතැතිව ඒ අය පේනවා කියන එකකුත් තියෙනවා. හරියට ඒක කරපු කෙනාට. එතකොට මේ විදිහට තලය ප්‍රදේශය කියන එක තෝරගන්න පුළුවන්.

ඉතින් දැන් ඔය තල ටික පේනවා, අර empty brahma world එකක ඉන්නවා කියන එකත්, හතර දෙනෙක් ඉන්න එකක් මම දැක්කා. ඒ හතර දෙනාගේ ආලෝකය ඒකෙ පැතිරෙනවා ඉතින් එච්චර තමයි. බ්‍රහ්මයෝ හතර දෙනෙක් empty brahma world එකක ඉන්නවා ඒකත් මම දැක්කා.

ඒක තමයි මං කරපු භාවනාව.