Date: 05/04/2016 Name: Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමති වන්නේ ය. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදීම සිදු වුණා නම් නැවතත් ජරාව වන්නේ ය. එයින් පීඩා වන්නේ ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුව ය. අත්ත සඤ්ඤා නිසා සැකසෙන විඤ්ඤාණය මගින් පදුට්ඨමනසඞ්කප්පය දික් කරන්නේ ජරාව දක්වා පැමිණේ. ජරාවට ජිගුච්ඡති.

තණ්හා පපඤ්චය නිසා ඇති වන ජරා වේදනා අසම්පජාන රේඛාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. චේතනා කර සංස්කාරයන් කරයි. කර්ම රැස් කරයි. පදුට්ඨමනසඞ්කප්පය ජරාවට පැමිණෙන්නේ ඉහළ සංස්කාර කොටුව හරහා ය. එම සංස්කාරයන්ට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මෙම සංස්කාරයන් විෂයයෙහි අනිත්‍ය සඤ්ඤාව පවත්වන්නේ නම් මෙම දුක්ඛය අවසන් වේ ද? නැත. හේතුව පහළ සංස්කාර කොටුව මගින් ඇති වන්නා වූ පරිග්ගහය මගින් පවත්වන්නා වූ පෙර සංස්කාර නිසා චේතනා වීමෙන් නැවත උත්පත්තිය සාදා ගනී.

ඔය අවස්ථාවේ දී අපි ඉගෙන ගත්තා, චේතනාව කියන්නේ කාමයෙහි සංයුක්ත වීම කියන එකයි. අර අතීත සංස්කාරයන් නිසා ඒ සංකල්පය හරහා. මෙම සංස්කාරයන්ට ද අට්ටීයති, හරායති, ජිගුච්ඡති වශයෙන් මෙනෙහි කළා. එනම් පෙර පාණාතිපාතය කළා, අදින්නාදානය කළා, යැයි එමගින් ජීවත් වීමට ඇති ඇල්ම ඡන්දරාගය පහ කළ යුතු ය. ඒක හරි ලස්සනට තේරුණා. අනාගතේ එවන් සංස්කාර භාවිතා කර ජීවත් වීමට ඇති ඇල්ම පහ කළ යුතු ය. එනම් ඡන්දරාගය දුරු කළ යුතු ය.

දැන් කරන්නා වූ සංස්කාර විෂයයෙහි ඇති ඇල්ම පහ කළ යුතු ය. ඡන්දරාගය දුරු කළ යුතු ය. මෙසේ පිරිනිවන් පෑම සිදු කළ හැකි බව වැටහුණා. සිත විශාල වෙලා නතර වීම කියන එක සිද්ධ වුණා. හරි ලස්සනයි ඒ භාවනාව.

ඒක තමයි මං කරපු භාවනාව.