ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එහි දී අවසානයට වටහා ගත් අතීත වේවා, දැන් කරන්නා වූ වේවා, අනාගත වේවා, සංස්කාරයන් කෙරෙහි ඡන්දරාගය පහ කළ යුතුයි, යන අවබෝධයට නැවතත් පැමිණියා. ඒ විදිහට ම භාවනාව කළා.
තණ්හාව නිසා ලාභ වශයෙන් ගෙන විනිශ්චය කර ඡන්දරාගය ඇති කර ගනියි. මහානිදාන සූත්‍රයේ පෙන්නනවා. තණ්හාව ඇති වන්නේ වේදනාව නිසා ය මෙම වේදනාව සුඛ වශයෙන් ගත්තේ ය. මෙය වරදවා වටහා ගැනීමකි. සත්‍ය වශයෙන් ම ඇත්තේ දුක්ඛයයි. සුඛය නිසා අත්තා යැයි වරදවා වටහා ගත්තේ ය. සත්‍ය වශයෙන් ම ඇත්තේ අනත්තා යන්න ය. අත්තා වශයෙන් ගන්නේ එමගින් නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණගත විය. සත්‍ය වශයෙන් ම ඇත්තේ අනිත්‍යයි. මෙම තුන් ධර්මයෝ එනම් සුඛ, අත්තා, නිත්‍ය යන්න සුභය නිසා හටගත්තේ ය.
මෙය සබ්බාසව සූත්‍ර diagram එකත් එක්ක සම්බන්ධ වෙලා, කරකැවීම වටහා ගන්නේ සිත නතර වුණා. සබ්බාසව තුන් වන එකේ මතකයි, උඩ ධාතු පහළ රතු පාටට, වේදනා, පරාමාස, භය අගති. පහළ base එකේ තියෙනවා දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කාම, ආශ්‍රව. මේක කරකැවීම, අර උඩ ධාතු මේක කරකැවීමෙන් තමයි මේ කතාව සිද්ධ වෙන්නේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්