ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ ඊයේ භාවනාවේ දී සඳහන් කළ විනිශ්චය. කුමක් විනිශ්චය කරන්නේ ද? සුඛ යැයි විනිශ්චය කරන්නේ ය. අත්තා යැයි විනිශ්චය කරන්නේ ය. පවතිනවා යැයි නිත්‍ය වශයෙන් විනිශ්චය කරන්නේ ය. මෙසේ විනිශ්චය කර ඡන්ද රාග ඇති වීම, භය අගති, වේදනා, රූප රේඛාව කරකැවීම ලෙස වටහා ගත යුතු ය.
ඒක කැරකැවුණාම අපි දන්නවා අර ජරා වේදනා අසම්පජාන රේඛාවට එනවා. ඊට පස්සේ ජාති වේදනා චේතනා රේඛාවට එනවා. දිට්ඨි අනුසය හරහා රූපයට සුඛ යන්නත් නිත්‍ය යන්නත් එළඹ කරයි. එහි නිත්‍ය යන විනිශ්චය ප්‍රධාන වන්නේ ය. 47° පමණ කරකවන්නේ අසම්පජාන වන්නේ, ජරා වේදනා අසම්පජාන දක්වා පැමිණෙන්නේ දිට්ඨි අනුසය අවස්ථාවේ දී හටගත් සුඛ යන මතය තහවුරු කරයි. මෙසේ සුඛ යන විනිශ්චය ඇති වේ.
මෙම රේඛාව, ජාති වේදනා චේතනා දක්වා යන්නේ දීවීම වන්නේ අත්තා යන්න සනාථ කරමින් විනිශ්චය වන්නේ, රාග අනුසය හරහා ඡන්ද රාගය වන්නේ ය. මෙම භාවනාව 05/04/2016 විමුක්ති භාවනාව ඒ කියන්නේ පෙරේදා භාවනාව සමඟ සම්බන්ධ කර, විමසා බලන්නේ. පෙරේදා ඉගෙන ගත්තා වූ භාවනාවෙදි, පාණාතිපාත වැනි සංස්කාරයන්ට ඇති ඇල්ම පහ කළ යුතු ය. ඡන්දරාගය දුරු කළ යුතු යැයි මනස නංවන්නේ චෙතො විමුක්තිය ඇති විය. කුමක් නිසා ද? අත්තා යන්න සනාථ කරමින් විනිශ්චය කර ඇත්තේ මෙම සංස්කාරයන් ම බව වැටහීම නිසා ය. මෙම සංස්කාර නිසා අත්තා වීම ම ඡන්දරාගය වන්නේ ය. මෙහි දී නිරෝධය ඇති විය. “සඞ්‌ඛාරො අත්තතො උපාදාය, දුක්‌ඛස්‌සන්‌තං කරිස්‌සන්‌ති, ඨාන නමේතං නවිජ්ජති.” ගාථාව මතක් වුණා.
මෙසේ ටික වේලාවක් විමුක්ති සහගතව සිටීමෙන් පසුව ඊයේ භාවනාවේ දී අන්තිමට සඳහන් කළ ධාතු කොටස හා සම්බන්ධ විය. එතනදි අපිට පේනවා, ඉදංසච්චය සිට සංස්කාර හරහා භය අගතියට. භය අගතියෙන් වේදනාවට, වේදනාවෙන් ඇඟිල්ල දික් කරලා ධාතු. ඔය රූප කියන කොටසට එනවා. එසේ නම් ධාතු නිසා සංස්කාරවලට ම අපි ඇලීම වන බව වැටහේ. එසේ ඇති කරගත්තා වූ සංස්කාර නිසා අපි ධාතු වරදවා වටහා ගනී. “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාවේ ක්‍රමය නිවැරදි බව ඉතා හොඳින් වැටහුණා. ධාතු මගේ නොවේ යැයි ගන්නේ, එමගින් ඇති වුණා වූ සංස්කාර, මුසාවාද අතහරියි. මුසාවාද අත හරින්නේ සුභ සුඛ යන්න අතහරියි. මෙසේ අනුසය ද අතහරියි.
ඒක තමයි මං කරපු භාවනාව.