Date: 08/04/2016 Name: Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි විමසා බැලුවේ ලාභය. ලාභය නිසා විනිශ්චය කරන බව මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊයේ භාවනාව සමඟ විමසා බලන්නේ ධාතු සහ සංස්කාර යන යුගලය ම ලාභ වශයෙන් ගන්නා බව වැටහිණ. ලීයක් ලාභ වශයෙන් ගන්නේ වඩු කර්මාන්තය කරන අයෙකු ය. අන්‍ය පුද්ගලයකුට එය කරදරයකි. එනම් නිවනට යන කෙනෙකුට එය බාධාවක් විය හැක. මුවෙකු දැකීම ලාභ වශයෙන් ගන්නේ පාණාතිපාත කරන අයෙකු ය. අන්‍ය පුද්ගලයකුට එය කරදරයක් විය හැකියි. අන්සතු දෙයක් ලාභ වශයෙන් ගන්නේ අදත්තාදාන කරන අයෙකි. වස්තුවක් සුඛ වශයෙන් ගැනීම ලාභ වන්නේ මුසාවාදය කරන අයෙකුයි. මෙසේ දස අකුසලය ම බැලිය යුතුයි.

සියලු ධාතුන් ලාභ වශයෙන් ගන්නේ මිච්ඡා දිට්ඨි ඇති අයෙකුයි. ඔහු සුභ, සුඛ, අත්තා, නිත්‍ය වශයෙන් වරදවා වටහාගෙන ඇත.

මේ භාවනාව මෙහෙම කරගෙන යන්නේ, අධික වූ සමාධියක් ඇති විය. නොසැල් වේ. නිවනින් පිටත ගත යුතු අන් දෙයක් නැති බව වැටහේ. විමුක්තිය ද නිරෝධය ද ඇති වේ. මේ භාවනාවට සම්බන්ධ වෙන්න ඕනෑ, අර සබ්බාසව එකේ අපි අර රූපය අත්තා කියලා ගන්නේ, අත්ත සඤ්ඤාව නිසා නේ, රූපය ලාභයි කියලා ගැනීම කියන එක සිද්ධ වන්නේ. එතකොට ඒ අත්තා කියන එක ගන්නේ සංස්කාර අත්තා නිසා. එතකොට ඊයේ භාවනාවේ පෙන්නනවා නේ මේ දෙකට ම නේ ඇලීම කියන එක තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි මේ භාවනාව සිහි වෙන්න ඕන. හෙල්ලෙන්නේ නෑ සිත.

ඒක තමයි මං කරපු භාවනාව.