පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි 07/04/2016 නිබ්බාන භාවනාවෙදි විමසන ලද විනිශ්චය නැවතත් මෙනෙහි කළා. එහි දී සුඛ, අත්තා, නිත්‍ය වශයෙන් විනිශ්චය කරන බව අපි ඉගෙන ගත්තා. මෙම විනිශ්චය සඳහා කුමක් ආධාර වූයේ ද? කුමක් උපකාර වූයේ ද? පර්යේෂණය බව දත යුතුයි. පර්යේෂණය කියන්නේ සෙවීම. Seeking කියන එකයි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ.
කුමන පර්යේෂණයක් ද? දිට්ඨි පර්යේෂණයයි. කුමන දිට්ඨියක් ද? අත්තා යන දිට්ඨි පර්යේෂණය වන්නේ ය. මෙය 07/04/2016 භාවනාවෙදි සඳහන් කරපු, මතකයි අර රූපය කෙළවරින් ධාතුයි කියා ලියාගත්තා. ඊළඟට වේදනාව. පහළින් භය අගතිය. ඊළඟට ඉදංසච්චයේ සිට භය අගතිය දක්වා සංස්කාරය කියන එක. ඒකෙදි අපි ඉගෙන ගත්තා ධාතු නිසා සංස්කාරවලට ම ඇලීමත්, එසේ ඇති කරගත්තා වූ සංස්කාර නිසා අපි ධාතු වරදවා වටහා ගැනීමත් නිසා ඇති වූ, අත්තා යන දිට්ඨිය ම පර්යේෂණ වන්නේ ය. පර්යේෂණයට භාජනය වන්නේ ය, යොමු වන්නේ ය. කෙසේ ද?
මෙය bell shaped curve එකක් මෙන් ය. ඒ bell shaped curve එකේ අපි ඉගෙන ගත්තා A, B, C කියලා. එතකොට A වල ඉඳන් B දක්වා යෑම, ජාති. B වල ඉඳන් C දක්වා යෑම, ජරාව කියලා අපි සබ්බාසව එකේ එහෙම ඉගෙනගෙන තියෙනවා. මැද ඇත්තේ B, අත්තා යන දිට්ඨිය ම නේ ද? මාන වී මෙය කෙසේ පැවැත්විය හැකි දැ යි සිතයි. වම් කෙළවර A, ධාතු නිසා වන සුඛය. දකුණු කෙළවර C, එම ධාතු ගුණය වෙනස් වීම නිසා වන දුක්ඛයයි. මෙය සංස්කාර දුක්ඛතා ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ.
මොකද කෙනෙකුට පේනවා නේ එකපාරට ම, අපි අර ගත්තා නේ දැන් ධාතු එක පැත්තක, වේදනාව සිට භය අගතිය, අනිත් පැත්තට සංස්කාරය. ඔය හරියට ඕක අනිත් පැත්ත හැරෙව්වා වගේ තමයි මේක තියෙන්නේ දැන්. කෙනෙකුට පේනවා දැන් දකුණු පැත්තේ තිබුණේ සංස්කාරය, එහෙනම් අපි C කියන එකට සංස්කාර දුක්ඛතාවය ද බලන්නේ කියලා. එතකොට රහතන් වහන්සේ පෙන්නනවා ඒක සංස්කාර දුක්ඛතාවය ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ. එහි විපරිණාම දුක්ඛය ද, දුක්ඛ දුක්ඛතාවය ද අඩංගු වේ. එසේ වුව ද, සංස්කාර දුක්ඛතාවය මෙහි ප්‍රධාන ය. ලාභ වශයෙන් ගැනීමට මෙම සංස්කාරයෝ ප්‍රධාන වූ බැවිනි. පර්යේෂණයට යටත් වන්නේ, විනිශ්චය වන්නේ, examine කරන්නේ ලාභ යැයි ගැනීමට තුඩු දුන්නා වූ, ධාතු වරදවා ගැනීමට තුඩු දුන්නා වූ මෙම සංස්කාරයන් ම ය.
දස අකුසලය නිසා මිච්ඡා දිට්ඨිය වන බව අපි දනිමු. එසේ ම ධාතු වරදවා ගැනීම, ඒ කියන්නේ සුභ, සුඛ, අත්තා, නිත්‍ය කියලා ගැනීම නිසාත් මිච්ඡා දිට්ඨිය වන බව අපි දනිමු. එසේ නම් මිච්ඡා දිට්ඨිවලින් ලොකු ම දිට්ඨිය අත්තා යැයි ගැනීම ම පර්යේෂණයට, සෙවීමට, භාජනය වේ. යටත් වේ. එහි යම් දිනීමක්, ජය ගැනීමක් වේ ද එමගින් ලාභය ඇති වේ. මෙසේ සංසාරයේ සැරිසරයි. ඒ කියන්නේ කෙළවරවල් දෙක ගත්තහම පේනවා bell shaped curve එකේ වම් පැත්තෙන් යන්නෙත් මිච්ඡා දිට්ඨියට, දකුණු අත පැත්තෙන් යන්නෙත් මිච්ඡා දිට්ඨියට. ගිහිල්ලා හදාගත්තා මිච්ඡා දිට්ඨිය. ඔන්න අත්තා. ඒක තමයි අපේ පර්යේෂණය.
ඒක තමයි මං කරපු භාවනාව.