Date: 10/04/2016 Name: Maana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ මානය. අත්තා යන දිට්ඨිය ම සොයන බව ඊයේ භාවනාවේ දී ඉගෙන ගත්තා. අවසානයට ධාතු වරදවා ගැනීම නිසාත්, දස අකුසලය නිසාත්, මිච්ඡා දිට්ඨි වන බව සාකච්ඡා කළා. යම් මිච්ඡා දිට්ඨියක් වේ ද එමගින් දුස්සීලභාවයට පත් කරගෙන නැවතත් මිච්ඡා දිට්ඨි වන බවත්, එම දුස්සීලභාවයට ම අතිමාන වන බවත් වත්ථූපම සූත්‍රය advanced program එකේදි අපි ඉගෙන ගත්තා.

මේ අර්ථය ඊයේ භාවනාව හා සැසඳීමේ දී කෙසේ වැටහේ ද? එතකොට අපිට පේනවා bell shaped curve එක. ඊයේ භාවනාවේ දී අපි බැලුවේ අපි A, B, C කියලා ලියාගත්ත එක. අපි අද කියමු A2, B2, C2 කියලා. A2 කියලා කිව්වම හතර වන රවුම. B2 කිව්වම පස් වෙනි රවුම. C2 කිව්වම හය වෙනි රවුම. එතකොට අපි ඊයේ A කිව්වේ A2 කියන එක නේ. එතකොට ධාතු නිසා සුඛය. C2 කිව්වම ධාතු ගුණය වෙනස් වීම නිසා දුක ය. දැන් මෙතනදි අපිට පේනවා පස් වෙනි රවුම කිව්වම වේදනාව, සුඛය පරාමාස වුණා, එතනින් පහළට ආවා, අපි 5 අත්තා කියලා ලකුණු කරනවා. එතනින් දිට්ඨි අනුසයෙන් වේදනාවට තියෙන එක.

එතකොට පස් වැනි රවුමේ දී අත්තා වන බවත් එය ම සොයන බවත් අපි දනිමු. මෙම අත්තාට මාන වීම අපි විමසලා බලමු. දැන් අපි කිව්වා A2 ධාතු නිසා සුඛය. C2 එම ධාතු වෙනස් වීම නිසා දුක. සංස්කාරයන් දුක වන්නේ නම් කුමකට මාන වන්නේ ද? දුක නම් මොකට ද මාන වෙන්නේ. අතිමාන වූ දුස්සීලභාවය නිසා මාන වන්නේ ද නැතහොත් මිච්ඡා දිට්ඨියේ පැවතීම නිසා මාන වන්නේ ද යන ප්‍රශ්නය පැන නගිනවා. මොකට ද අපි මාන වන්නේ? පිළිතුර මේ දෙක ම නිසා ය.

දැන් අපිට පේනවා එහෙම නම් අර A2, B2, C2 කියලා ගත්තු එක දැන් එතන අත්තා. පස් වෙනි රවුම අත්තා, අපි ඒක චේතනාව කියලා ලියා ගනිමු B2 කියන තැනින් උඩ. ඒ කියන්නේ curve එක හැදිලා තියෙන්නේ B2 චේතනාව තියෙන තැන. මේක අත්තා නිසා මාන වීමයි. මේක යන්නේ වම් පැත්තේ සිට දකුණු පැත්තට forward direction එකට. Propagation එක. අලුත් වස්තුව නිසා ඇති වන්නක්.

ඊට පස්සේ අපිට ආපහු bell shaped curve එකක් ඇඳගන්න පුළුවන්, එතන bell shaped curve එකේ top point එකට අපි දානවා 5.3 විඤ්ඤාණ, reverse වෙලා එන එක. ඒ කියන්නේ a2 නිත්‍ය සඤ්ඤාව reverse වීම කියන එක. අන්න එතන bell shaped curve එකේ උඩ amplitude එක වාගෙ තියෙන්නෙ ඒ point එකට අපි දානවා සංස්කාරවලට අතිමාන කියලා. අර ඉස්සෙල්ලා අපි කිව්වේ අත්තා කියන එකට මාන වීම. සංස්කාරවලට අතිමානය. එතකොට ඒ කියන්නේ සංස්කාර නිසා ඇති වූ විඤ්ඤාණයට මාන වීම කියන එක. දැන් ඉතින් කෙනෙකුට මතක තියාගන්න පුළුවන් විඤ්ඤාණයේ ඉඳන් 5.3 චේතනා. ඊට පස්සේ චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා එනවා හය කියලා එහෙම ලකුණු කළේ.

එතකොට පස් වෙනි රවුමේ දී මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය නිසා අවිද්‍යා අනුසය සහිතව රූපය ඉස්සවීම මගිනි. අපි දන්නව නේ පටිඝානුසයෙන් උස්සනවා එහෙම කියලා. එතකොට a2 නිත්‍ය සඤ්ඤාව reverse වී පැමිණෙන්නේ 5.3 වන විට බව අපි දනිමු. එහි සංස්කාර නිසා මානයක් ඇත. 5.5 වන විට මෙම අගයන් දෙක මගින් එකක් මත තව එකක් ගොඩ නැංවීමෙන් මාන වන්නේ ය. එතකොට අර bell shaped curve එකේ එහෙම නම් ආපහු ඇඳෙනවා 5.5 අත්තා overlap වෙලා තියෙන එක. මේ පැත්තට එක curve එකක් ගියා මේ පැත්තෙන් තව එකක් එනවා. මේ දෙක එකතු වෙලා දැන් bell shaped curve දෙකක් එකට එකතු වුණොත් මොකද වෙන්නේ? වම් පැත්තෙ ඉඳන් එන එක දැන් C2 point එකයි අනෙක් curve එකක A point එකයි කියලා හිතන්න, දකුණු පැත්තෙ ඉඳන් එන එක. ඒ අගයන් දෙක එකට එකතු වෙනවා. වුණාට පස්සේ, අර උඩට අත්තා ම තමයි ඉන්නේ. Bold අත්තෙක් ඉන්නවා එතැන දෙපැත්තෙන් ඇවිල්ලා.

එතකොට මෙසේ සංස්කාර මිය ගියත්, පවතිනවා යන මතය පවතී. මෙම මානය උග්‍ර ය. මෙහි දී සොයන්නා වූ දේ ලැබුණා යැයි සතුටු වන්නේ ය. කුමක් සෙව්වේ ද? අත්තා යන මිච්ඡා දිට්ඨියයි. කුමක් නිසා සතුටු වන්නේ ද? කඩා වැටුණත් නැවත සෑදීමයි. දෙපැත්තකින් ඇවිත් වූවා යැයි මනා කොට සතුටු වන්නේ ය. බිඳිලා එන එකයි ඉස්සරහට යන එකයි.

උදාහරණ වශයෙන් ගන්නවා නම් යමෙක් යම් දෙයක් නැති වී දෝමනස්ස සහගතව සිටින්නේ තම ඥාතියකු ඔහුට නැති වුණ දේ නැවත ලබා දෙන්නේ සතුටු වන්නේ ද, මෙය ද එසේ ය. C2 කියන්නේ ධාතු වෙනස් වීම නිසා වන දුක්ඛය, විඤ්ඤාණය නමැති විජ්ජාකාර ඥාතියා විසින්, බිඳුණා වූ සංස්කාරය පවතිනවා ලෙස මවාපෑමක් ලෙස ගත යුතු ය. එහෙම නම් අපිට පේනවා C2 යන point එක සොයා ගැනීමට බැරි වන ලෙස සැඟවෙන්නේ නම් සතුටු වෙනවා. අර C2 කියන point එක හොයාගන්න බැහැ. අනිත් curve එක ආවට පස්සෙ දෙක එකතු වෙලා මේක උඩට ගියා. අර missing point එක කියන එක.

ඉතින් මේ භාවනාව කළහම කෙනකුට හොඳට කල්පනා වෙනවා වත්ථූපම සූත්‍රයේ triangles දෙක. මිච්ඡා දිට්ඨිය තැන ලිව්වේ මානය කියල නේ. Purple triangle එකේ ලිව්වේ මදය කියල නේ. මේ triangle දෙක එකක් මේ පැත්තට එනවා අනිත් එක දකුණු අත පැත්තේ සිට වමට එනවා. මතක ද අර මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවේ උද්ධච්චය නිසා මේක මෙහෙම එනවා කියලා. එකක් උඩ එකක් දෙපැත්තට යනවා කියන එක නේ මේකේ තියෙන්නේ. ඉතින් ඒක හොඳ ලස්සනට වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_VattupamaDiagrams/S_VattupamaDiagrams-13.jpg