Date: 11/04/2016 Name: Maana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විමසා බැලුවේ විඤ්ඤාණය බිඳුණු පසු, එනම් ගලේ වැදී කුඩු වුණු පසු, මෙම විඤ්ඤාණ ධාරාව කෙසේ පවතින්නේ ද යන්නයි. මෝහය නැමැති ගලේ වැදී කුඩු වෙන අවස්ථාව සිහි කළා. මේක අපි කලින් භාවනා කරලා තියෙනවා. අපි දන්නවා ඔය මෝහ අගතියේ ඉඳන් පරාමාස, එතන අපි ලියාගන්නවා, පෙර අගය, කියලා. ඔය ජල පහර කුඩු වෙලා තිබුණට නමුත් පවතිනවා කියන අදහස අත්තානුදිට්ඨිය මගින් ඇති වෙනවා, කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒක ඔය පරිදේවය හරහා line 6 එකෙන් ඇවිල්ලා අපි දන්නවා, සඤ්ඤාව දක්වා ඇවිල්ලා, පවතිනවා කියන එක තියෙනවා.

ඒ වගේ ම අපි ඉගෙනගෙන තියෙනවා. ඔය ස්පර්ශය ඉඳන් සඤ්ඤාව දක්වා පැවතිය හැකි ය කියලා. ඔතන අපි ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් ඔය රූපයේ සිට සඤ්ඤාව දක්වා විෂයයන් මේ විදිහට ස්පර්ශ කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඕක ඉගෙන ගත්තේ 24/07/2015 නිබ්බාන භාවනාවේ දී.

එතකොට මේක ඊයේ භාවනාවත් එක්ක සසඳලා බලන්නේ චේතනාවේ සිට විඤ්ඤාණය දක්වා ත්‍රිපීසියමේ උඩ කොටස මෙන් සැදුණා වූ අත්තා යන thick bar එක, සඤ්ඤාව දක්වා චේතනාවේ සිට අත්තානුදිට්ඨිය නිසා ම පළල් වන බව අපි වැටහෙනවා. ජල පහර කුඩු වී ඇති නමුත්, පවතිනවා යන අදහස අත්තානුදිට්ඨිය මගින් ඇති කරන බව, අපි ඒ 01/08/2015 නිබ්බාන භාවනාවෙදි අපි සාකච්ඡා කළා.

එතකොට ස්පර්ශයේ සිට සඤ්ඤාව දක්වා පැවතිය හැකියි යන අදහස පැමිණෙන බවත් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් රූපයේ සිට සඤ්ඤාව දක්වා විෂයයන් ස්පර්ශ කරන ආකාරය, ස්පර්ශය හරහා ම වටහා ගත්තේ, සියුම් වූ, තුනී වූ, bar එකක්, column එකක් ඉතා මහත් වූ, රළු වූ, column එකක්, මෙන් මානය පැතිරෙන්නේ ය. ඒ කිව්වේ ඒ අවස්ථා දෙකක්. සාමාන්‍ය පුද්ගලයාගේ එකයි නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ bar එකේ ස්වභාවයයි තමයි ඒ පෙන්නුවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ තියෙන්නෙ අර තුනී වෙච්ච bar එකක්. අනිත් එක්කෙනාගෙ බොහොම රළුයි.

එතකොට මේ අවස්ථාවේ දී 03/08/2015 දුක්ඛ නිරෝධ භාවනාව මෙන් විමසන්නේ, අවිද්‍යාව නිසා තණ්හා වීම වටහා ගන්නේ, මාන නොවන්නේ දුක්ඛ නිරෝධය කළ හැකි ය. එතන මතක ඇති අපි බලලා තියෙනවා ඔය ස්පර්ශය ඉඳන් සඤ්ඤාව දක්වා පැවතිය හැකියි, ඔය කාමච්ඡන්දයෙන් ඇති වුණා කියලා. ඒ වගේ ම සඤ්ඤාවේ ඉඳන් පහළට යන කෑල්ල පවතිනවා කියලා අර අවිද්‍යාව කියලා අපි ලකුණු කරගත්තා. පැවතිය හැකියි කියන එක නිසා තමයි අවිද්‍යාවෙන් උල්පත අපි විවෘත කරන්නේ. එතකොට අර වේදනාවේ ඉඳන් තණ්හාව දක්වා අර ඇතුළේ ඇති තණ්හාව, උල්පත හරහා ගලනවා.

එතකොට අවිද්‍යාව නිසා කරන සංස්කාරය තමයි, මේ උල්පත ඇරීම කියන එක. ඉතින් එතැනදිත් පේනවා නේ ආපහු අර waves දෙක පෙර මිච්ඡා දිට්ඨි අගයයි, දැන් මිච්ඡා දිට්ඨි අගයයි ආවා, දැන් ඔන්න ආපහු bar එක හැදුණා. ඉතින් හරි ලස්සනට පේනවා දැන් ඉතින් අර, තවත් සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේ ම මේ අර භාවනාව වටහා ගන්න එක 21/03/2016 නිරෝධ භාවනාවේ දී වටහා ගත් ආකාරයෙන් කරන්නත් පුළුවන්.

ඒකෙ මතකයි නේ අර ජාති ජරා ව්‍යාධි මරණ, 4.4, 5.3, 6.3, 8.2. ඊට පස්සේ අනෙක් පැත්තට එනවා විඤ්ඤාණයේ ඉඳන් චේතනාවට 5.3, චේතනාවේ ඉඳන් සඤ්ඤාවට 6, සඤ්ඤාවේ ඉඳන් රූපය දක්වා 8.

ඉතින් දැන් මෙතන දී එනකොට හරි ලස්සනට පේනවා, අර අපි කියන්නේ, අත්තනි වා රූපං, කියලා. ඒ කියන්නේ අහංකාරය නිසා හැදෙන කොටස. දැන් ඉතින් අර විදිහට අර waves දෙක හැදෙන හැටි හොඳට පේනවා.

ඉතින් මට මේක මේ විදිහට වැටහුණහම තථාගතයන් වහන්සේ මෙම wave එක සෑදෙන ප්‍රධාන වූ අරටුව සොයා ගත්තා නේ ද කියලා උතුම් වූ ශ්‍රද්ධාවක්, තථාගතයන් වහන්සේ කෙරෙහිත්, උතුම් අකනිට්ඨා මණ්ඩලය කෙරෙහිත්, අග්‍ර මහා ශ්‍රාවකයන් කෙරෙහිත්, මේ විදිහට ආදී වශයෙන් අනුපිළිවෙළින් ඇති වුණා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොයා ගත්තා මේ column එක මේ wave එකේ මේ column එක හැදෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන අරටුව. ඔය ගණිතය දන්න එක්කෙනෙකුට නම් fourier analysis එක්ක මේක බලන්න පුළුවන් අර igon values හොයා ගත්තා වගේ. ඒ වගේ එකක් තමයි ඒ තියෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg