ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. 6.4 නන්දිය පරාමාස වන අවස්ථාව හොඳින් සිහි කළා. 26/03/2016 විමුක්ති භාවනාවේ දී මෙනෙහි කළ ආකාරයෙන් තමයි මෙනෙහි කළේ. එතනදි අපිට මතකයි diagram එකක් වගේ ගන්නවා නම් අර සඤ්ඤාවේ ඉඳන් නාමරූප දක්වා එනවා, a2 නිත්‍ය සඤ්ඤාවේ බලපෑම අර reverse වෙලා එන එක. ඊළඟට වේදනාවේ ඉඳන් නාමරූප දක්වා නන්දි අගයෝ පැමිණීම තියෙනවා. ඊළඟට නාමරූපයේ ඉඳන් පරාමාසය දක්වා එතන අපි 6.4 කියනවා. ඒ නන්දි අගයෝ පරාමාසගත වීම. ඉතින් ඔතන අපි ලියාගත්තා දිට්ඨි අනුසය උදව් උපකාර කරනවා කියලා.
එතකොට a2 නිත්‍ය සඤ්ඤාව නාමරූප දක්වා පැමිණීමත් වේදනාව හරහා නන්දි අගයෝ නාමරූප දක්වා පැමිණීමත් දකින්නේ, එහි දී ත්‍රිපීසියමේ නාමරූප point එක හරහා bar එකක් column එකක් මෙන් වීම පේනවා. ඒ කියන්නේ අපිට පේනවා මේ අවස්ථාවේ දී කෙනෙක් ඇඳගන්නවා නම්, දැන් අර විඤ්ඤාණය කියන තැන අපිට හිතන්න පුළුවන් එතන පල්ලෙහා නිකම් තිත් රේඛාවකින් වගේ column එක තියෙන්නේ සංස්කාරවලට අතිමාන වීම. ඒක ත්‍රිපීසියමට අයිති නෑ දැන්. මේ වෙනකොට අපිට පේනවා, අපි හිතමු චේතනාව මැද තියලා ත්‍රිපීසියමක් අපි අඳිනවා නම් උඩ bar එක, ඒ bar එකේ එතකොට දකුණු අත පැත්තට එනවා අර c2 කියන එක නිසා ඇති වන column එක. මැද්දේ චේතනාවේ තිබෙන්නා වූ column එක තියෙනවා. ඊළඟට වම් කෙළවරට එනවා නාමරූප නිසා ඇති වෙන්නා වූ ඒ column එක. ඉතින් ඕක ගත්තහම ඔය වම් කෙළවර මේ අවස්ථාවෙදි සක්කාය දිට්ඨිය. මැද තියෙන එක සීලබ්බත පරාමාස, චේතනාවත් එක්ක එන එක. දකුණු කෙළවර සංස්කාර කියන කෙළවර අපි කතා කරනවා c2 කියලා කිව්වේ, ඒක විචිකිච්ඡා.
එතකොට ඒ කියන්නේ මේ දෙපැත්ත පවතින්නේ නැහැ නේ කියන එක තියෙනවා. හැබැයි propagate වෙලා යන්නේ අපි සක්කාය දිට්ඨි පැත්තෙන් එන්නෙ. 6.4 න් පසුව එනම් නන්දිය පරාමාසගත වීමෙන් අනතුරුව අහංකාරය වන්නේ ය. දැන්, අත්තනි වා රූපං, ලෙස මෙනෙහි කළ යුතු ය. එනම් සඤ්ඤා, වේදනා දක්වා column එක පැමිණීම වන්නේ ය. එතකොට මේ වෙලාවෙදි අපිට පේනවා ආපහු diagram එකක් ඇඳගත්තොත් ත්‍රිපීසියමේ උඩ අපි අඳින line එක, ඒ සඤ්ඤා, චේතනා. ත්‍රිපීසියම කියලා කිව්වට මේක curve එක වගේ තමයි අඳින්න වෙන්නෙ. සඤ්ඤාව දක්වා curve එක වගේ එනවා. චේතනාවේ සිට දකුණු අත පැත්තට බැහැගෙන යන curve එක වගේ.
එතකොට මෙතන දී වේදනා, සඤ්ඤා රේඛාව තමයි තමන් ගන්න ඕන. අන්න ඒක තමයි ඔය සක්කාය දිට්ඨිය. දැන් එතකොට ඊළඟට සීලබ්බත පරාමාසය කෑල්ලට එන්නෙ අර නාමරූපය තියෙන මැද්දේ bar එක. එහා කෙළවර විචිකිච්ඡාව, අර චේතනාවේ ඉඳන් පහළට එන එක.
දැන් මේකෙ පේන්නේ ත්‍රිපීසියම වගේ එක move වෙවී, move වෙවී, එනවා දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට එන හැටි පෙන්නන්නේ. මේක සිදු වෙන්නේ 7.4 වීමෙන් පසුවයි. 8.2 වන විට දිට්ඨි අනුසය හරහා රූපය සුඛ යැයි කියන්නේ, රාග සල්ලය හරහා රූප ස්පර්ශ කරන්නේ, ත්‍රිපීසියමේ වම් කෙළවර උඩ line එක ස්පර්ශය දක්වා පැමිණ column එක හැදෙනවා. දැන්, රූපං අත්තතො සමනුපස්සති, යන්න වැටහෙනවා. මෙසේ අත්තානුදිට්ඨිය නිසා රූපය තමා වශයෙන් ගැනීම සිද්ධ වෙනවා.
ඉතින් මේ වෙලාවේ, diagram එකක් හැටියට ගන්නවා නම් ත්‍රිපීසියමේ හරියට ම උඩ line එකේ මැද්ද සඤ්ඤාව. ඒකේ පල්ලෙහාට සීලබ්බත පරාමාසය කියලා තමයි අපි ඒක ලියාගන්න ඕන. එතකොට චේතනාව තියෙන්නෙ ඈත. දැන් අර නාමරූප කියලා අපි ලකුණු කරන තැන, සඤ්ඤාවෙන් දකුණු අත පැත්ත, අන්න එතන bar එක, ඇවිල්ලා විචිකිච්ඡාව. එතකොට එතන ඉඳන් ඔන්න බැහැගෙන යන curve එක ඇඳෙනවා. ඊළඟට සක්කාය දිට්ඨිය කියන එක අපි ලකුණු කරගන්නේ අර ස්පර්ශය කියන තැන. ස්පර්ශයෙන් එතැන bar එකක් හැදිලා තියෙනවා. එතකොට රූපය කියන එක තියෙන්නෙ වම් අත පැත්තේ.
එතකොට දැන් ඊට පස්සේ අපිට පේනවා යම් රූපයක් දක්නේ, එය හොඳ වශයෙන් පැවතිය යුතු බව සිතයි. අන්‍ය වූ තව රූපයක් දක්නේ, එය නරක වශයෙන් නොපැවතිය යුතු බව සිතයි. අනුරොධ පටිවිරොධ වෙනවා.
මෙහි දී සබ්බනිස්සග්ගය සිහි විය. විමංසා ඉද්ධිපාදය ඇති විය. මිච්ඡා දිට්ඨියට ම මාන වීම වැටහෙනවා. මෙසේ අවිද්‍යාව නිසා වන ධර්මය වැටහෙන්නේ උපෙක්ඛා අප්‍රමාණය කියන එක වෙනවා. අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවේ කෙළවරට පේන්නා වූ ටික, දැන් හොඳට පේනවා සබ්බනිස්සග්ගයේ ම පටන් අරගෙන යන්නා වූ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.