ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඊයේ සාදන ලද සක්කාය දිට්ඨි diagram වල slide 3 වල දී 5.5 අත්තා යනු සක්කාය දිට්ඨියයි. මේ වන විට සීලබ්බත පරාමාසය එහි දකුණු පැත්තට ලකුණු කර ඇති column එකෙන් නිරූපණය කරනවා. මෙහි ඇත්තේ 4.4 දී පරාමාස වූ සුඛය සංස්කාර නිත්යභාවයත් සමඟ එකතු වීමක් ය. එනම් 4.2 විඤ්ඤාණය මිය යතත් නිත්‍ය වශයෙන් වරදවා වටහා ගත්තේ ය. සක්කාය දිට්ඨිය තුළ ඇත්තේ එම නිත්‍යභාවය වන්නේ ය.
මෙය සුඛය නිසා ඇති වන්නා වූ නිත්‍යභාවය ලෙස වටහා ගත යුතු ය. Slide 4 වන විට 6.4 සාකච්ඡා කළා, round 6 step 4. මෙහි නන්දියත් 5.5 දී හටගත් අත්තා යන අදහසත් slide 3 වල සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනී වූ නිත්යභාවයත් සක්කාය දිට්ඨිය තුළ ගැබ් වන්නේ ය. එහි පරාමාස වන්නේ චේතනා අගයෝ ය. කුමන චේතනා අගයෝ ද? 5.5 දී සක්කාය දිට්ඨිය නිරූපණය කළ, සුඛය නිසා ඇති වන්නා වූ නිත්‍යභාවයයි.
එතකොට දැන් අපිට පේනවා, සක්කාය දිට්ඨියට, නන්දිය 5.5 අත්තා subtle නිත්‍ය කියන එක අපිට වැටෙනවා සක්කාය දිට්ඨියට ඔය අවස්ථාවේ දී. Slide 5 සාකච්ඡා කළ සක්කාය දිට්ඨිය තුළ ගැබ්ව ඇත්තේ අහංකාරය නිසා ඇති වන්නා වූ අතිමාන ස්වභාවය වන්නේ ය. මෙය තුළ සුඛ, අත්තා, නිත්‍යට අමතරව මානය පවතී. සීලබ්බත පරාමාසය තුළ නන්දිය, 5.5 අත්තා, අර සුලු නිත්‍ය subtle නිත්‍ය කියන අගයෝ නාමරූප ලෙස තැන්පත් වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ අර sweep වෙලා එනකොට අර සක්කාය දිට්ඨියේ තිබිච්ච එක සීලබ්බත පරාමාසයට යනවා.
එතකොට එහෙම නම් දැන් අපිට ඔය වෙලාවෙදි පේනවා දැන් සක්කාය දිට්ඨියට අහංකාරය, සීලබ්බත පරාමාසය තුළ නන්දිය, 5.5 අත්තා, සුලු වූ subtle නිත්‍ය අගයෝ තියෙනවා කියලා. Slide 6 වල සාකච්ඡා කළ සක්කාය දිට්ඨිය තුළ ගැබ්ව ඇත්තේ රූපයට සුඛ යන මතය පැවරීමක් ය. එම අගයන්ට රාග වීමත් ය. මෙය නන්දිරාග ලෙස හඳුන්වනු ලැබේ.
වම්මික සූත්‍රයේ ස්පර්ශය ඇති තැන ලකුණු කරන පංචකාම ගුණය සහ නම වෙනි කාරණයට පෙන්නන්නා වූ නන්දිරාගය දැන් හොඳින් වැටහේ. සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වී ඇත. එතකොට ඔය අවස්ථාව වෙනකොට අපිට පේනවා ඒ සක්කාය දිට්ඨියේ තියෙන්නෙ නන්දිරාගය. සීලබ්බත පරාමාසයේ තියෙන්නෙ අහංකාර කියන සඤ්ඤාව. ඉතින් මේ භාවනාවේ තනිකර උපෙක්ඛා අප්‍රමාණය දිගට ම ඉන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.