ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී විමසලා බැලුවේ, සැකය. ඊයේ භාවනාවේ දී පළමුවට ඉගෙන ගත්ත කාරණය වූයේ 5.5 අත්තා. අපි මේ කාරණාවලින් පටන් අරගෙන අපි table එකක් හැදුවොත් ඒ කියන්නේ column තුනකට අපි දානවා, සක්කාය දිට්ඨි, ඊළඟ column එකට පරාමාස, තුන් වන column එකට සැකය කියලා.
එතකොට පළවෙනියට අපිට ආවා අර 5.5 අත්තා නිසා අපි දන්නවා මෙතන පළවෙනියට අපි ලියාගත්තා නිත්‍යයි කියලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියේ තියෙන්නෙ සුඛය නිසා ඇති වෙච්ච නිත්‍ය. පරාමාසය තුළ තියෙන්නෙ සුඛය. ඉතින් ඒ අවස්ථාවේ දී සැකය හැටියට තියෙන්නෙ සුඛය යන්න සැකයි.
දෙවෙනි row එකේ පළවෙනි column එකට එනවා සක්කාය දිට්ඨිය යටතේ නන්දිය, අත්තා, සුලු වූ නිත්‍ය ස්වභාවය. එතකොට දෙවෙනි column එකට එනවා, සීලබ්බත පරාමාස column එකට එනවා නිත්‍යයි කියන එක. එතකොට තුන් වෙනි column එකට එනවා නිත්‍ය කියන එක සැකයි. ඒ කියන්නේ 4.2 දී මරණය සිද්ධ වුණා.
එතකොට ඊළඟට අපිට ආපහු එනවා, තුන් වෙනි row එකට අහංකාරය, ඒ සක්කාය දිට්ඨි column එකට. දෙවන column එකට එනවා නන්දියයි, අත්තායි, සුලු වූ නිත්‍ය. තුන් වෙනි column එකට එනවා මෙය නන්දිය ඒ කියන්නේ delight කියල නේ අපි ගන්නේ, මේක නන්දිය වන්නෙක් දැ යි සැකයි. Delight ද කියලා සැකයි. මොකද අපිට ව්‍යාධිය කියන එක ඇති වුණා.
ඊළඟට හතර වන row එකට එනවා නන්දිරාගය. ඒ කියන්නේ රූපයට සුඛ යැයි කියන මතය එතැන දී පවරලා තමයි තමයි ඒක ඇති වුණේ. දෙවෙනි column එකට එනවා අහංකාරය සඤ්ඤාවක් ලෙස තැන්පත් විය. තුන් වන column එකට එනවා, එම අහංකාර සඤ්ඤාව මගේ යැයි ගන්න වටින්නේ ද? කියන එකට එනවා.
එතකොට මේක අපි බලන්න ඕන, අර 21/03/2016 නිරෝධ භාවනාවේ දී ඉගෙන ගත් කාරණාවට අනුව. එතනදි අපි දන්නව නේ අර පල්ලෙහායින් අපි ලියාගත්තා 4.4 ජාතිය, 5.3 ජරාව, 6.4 ව්‍යාධිය, ඊළඟට 8.2 මරණය. ඊට පස්සේ උඩින් අපි ලියාගත්තා විඤ්ඤාණයේ ඉඳන් චේතනාවට 5.3, චේතනාවේ ඉඳන් සඤ්ඤාවට 6, සඤ්ඤාවේ ඉඳන් රූපය දක්වා එන line එකට 8 කියලා දැම්මා. එතකොට දැන් අපි rows හතරක් කතා කළා 1, 2, 3, 4. අන්න ඒ 1, 2, 3, 4. හි 1, විඤ්ඤාණයට උඩින් ලියන්න පුළුවන් 2, චේතනාවට උඩින්, 3 වෙනි row එකේ තියෙන එක සඤ්ඤාවට උඩින්, 4 වෙනි එක රූපයට උඩින්.
එතකොට දැන් මෙහෙම කෙනෙක් කල්පනා කළොත්. අපි පළවෙනියට බැලුවොතින් අපි හිතමු, සැකය ලකුණු කරන column එක දෙස බලන්නේ, දෙවන row එකේ දී අපි කතා කළා අනිත්‍ය නම්, තුන් වෙනි එකට එනකොට දුක්ඛ නම්, හතර වෙනි එකට එනකොට විපරිණාමයට පත් වන්නේ නම්, මගේ යැයි ගන්න වටින්නේ ද? යන්න දර්ශනය වන්නේ ය. ඒ විදිහට කියවෙනවා ඒකෙ.
ඊළඟට අපි දෙවෙනියට බැලුවොත් table එකේ පහළ line එක විමසනවා නම්, පහළ දකුණු කෙළවරින් පටන් ගන්නේ මගේ යැයි ගන්න නොවටින්නේ නම්, නන්දි වීම, ඒ කියන්නේ රූපයට සුඛ යැයි පැවරීම වටින්නේ ද? ඉතින් මෙතන දී නිරෝධය ඇති වෙනවා.
ඊළඟට තුන් වෙනියට බලන්න පුළුවන් පළවෙනි column එකේ පහළින් පටන් ගන්නවා නන්දි වීම නොවටින්නේ නම්, ඒ කියන්නේ මැරී ඉපදීම නොවටින්නේ නම්, දුක වන්නේ ද සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය කියලා ඒ විදිහට ධර්මය එනවා.
ඒක තමයි මං කරපු භාවනාව.