ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ ඊයේ භාවනාවේ අවසානයට සඳහන් කළ කාරණා තුන. පළවෙනියට කිව්වා අර සැකය ලකුණු කරන column එක. ඒක දිහා බලන්නේ, දෙවෙනි row එකේ ඉඳන් පටන් අරගෙන එනවා අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ යැයි ගන්න වටිනවා ද?
ඊළඟ කාරණාව තමයි table එකේ පහළ line එක විමසනවා. පහළ දකුණු කෙළවරින් පටන් ගන්නේ මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද?
ඊළඟට එනවා, තුන් වෙනි කාරණාවට පළවෙනි column එකේ පහළින් පටන් ගත්තොත්, නන්දි වීම නොවටින්නේ නම්, මැරී ඉපදීම නොවටින්නේ නම්, ඒ කියන්නේ නන්දි වෙන්න වටින්නේ නැත්නම්, මැරී ඉපදීමට කැමති නැත්නම්, දුක වන්නේ ද සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය.
ඉතින් සැරියුත් හාමුදුරුවෝත් පැවසුවා නේ, ඉපදුණොත් දුකයි නැත්නම් සැපයි. දුකයි සැපයි කියන එක ඇහුවහම කිව්වා ඉපදෙනවා නම් දුකයි ඉපදෙන්නේ නැත්නම් සැපයි කියලා.
මේ කාරණා තුන මෙනෙහි කළාට පස්සෙ, දෙවෙනි row එකේ සඳහන් කළ සුඛුමා නිත්‍ය, සූක්ෂම වූ නිත්‍යභාවයට මනස යොමු කළා. මෙය මනසින් ඇති වන නිත්‍යභාවය ලෙස සුඛුමා අර්ථ දැක්වීම බැලීමේ දී හොඳින් වැටහෙනවා. විශේෂයෙන් ම ඔය සඤ්ඤා column එකේ තියෙනවා, අධිවචන සම්‌ඵස්‌සජා සඤ්ඤා සුඛුමා, කියන එක බැලීමෙන්, අපිට වටහා ගන්න පුළුවන් මනසින් වන දේ කියලා.
තවදුරටත් අපි මේක විමසලා බැලුවොත්, කුසලා අබ්‍යාකතා, වේදනා සංස්කාර විඤ්ඤාණ සුඛුමා, සූක්ෂම වෙනවා. ඊළඟට ගත්තහම කුසල අවස්ථාව අපිට හොඳට පැහැදිලියි. යමෙක් යමක් මගේ යැයි නොගන්නේ නම් ඒ නිසා ඇති වන්නා වූ ධ්‍යාන සඤ්ඤා සූක්ෂම වෙනවා. මෙයට අමතරව අබ්‍යාකත අවස්ථාවේ දී ඇති වන්නා වූ වේදනා, සංස්කාර, විඤ්ඤාණ, ඒවත් සූක්ෂම වෙනවා. මෙම අබ්‍යාකත ධර්මයෝ කවරහු ද? එම ධර්මයෝ කුසල් හෝ අකුසල් නොවන්නේ ය.
උදාහරණ වශයෙන් මගේ යැයි නොගන්නා, අරූප ධ්‍යානයන් කුසල් හෝ අකුසල් නොවන්නේ ය. ආනෙඤ්ජාභි සංස්කාරයෝ ය. මගඵල චිත්තයෝ ද එසේ ය. එවන් වූ, ධර්මයන් නිසා හෝ ජීවත් වී සිටිමි යැයි සිතන්නේ නම්, පළවෙනි row එකේ first column එකේ සඳහන් වන නිත්‍යභාවය ඇති වන්නේ ය. මෙසේ සක්කාය දිට්ඨිය ඇති වන්නේ ය.
එතකොට ඕක වටහා ගන්න කෙනෙකුට පහසු වෙනවා. ඔය පුණ්‍ය කර්මයන් අපුණ්‍ය කර්මයන් එක්ක බැලුවොතින් පෙන්නනවා ඔය කුසලාභිසඞ්ඛාර පුණ්‍ය කියලා කියනවා. අකුසලය අපුණ්‍යයි කියලා කියනවා. ඉතින් මේකේ පුණ්‍යාභි සංස්කාරයෝ, අපුණ්‍යාභි සංස්කාරයෝ, ආනෙඤ්ජාභි සංස්කාරයෝ මේවා සම්පූර්ණයෙන් පහ කර දමනවා නම්, එතනින් ඒ පුද්ගලයාට නිර්වාණයට යන්න පුළුවන්.
මෙම භාවනාව කිරීමේ දී, ඔය දෙවන row එකේ පළවන column එක, සූක්ෂම නිත්‍ය සිහි කරන්නේ, සිත ඉතා ම ඉහළ තත්වයකට පත් වෙනවා, මේක දැනගෙන මේ විදිහට කළහම. අර පරාමාස column එක උඩ සිට පහළට මෙනෙහි කරගෙන ගියා ම අනුපිළිවෙළින් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් ඵල චිත්තය මගින් නැති වන ධර්මය මනා කොට වැටහෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්