Date: 16/04/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී විමසා බැලුවේ 7 වන ධ්‍යාන ඵල ලාභියකු එම ධ්‍යානයෙන් වාසය කරන මොහොතක දුක්ඛ table එකේ කුමක් ඉවත් කර ඇති ද, කුමක් ඉතිරිව ඇති ද යන්නයි. ඔහු වේදනාවන් ගැන සඤ්ඤා මනසිකාර නොකරයි. එමනිසා සුඛය ගැන සැක නැත්තා හ යැයි සිතේ. සුඛය නිසා ඇති වන යම් නිත්‍ය සඤ්ඤාවක් වෙත් ද ඔහුට එය නැත. එසේ නම් පළවන row එක ඔහුට නැති යැයි වැටහේ. නමුත් ඔහු සෝවාන් වී නැත්නම් පළවන row එක පවතින බව අපි දනිමු. මෙය කෙසේ වන්නේ ද? ඔහු 7 වන ධ්‍යාන සඤ්ඤාව මගේ යැයි ගන්නේ එමගින් ඇති වන්නා වූ සුඛය නිසා වන සූක්ෂම නිත්‍යභාවය ඔහු තුළ හටගනී, එමගිනි. එසේ නම් ඔහුට පළවන row එක සුලු වශයෙන් බලපායි. දෙවන row එකේ නන්දිය ඊට වඩා වැඩියෙන් බලපායි. Column 2, column 3ට වඩා column 1 විශේෂිතයි. මෙය row 1, 2 වලට සාධාරණය. තුන් වන row එකේදි සූක්ෂම නිත්‍යභාවය නිසා වන අහංකාරය බලපායි.

ඔහුට නන්දිරාගය ඇත. හතර වන row එක තදින් බලපායි. ඔහු දක්ෂ වී ඇත්තේ කුමකට ද? ඕලාරික සුඛ වේදනා මගේ යැයි නොගනී සැක නැත. ඒක තමයි පළවන row එකට. දෙවන row එකට ඕලාරික සුඛ වේදනා නිසා වන නිත්‍යභාවය නැත. සැක නැත. තුන් වන row එකට ඕලාරික සුඛ වේදනා නිසා වන අත්තභාවය නැත. එම අත්තභාවය නිසා වන නන්දිය නැත. එයා අදක්ෂ වෙලා තියෙන්නෙ අර table එකේ කෙනෙක් ලකුණු කරගත්තොත් අපිට පේනවා අර පළවන row එකේ අපිට පේනවා සක්කාය දිට්ඨි column එකේ permanency නිත්‍යයි කියන එක. දෙවන row එකේ එයාට නන්දිය කියන එක, එයා දක්ෂ නැහැ.

ඒ වගේ ම අර සුඛය නිත්‍ය සුඛුමා permanency කියන එක. Subtle නිත්‍යභාවයක් තියෙනවා නේ. ඊළඟට තුන් වන එකේ අහංකාරය. හතර වන එකේ ගත්තහම නන්දිරාගය. හතර වන row එකේ සීලබ්බත පරාමාසයේ අහංකාර කියන එක තියෙනවා. ඒ සඤ්ඤාව. හතර වන row එකේ විචිකිච්ඡාවත් තියෙනවා. අර මේක මගේ කියලා ගන්න වටිනවා ද කියන එක අහංකාර සඤ්ඤාව. ඒක table එකේ ඒ පාටින් ලකුණු කරගත්තොත් හොඳ ලස්සනට ඒක පේනවා.

එතකොට අටවන ධ්‍යාන ඵල ලාභියාට මෙම table එක කෙසේ බලපායි ද? ඔහු දක්ෂ වී ඇත්තේ කුමකට ද? ඕලාරික සුඛ වේදනා මගේ යැයි නොගනී. සැක නැත. පළවන row එකට ඒ විදිහයි.

Row දෙවන එක ගත්තහම ඕලාරික සුඛ වේදනා නිසා සිදු වන නිත්‍යභාවය නැත සැක නැත. තුන් වන row එක ගත්තහම ඕලාරික සුඛ වේදනා නිසා වන අත්තභාවය නැත. එම අත්තභාවය නිසා වන නන්දිය නැත. හතර වන row එක ගත්තහම අහංකාරය සඤ්ඤාවක් ලෙස නොපවතී. එම අහංකාර සඤ්ඤාව ගැන සැක නැත.

එතකොට එයාගෙ අදක්ෂභාවය කියන එක කෙනෙක් බැලුවොත් අර පළවෙනි සක්කාය දිට්ඨි column එකේ ම අර නිත්‍යභාවයක් කියන එක ඇති වෙලා තියෙනවා, ඒ අර දෙවන row එකේ තිබෙන්නා වූ subtle නිත්‍යභාවය නිසා එයට නන්දිය තියෙනවා. ඒ වගේ ම අහංකාරය තියෙනවා. නන්දිරාගය කියන එක තියෙනවා.

එතකොට පේනවා අටවන ධ්‍යාන ඵල ලාභියා බොහොම දක්ෂයි. ඒ විදිහට ගත්තහම මොකද අර පරාමාස විචිකිච්ඡාවලින් එන්නා වූ දේවල්වලින් ඉතා ම කුඩා එකක් අර පරාමාසය පෙර තිබුණා වූ ඒ නන්දිය. ඒ නිත්‍යභාවය පරාමාස වෙලා තියෙන ඒ දෙක විතරයි බැලුවහම එයාගේ තියෙන්නෙ කියන එක පේනවා. ඉතින් අටවන ධ්‍යානය නිසා සංස්කාර නිසා හටගන්නා වූ සූක්ෂම වූ නිත්‍යභාවය තමයි එයාට බලපාන්නේ. ඒ නිසා ඇති වුණා වූ නන්දියක් තියෙනවා.

එතකොට මේ භාවනාව අඩු ම තරමින් හත් වන ධ්‍යානය දක්වා මනස නංවලා මෙනෙහි කරලා බලන්න ඕන. ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg