Date: 17/04/2016 Name: Maana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට තුන් නම, දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී විමසලා බැලුවේ මානය. හත් වෙනි ධ්‍යාන ඵල ලාභියා අහංකාරය නිසා මානය ඇත්තේ ය. මෙතැන දී ධ්‍යාන ඵලයි කියලා කිව්වම වරදවා වටහා ගන්න ඕන නැහැ, මාර්ග ඵල කියන එක නෙමෙයි, හත් වෙනි ධ්‍යාන නිසා ඇති වන, ඒ පුද්ගලයාටත් කියනවා ඒ ධ්‍යාන ඵලය කියලා සමාපත්තිය එහෙම තියෙනවා නම්. එතකොට ඒ ධ්‍යානය ලැබුවා.

ඔහුට මමංකාරය නිසා වන මානය නැත. හේතුව යම්කිසි රූපයක් අළලා හෝ වේදනාවක් අළලා හෝ වන්නා වූ යම් දහමක් වේ ද, ඔහු එය නොතකයි. නොසලකා හරී. ඒ නිසා ය. මමංකාරයට සුඛය බලපාන්නේ ය. අහංකාරයට අත්තා යන සඤ්ඤාව බලපාන්නේ ය.

අටවන ධ්‍යාන ඵල ලාභියාට අහංකාර සඤ්ඤාවක් නැත. නමුත් ඔහුට සියුම් වූ මානයක් ඇත. මෙය නන්දි සහගත ය. කෙසේ ඇති වූයේ ද?

අබ්‍යාකත වූ සංස්කාරය නිසා ය. එයින් ඇති වන්නා වූ සූක්ෂම වූ නිත්‍යභාවයට මාන වන්නේ ය. එනම් යම් පුද්ගලයකුට නිදා ගැනීමට අපහසු ද තව අයෙකුට පහසුවෙන් නින්ද යන්නේ ද, බොහෝ වෙලා සැනසීම සහිතව නිදාගෙන සතුටින් නැගිටින්නේ ද, මෙය එසේ ය. මෙම දෙදෙනාගේ මානය නැති කර ගැනීමට ඇති බෙහෙත කිම? පිළියම කිම?

යම් ලොවක් දුක්ඛ බව මනා කොට වැටහීම නිසා ඇති වන්නා වූ ඥානයන් නිසා සූක්ෂම වූ නිත්‍යභාවය නැති කරගැනීම ම පමණි. මෙසේ වීමට නම් චතුරාර්ය සත්‍ය මනා කොට වැටහිය යුතු ය. එසේ වැටහෙන්නෙකුට නන්දි වීම නොවටින බව වැටහේ. එයින් විරාගය ද, නිරෝධය ද, ඇති වේ. ඉතින් මේ භාවනාව අර දුක්ඛ table එකේ ඒ තුන් වන column එකේ දෙවන row එකේ ඉඳන් පටන්ගෙන, අපි පෙන්නුව නේ කලින් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ යැයි කියලා ගන්න වටිනවා ද? ඉන් අනතුරුව දකුණු කෙළවරින් අපිට එනවා මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම් එනම් මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේ ද සුඛ වන්නේ ද? එය සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය කියලා මෙනෙහි කරලා භාවනාව කරන්න ඕන.

ඉතින් මේ භාවනාව කළහම ඉතින් තමන්ට දැනෙනවා ඒ චෙතො විමුක්තිය නිසා බෙල්ල සහ පපුව ඒ හරිය සුඛ හිටන් දැනෙනවා. ඒ වගේ ම මම නම් ඒ වර්ණ සහිතව waves හිටන් දැක්කා. ඒ කියන්නේ ඒ දෙවිවරුන්ගේ ආලෝකය විහිදීම කියන එක, සියුම් ලෙස දැකීමක් කියන එක. ඒ බවට පත් වුණා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg