පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අංගුත්තර නිකායේ තුන් වෙනි පොතේ, 19 වෙනි පිටුවේ පෙන්නනවා, විතත්ත සූත්‍රය කියලා. සිංහලෙන් translate කරලා තියෙන්නේ බල විතත්ත සූත්‍රය කියලා. ඒකෙ පෙන්නනවා මහණෙනි, මේ බලයෝ පස් දෙනෙක. කවර පස් දෙනෙක යත්, ශ්‍රද්ධා බලය විරිය බලය සති බලය සමාධි බලය ප්‍රඥා බලයයි.
මහණෙනි, ශ්‍රද්ධා බල කවරේ ද යත්? මහණෙනි මේ සස්නෙහි අරිය සවු සැදැහැති වෙත්. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හදහයි. ඒ කියන්නේ ඉතිපිසෝ ගාථාවේ ඒ තේරුම. දෙවි මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවාති ය. මෙසේ මහණෙනි, මෙය ශ්‍රද්ධා බලය යැයි කියනු ලැබේ.
මහණෙනි, විරිය බලය කවරේ ද යත්? මහණෙනි, මේ සස්නෙහි අරිය ශ්‍රාවකයා අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ උපසමත් පිණිස රුකුළු වැර ඇතිව වෙසේ. ස්ථාමවත් වූයේ, දළපැරකුම් ඇතියේ, කුසල් දහම්හි නොහළ ධූර ඇතියේ වේ. මහණෙනි, මෙය විරිය බලය යැයි කියනු ලැබේ. ඒ ස්ථාමවත් කියන්නේ strong කියන එකයි.
එතකොට ඊළඟට පෙන්නනවා මහණෙනි, සති බලය කවරේ ද යත්? මහණෙනි, මේ සස්නෙහි අරිය ශ්‍රාවකයා සතිමත් වේ. පරම වූ ස්මෘති සම ප්‍රඥාවෙන් සමන්නාගත වූයේ, චිර කෘත්‍යය ද චිර භාෂිතය ද සිහි කරනුයේ වේ. මහණෙනි, මේ ස්මෘති බලය යැයි කියයි.
මහණෙනි, සමාධි බල කවරේ ද යත්? මහණෙනි මේ සස්නෙහි අරිය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඇති ඒ පළවන ධ්‍යානයට ඊළඟට දෙවන ධ්‍යානයට තුන් වන ධ්‍යානයට හතර වන ධ්‍යානයට පැමිණේ. මහණෙනි, මෙය සමාධි බලය යැයි කියනු ලැබේ.
මහණෙනි ප්‍රඥා බල කවරේ ද යත්? මහණෙනි මේ සස්නෙහි අරිය ශ්‍රාවක ප්‍රඥාවන්ත වෙනවා. උදය වය කරා යන ආර්ය වූ, නිබ්බෙධික වූ, මොනවට දුක්ඛය ක්ෂය කරමින් යන ප්‍රඥාවෙන් සමන්නාගත වෙනවා. මහණෙනි, මෙය ප්‍රඥා බලය යැයි කියනු ලැබේ.
එතකොට මෙම පංචබලයන් ඉපදීමට කැමති අයකු විසින් පළමුව විරිය ආරම්භ කළ යුතු ය. ඥාන පථ diagram එකේ සාකච්ඡා කළ ආකාරයට. අපි දන්නවා අර අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය කියලා ඒකෙ පෙන්නනවා. එතකොට අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස ද කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස ද විරිය ඇති කර ගනී. ඔහු කාරණා තුනකින් යුක්තව මෙම විරිය පවත්වයි.
පළවෙනි එකට පෙන්නනවා ථාමවර කියලා වචනයක් කිව්වා. ස්ථාමවත් කියලා සිංහලෙන් කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් strong කියලා කියනවා. දෙවෙනියට කිව්වා දළ පරාක්‍රම කියලා. දළපැරකුම් කියලා සිංහලෙන් කියනවා. Firm in exertion කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඊළඟට පෙන්නනවා අනික්ඛිත්තධූරො කියලා. සිංහලෙන් කියනවා නොහළ ධූර කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා not neglecting or not avoiding කියලා, නොහළ ධූර කියන්නේ.
එතකොට පළවෙනි කාරණය ස්ථාමවත් වන්නේ කෙසේ ද? යම් උපන් කුසලයක් වේ ද එහි මනා කොට පිහිටයි, අත්නොහරී. දළපැරකුම් වන්නේ කෙසේ ද? යම් අකුසලයක් ප්‍රහාණය කළේ ද, එම අකුසලයෝ නැවතත් ඉපදෙමින් වන්නා වූ පරාජයට අකැමැති වන්නේ ය. ඔහු යුද්ධයකින් දිනුවා වූ රජෙක් නැවතත් පරාජය වීමට අකැමැති වන්නේ යම් සේ ද, මෙය එසේ ය. ඊළඟට තුන් වෙනියට පෙන්නනවා නොහළ ධූර කියන එක. Not neglecting or not avoiding කියන එක වන්නේ කෙසේ ද? යම් කුසලයක් ඉපදවිය යුතු ද, එය පමා නොවී උපදවයි.
ස්ථාමවත් වීම, තුන් වන විරිය ලෙස සැලකිය යුතු ය. ඒ කියන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදය කියලා කිව්වේ. මෙහි දී කුසලය වන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ය. එය අත්නොහරී. දළපැරකුම් වන්නේ ඉවතන ලද, බැහැර කරන ලද දේ නැවතත් නොගනී. කුමක් බැහැර කළේ ද? කුමක් ඉවතන ලද ද? තණ්හාව බැහැර කළේ ය. තණ්හාව ඉවතන ලද්දේ ය. නොහළ ධූර ඇත්තේ නිර්වාණය ම පසක් කරයි. දුක ම ඉවත් කරයි. මෙය දුක්ඛ table එක සම්බන්ධයෙන් 16/04/2016 නිබ්බාන භාවනාවේ දී මෙනෙහි කරන ලද ආකාරයට බැලිය යුතු ය.
ඒ ඒ ධ්‍යාන ඵල ලාභියා යමක් ඉවත් කළේ ද, යමක් ඉවත් නොකර සිටියේ ද, එම ඉවත් නොකරන ලද ධර්මයන් පුනපුනා විමසා ඉවත් කිරීම කරයි. ඉතින් ඒක තමයි භාවනාව. ඉතින් මේකෙන් ම ඒ නිරෝධය කියන එක ඇති වෙනවා. ඒ විදිහට අනාශ්‍රව චිත්ත නිරෝධය කියන එක ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්