ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි සිහි කළේ සති බලය. යම් සතියක් වේ ද එය විඤ්ඤාණය තුළ බැසගත යුතු ය. යම් දහමක් විඤ්ඤාණය තුළ බැසගෙන ඇති ද එය සතිය මගින් ම එළි කර පෙන්වයි.
සතිය දෙයාකාර වේ. මුට්ඨ සතිය සහ පිරිසිදු වූ, ආශ්චර්ය අද්භූත ධර්මයන් හඳුනන්නා වූ, සම්මා සතිය වේ. යම් සම්මා සතියක් වේ ද, එයට සියලු දුක්ඛ ධර්මයන් පරාසය වන්නේ ය. Range එක. එම දුක්ඛ ධර්මයන්ගේ සමුදය ද අස්තංගමය ද දනී. එසේ නම් දුක්ඛ table එකේදි අපි මෙනෙහි කළා අර දෙවෙනි row එකේ තුන් වෙනි column එකේ ඉඳන් පටන් අරගෙන අපි බැලුවා අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත්වෙනවා නම්, මගේ යැයි ගන්න වටිනවා ද? ඊට පස්සේ මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම්, මැරී ඉපදීම නොවටින්නේ නම්, දුක වන්නේ ද සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. අන්න ඒ කාරණාව ප්‍රඥාවට ඒත්තු ගැන්වීම සිහි කර දීම සති බලය මගින් සිදු කරයි. මෙසේ සතිමත් වන්නේ, යම් දුක්ඛයක් සියුම් වේවා, ඕලාරික වේවා, පෙර වී ද, එම අවස්ථාව පහසුවෙන් සිහි කළ හැකි ය. හේතුව කිම? දුක්ඛය බව දන්නා නිසා ය. නීවරණයෝ යටපත් වේ.
එතකොට මෙම භාවනාව, ඊයේ අපි විරිය මෙනෙහි කළ භාවනාව කළා නේ. ඊට පස්සේ තමයි මේක මෙනෙහි කරන්න ඕන. එහෙම කෙරුවම අර මුට්ඨ සතිය මගින් කරන්නා වූ දේ භයභෙරව සූත්‍රයේ අපි ඉගෙන ගත් අයුරින් දන්නේ, දක්නේ, හත් වන, අට වන ධ්‍යානයන්වත්, ධ්‍යාන පවතින විට හත් වන ධ්‍යානය හෝ ධ්‍යානයෙන් ඉවතට පැමිණි පසු අට වන ධ්‍යානය හෝ පරාමාසගත වීමට ඉඩ නොදේ. මුට්ඨ සතිය මතක ද අපි ඉගෙන ගත්තා වේදනාවේ සිට චේතනාවට, වේදනාවේ සිට පරාමාසයට එතන triangle එක මුට්ඨ සතිය මගින් වේදනාව ඉඳන් චේතනාවට යන්නත් වේදනාවේ ඉඳන් පරාමාසයට යන්නත් ඉඩ දෙනවා. දැන් මෙයා හත් වන ධ්‍යානය තියෙන අවස්ථාවේ දී හත් වන ධ්‍යානය පරාමාස වෙන්න දෙන්නේ නෑ. අට වන ධ්‍යානයෙන් එළියට ආවට පස්සෙ ආපහු ඒක පරාමාස වෙන්න දෙන්නෙත් නෑ. එයා අට වන ධ්‍යානයේ ඉන්නකොට පරාමාස වීම කතාවක් නැහැ නේ.
එතකොට අන්න ඒ අවස්ථාවේ දී මම දැක්කා දෙවෙනි හතරේ සලකුණ, ඒක විද්‍යාමාන වෙනවා. එතකොට එමගින් අපිට සම්බන්ධ වෙනවා සබ්බාසව සූත්‍රයේ star එක. Star එකත් එක්ක භාවනාව වෙනවා. සතියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් සමාධිය, සමාධියෙන් සතිය කියන එක ඊළඟට star එකේ තියෙන්නේ අවිද්‍යා ආශ්‍රවය කාම ආශ්‍රව දිට්ඨි ආශ්‍රව කියන triangle එක නේ.
එතකොට මෙච්චර සතියක් ඇති වුණා ම, මේ ධර්මය පරීක්ෂා කර බැලීමට ඒ කියන්නේ සතිය පරීක්ෂා කර බැලීමට අතීත භවයන් බැලිය යුතුයි කියලා සිතුවත්, ඉහත ධර්මය මගින් ම දුක්ඛය ම සිහි කරන බව දන්නේ, දක්නේ, අර ඊයේ අපි කරපු 18/04/2016 භාවනාවේ දළපැරකුම් විරිය මගින් ම ඒක ඉවත් වේ. නමුත් අතීත භවයන් සිහි කිරීමට ඇති හැකියාව ඇති බව හොඳින් දුටුවා. මේක හරි ෂෝක් භාවනාව.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්