ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ ප්‍රඥා බලය. ඊයේ භාවනාව අවසානයට සබ්බාසව diagram 3 වල අර star එක දක්වා පැමිණීම සඳහන් කළා. අද භාවනාව එතැන් සිටයි කරගෙන ගියේ.
දැන් අපිට පේනවා ඒ star එකේ සති බලයෙන් ප්‍රඥාව. ඒකෙන් සමාධි බලය ඒ විදිහට වටේට යන්න පුළුවන් කියලා. එතකොට ඒ සමාධි බලය වූයේ නම් නැවතත් සතිය දක්වා පැමිණෙන්නේ සති බලය, සති ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එසේ ඇති වුණා වූ සති ඉන්ද්‍රිය මගින් පුනපුනා මිය යන විඤ්ඤාණය නැවත සෑදිය හැකි ද, මෙය නොහැකි ය. මෙසේ ප්‍රඥා ඉන්ද්‍රියට සති ඉන්ද්‍රිය උදව් උපකාර කරන බව සබ්බාසව diagram 3 වල දී අපි ඉගෙන ගත්තා.
සති බලයෙන් ප්‍රඥා බලය කෙසේ ඇති වන්නේ ද? ඊයේ භාවනාවේ දී සඳහන් කළ අයුරින් මුට්ඨ සතිය බැහැර වන්නේ සම්මා සතිය ඉස්මතු වන්නේ හත් වෙනි ධ්‍යාන හෝ අට වෙනි ධ්‍යාන හෝ නිසා යම් දහමක් පරාමාස වන්නේ ද එය වළකයි. පරාමාසය මුදා හරී. Free වේ.
යම් පරාමාස දහමකින් ගැලවීමක් ඇත්ද, එහි විමුක්ති ස්වභාවය හටගනී. මෙය දහම් අවබෝධ වූ අයකුගේ පළවන ධ්‍යානයේ සිට හතර වන ධ්‍යානය දක්වා ඵල චිත්තය නැංවෙන අවස්ථාවක් වී ද, එය විමුක්ති සහගත ය. පරාමාසයෙන් ගැලවීමකි. යම් පරාමාසයෙන් ගැලවීමක් ඇත්ද, එය චේතනාවෙන් ගැලවීමට තුඩු දේ. කෙසේ ද? පරිග්ගහය හරහා වන ක්‍රියාවලිය නැවතීමක් ලෙස සිතිය යුතු ය.
එතකොට 01/04/2016 පරිග්ගහ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා අර diagram එකක්. ඒ කියන්නේ වේදනා, තණ්හා, පරිග්ගහ, ඒකෙන් පරාමාස, එතනින් ඉදංසච්ච, ඊට පස්සේ අර දස අකුසලය හරහා භය අගතියට එනවා. එතනින් අපි දන්නවා දිට්ඨි අනුසය පාර භය අගතිය ඉඳන් වේදනාවට, වේදනාවෙන් ආපහු චේතනාව දක්වා ම යනවා. එතකොට වේදනාවේ ඉඳන් චේතනාව දක්වා යන එක රතු පාටින් ලකුණු කරගන්න පුළුවන්. එතන අපිට පේනවා අර තණ්හාව කියන කොටස පරිග්ගහයට පෙර තණ්හාව තියෙන්නේ, ඒ වේදනාවේ සිට තණ්හාව කෑල්ල අර දළපැරකුම් මගින් තණ්හා නොවන්නේ ය කියන එක මතක් වෙන්න ඕන. විරිය බලයෙන් කරන්නා වූ එක. ඊළඟට අපිට ආපහු පේනවා ඉදංසච්ච ඉඳන් භය අගතිය දක්වා තියෙනවා දස අකුසලය, සමාධිය මගින් දස අකුසලය ඉවත් වෙනවා.
දිට්ඨි ආශ්‍රව නොවීමෙන් චේතනා ගලවා දමා ඇති යැයි පැවසුවේ මේ නිසා ය. යම් චේතනාවෙන් ඉවත් වීමක් වේ ද, එමගින් විඤ්ඤාණ, යථාභූත ඥාන, විමුක්ති සහගතව ඉවත් කරන ලද තණ්හාවෙන් ම ඉවත් වේ. නික්ම වී සිටීමට ඇති හැකියාව ප්‍රඥා බලය නම් වේ.
ප්‍රඥා බලය කියන්නේ අර විදිහට යථාභූත විමුක්ති සහගතව ඉවත් කරන ලද තණ්හාවෙන් ඉවත් වී නික්ම වී සිටීමට ඇති හැකියාවයි. ඒක තමයි ප්‍රඥා බලය.
ඉතින් මේ භාවනාව මේ විදිහට කළහම කාරණා දෙකක් මුලින් වැටහේ. එනම් අරූප ධ්‍යානවල ජීවත් වීම ඉවත් කළ විට, ඒ සඳහා විරිය ගත් විට සක්කාය දිට්ඨිය පමණක් පවතින බව දුක්ඛ table එකේදි අපි ඉගෙන ගත්ත ධර්මයෙන් පේනවා. ඉන් අනතුරුව මගඵල චිත්ත සහිත වූ පළවන ධ්‍යානය සිට හතර වෙනි ධ්‍යානය දක්වා යන්නේ එම සක්කාය දිට්ඨිය සෑදෙන්නා වූ ධර්මයන් පරාමාසය තුළින් ඉවත් වීමෙන් සක්කාය දිට්ඨිය මුළුමනින් ම ඉවත් වීම වැටහෙනවා. ඉතින් සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව මෙය ම නේ ද යැයි වැටහෙනවා. අරූප ධ්‍යානයෙන් පටන් අරගෙන සම්මා සතියෙන් සම්මා සමාධිය, අරි අට මඟ ඇවිල්ලා නේ වෙන්නේ. තව ද දිට්ඨි පපඤ්චය ද තණ්හා පපඤ්චය ද යන දෙක ඉවත් වීම දක්නේ, දන්නේ සඤ්ඤාව සම්පූර්ණයෙන් නවතී. නිර්වාණය පසක් කළ හැකි බව මනා කොට වැටහෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.