ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී සිහි කළේ ශ්‍රද්ධා බලය. 20/04/2016 පංචබල 3 භාවනාවේ දී ප්‍රඥා බලය ඉගෙන ගත්තා. 19/04/2016 භාවනාවේ දී සති බලය ඉගෙන ගත්තා.
මෙම භාවනාවන් දෙක මගින් ඇති වන්නා වූ සතිය සහ ප්‍රඥාව නිසා වන යම් දහමක් වේ ද, එය නිසා ඇති වන්නා වූ යම් ශ්‍රද්ධාවක් වේ ද, මෙය ශ්‍රද්ධා බලය නම් වේ. මෙම ශ්‍රද්ධාව නොසැලේ. තථාගතයන් වහන්සේ දේශනා කළේ මෙම ධර්මය නේ ද? ඒ කියන්නේ තමා අවබෝධ කර ගත් ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේක නේ ද කියලා තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ධර්මය ගැන ද නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුද්ධ පුත්‍ර වූ ආර්ය ශ්‍රාවක සංඝයා වහන්සේලා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මෙසේ ශ්‍රද්ධා බලය ඇති වෙනවා. මේ නිසා දස අකුසලයෙන් වැළකෙනවා.
20/04/2016 සාකච්ඡා කළාක් මෙන් අර පරිග්ගහයෙන් අපි චේතනාව ගලවා දැමීමෙන් ඇති වන ධර්මය තුළින් වූ ප්‍රඥාවත් සතියත් කොන්ක්‍රීට් දමා මනා කොට සකස් කරන ලද building එකක් බොහෝ කල් පවතියි ද, එසේ ම සති ධර්මයෝ සහ ප්‍රඥා ධර්මයෝ බොහෝ කල් පවත්වයි. මෙසේ ශ්‍රද්ධාව, සති ප්‍රඥා ධර්මයන්ට උදව් උපකාර කරයි. සිත නිවනින් පිටතක බැහැර නොකරවයි.
අර පරිග්ගහ එකේ මතකයි නේ, වේදනාවේ සිට චේතනාවට එන එක තණ්හා පරිග්ගහ අපි කිව්වේ රතු පාටින් ලකුණු කරගන්න කියලා. වේදනා, පරාමාස, ඉදංසච්ච, භය අගති ඒ දස අකුසලය සහගතව එන එක, ඒක වෙන්න දෙන්නෙ නැතිව තියෙන එක තියෙනවා. එතකොට මේ භාවනාව, විරිය, සති, ප්‍රඥා භාවනාවන් නැවතත් මෙනෙහි කරලා කරන්න ඕන.
එසේ භාවනා කළහම කෙනෙකුට පේනවා අර තණ්හා පපඤ්චය දිට්ඨි පපඤ්චය. ඒ දෙක සඤ්ඤා නිදාන කොට ඇති වන බව දන්නේ, දක්නේ චේතනාව දක්වා එන්නා වූ ධර්මයෝ දකිනවා. ඒ කියන්නේ, එක පැත්තකින් උඩින් සඤ්ඤාව වම් අත පැත්තේ වේදනාව, චේතනාවට පහළින් පරාමාසය. සඤ්ඤා, වේදනා, පරාමාස කියන තුන් ධර්මයන්. එතකොට ඒ වේදනා චේතනා line එකේ තණ්හාව කියන එක ලකුණු වෙනවා. අන්න එතැනට ආවා ම මේ ගාථාව ආවා.
“සබ්බ පාපස්ස අකරණං” ඒ කියන්නේ ඔය සඤ්ඤාව කියන කෑල්ලට තමයි ඒ කියන්නේ. සියලු සඤ්ඤාවන්ගෙන් ඉවත් වීම කියන එක. ඒ කියන්නේ ප්‍රඥා බල භාවනාවේ දී වටහා ගත් ආකාරයෙන් අපි තේරුම් ගත්තා නේ අන්තිමට මේක මේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවයි මේ ඇවිල්ලා තියෙන්නෙ කියලා, අර අට වන ධ්‍යානය, හතර වන ධ්‍යානය ඒවා ඔක්කොම අයින් කරලා එතකොට ඒ level එකට තමන් ඒක තේරුම් ගන්නවා.
“කුසලස්ස උපසම්පදා” කියන එක වැටෙන්නේ වේදනාවට. අර දළපැරකුම් කියලා කිව්වේ, තණ්හා නොවන්නේ ය කියලා. අන්න ඒ විදිහට ඒක ගන්න ඕන.
ඊළඟට පරාමාසයට වැටෙනවා “සචිත්ත පරියොදපනං.” පරාමාසය තුළ යම් දහමක් වේ ද එය පිරිසිදු කරයි. අර විරිය බල භාවනාවේ 18/04/2016 නොහළ ධූර කියලා කිව්වේ, පරාමාසය පිරිසිදු කරනවා කියලා, දුක්ඛ table එකත් එක්ක ගිහිල්ලා. අන්න ඒ විදිහට තමයි ඒක වෙන්න ඕන. ඒ කියන්නේ හත, අට ධ්‍යානය පවා ඉවත් කිරීම කියන එක කරනවා. ඉතින් “බුදුන් වහන්සේලා මේක දැකලා ප්‍රකාශ කරනවා” කියලා රහතන් වහන්සේ කිව්වා ඔය ධර්මය. සබ්බ පාපස්ස ගාථාව කියලා තියෙන්නෙ ඔය point තුන අල්ලලා.
ඒක තමයි මං කරපු භාවනාව.