ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ සමාධි බලය. සතියෙන් සමාධිය ඇති වන බව අපි දන්නවා. සමාධිය මගින් දස අකුසලයන්ගෙන් වෙන් වීම සිදු වෙනවා. කෙසේ ද? යම් පාණාතිපාතයක් වේ ද, එය ආකාසානඤ්චායතනය වැනි ධ්‍යානවල නැත. කාමයන්ගෙන් වෙන් වන නිසා පළවන ධ්‍යානය සිට හතර වෙනි ධ්‍යානය දක්වා තලවල ද එය නැත. යම් අභිජ්ඣාවක් වේ ද එය කාමයන්ගෙන් වෙන් වීම නිසා බැස යයි. නමුත් කාමයන්ගෙන් වෙන් වීම නිසා ඇති වන ධ්‍යානයන්ට ඇලීම හේතු කොටගෙන අභිජ්ඣා හටගනී. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣාවයි. මෙසේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාටත් සක්කාය දිට්ඨිය නිසා අභිජ්ඣාව ඇති වේ. කුමන සමාධියකින් මෙය වළකයි ද? එය සම්මා සමාධිය නම් වේ.
සම්මා සමාධිය මගින් කෙසේ වළකයි ද? එය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති දක්වා මහා චත්තාරීසක සූත්‍රය පෙන්වන කාරණා හත සහගත වූ සම්මා සමාධියයි.
මේ කොටස් හත අඩංගු වන නිසා තමයි මේකෙන් වැළකීම කියන එක සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨියෙන් මිච්ඡා දිට්ඨිය පහ වන්නේ, ඇති වන්නේ දුක බව දන්නේ, නිවනින් පිටත දෙයක් නොගනී. මනස යොමු නොකෙරෙයි.
සම්මා සංකප්පය මගින් සම්මා දිට්ඨියෙන් ඇති වුණා වූ ධර්මයෝ වාහකයක් මෙන් රැගෙන යන්නේ ව්‍යාපාද නොවේ, අත්හැරීම මනා කොට පවත්වයි.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මගින් සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණයට තුඩු දෙන්නා වූ සීලය ම මනා කොට පවත්වයි. සම්මා වායාමය හතර ආකාරයක් වන්නේ ස්ථාමවර, දළපැරකුම්, නොහළ ධූර වශයෙන් 18/04/2016 භාවනාවේ දී සඳහන් කළ අයුරින් යම් දහමක් ඉවත් නොකර ඇති ද එය ඉවත් කරයි. ඉහළ ම වූ නිබ්බානයට පමණක් මනස යොමු කෙරේ.
සම්මා සතිය මගින් 19/04/2016 භාවනාවේ දී සඳහන් කළ අයුරින් දුක්ඛ table එකේ, අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ යැයි ගන්න වටිනවා ද? මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම් සුඛ වන්නේ ද දුක වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ යැයි පෙන්වා දෙයි. මෙය මගින් සම්මා ප්‍රඥා ඇති වන්නේ චේතනා ගලවා දමයි. එයින් ඇති වන්නා වූ ශ්‍රද්ධාව සමාධියට එකතු වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
මෙම භාවනාව කර ඒ චේතනාව ඉවත් වීමෙන් අනතුරුව අභිජ්ඣා ඉවත් වන්නේ දැ යි මම විමසුවා. මුලින් අභිජ්ඣා ඉවත් වෙලා චේතනා ඉවත් වෙනවද, චේතනා ඉවත් වෙලා අභිජ්ඣා ඉවත් වෙනවද කියන අවස්ථාව. “සම්මා ප්‍රඥා ඇතියේ චේතනාව ගලවා දැමීම සමඟ අභිජ්ඣා ඉවත් වන බව” බුදුපියවරු පැවසුවා. එතකොට අපිට පේනවා අර අපි ඊයේ ඉගෙන ගත්ත නේ චේතනාව ගලවනකොට කාරණා තුනක් සඤ්ඤා වේදනා පරාමාස කියන එක.
එතකොට එතැන ඒ සඤ්ඤාව කියන තැන කෙනෙක් සම්මා ප්‍රඥාව කියන එක ගත්තොත් චේතනාව ගැලවීම කියන එක සිදු වෙනකොට ම අභිජ්ඣාව කියන එක යනවා කියන එකයි. ඉතින් මේ භාවනාවේ දී නිරෝධයට කීප වරක් ම ගියා.
ඒක තමයි මං කරපු භාවනාව.