ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ ජීවිත ඉන්ද්රිය යම් මොහොතක අඩපණ වන්නේ නම් විඤ්ඤාණ ධාරාවේ පැවතීම කෙසේ සිදු වන්නේ ද යන්නයි. යම් ප්‍රඥාවක් වේ ද එය මතු වේ. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ තරමට නැවත භවයක් සකස් කිරීම හෝ නොකිරීම හෝ සිදු වේ. ඊයේ භාවනාවේ දී සමාධි බලය විමසලා බැලුවා. 20/04/2016 පංචබල 3 භාවනාවේ දී ප්‍රඥා බලය විමසා බැලුවා. එහි දී විමුක්ති සහගතව ඉවත් කරන ලද තණ්හාවෙන් ඉවත් වී නික්ම වී සිටීමේ හැකියාව, ප්‍රඥා බලය ලෙස ඉගෙන ගත්තා.
මෙය සමාධියට එකතු වන්නේ මිශ්‍ර වන්නේ නම් එවැනි සමාධි සහගත පුද්ගලයා නැවත නූපදියි. මෙවැනි ප්‍රඥාවක් නැති පුද්ගලයා පෙර සාකච්ඡා කළ අයුරින් ඒ ඒ ප්‍රදේශවලට ඇදී යාම සිදු වෙනවා. ඉතින් ඒ භාවනාවන් අපි කළා 2016 අප්‍රේල් 3, 4 භාවනාවල දී.
ඉතින් මේකේ පේන්නේ මේ භාවනාව අර ප්‍රඥා බලය භාවනාවෙන් පටන් ගන්න ඕන. ඒකෙන් පටන් අරගෙන ගියායින් පස්සෙ දැන් අපිට එනවා සමාධි බලයට. ඒ සමාධි බලය කියන එකේදි අපිට පේනවා සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සතිය දක්වා කොටස් හත අඩංගු වන සම්මා සමාධිය. එතකොට මේ කොටස්වලින් අපි හිතමු කෙනෙකුගේ ප්‍රඥාව අධික නම් ඉතින් ඒ පුද්ගලයා, අද කිව්ව තරමට ප්‍රඥාව නැති නම්, ප්‍රඥාව අධිකව තියෙනවා ඒ පුද්ගලයා අකනිට්ඨාව වගේ ඒවයේ ඉපදෙනවා. ඒ මොකද අපි මෙතැනදි එනව නේ අර සති බලය කියන එක මෙනෙහි වන විට අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද? මගේ කියලා ගන්න වටින්නේ නැති නම් නන්දි වෙන්න වටිනවා ද? නන්දි වෙන්න වටින්නේ නැති නම් අර නැවත ඉපදීම කියන එක, ඉපදෙන්නේ නැත්නම් සුඛ වන්නේ ද දුක වන්නේ ද ඉතින් අන්න ඒක තියෙනවා නේ ඒ අනුව නේ ප්‍රඥා බලය කියන එක ඇති වෙන්නේ.
ඉතින් මේ කොයි බලය ද තමන්ට තියෙන්නෙ. සතිය ද ප්‍රඥාව ද සමාධිය ද ඒ අනුව අර ලෝකවල ඉපදීම කියන එක සිදු වෙනවා. ඉතින් අනෙක් පුද්ගලයා ගැන අමුතුවෙන් කිව යුත්තක් නැත. ඉතින් ඒ ඒ පුද්ගලයා ඒ ඒ තැන්වල ගිහින් ඉපදෙනවා කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් නිරෝධය කියන එක ඇති වෙනවා ඒ විදිහට භාවනාව කළහම.