Date: 25/04/2016 Name: Sammanaana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කර බැලුවේ, සමාධි ඉන්ද්‍රිය පරිපූර්ණත්වයට පත් කරන්නේ කෙසේ ද යන්නයි. මෙහි දී ප්‍රඥා සහ ඥාන අතර වෙනස සිහි කිරීම වැදගත් වේ. යම් සංස්කාරයක් මගේ යැයි නොගන්නේ ප්‍රඥාව වන බවත්, ඉන් අනතුරුව සඤ්ඤාව මගේ ඇයි නොගන්නේ, ඥාන වන බවත් අපි කලින් ඉගෙන ගත්තා. ඒක අපි කළේ 03/05/2015 සම්මා ඥාන භාවනාව, ඒ හරියේ තමයි අපි ඕක කළේ. මෙයට අමතරව රූපයක් මගේ නොවන ලෙස ඇති වන්නා වූ දියුණු වූ ඥානය, සම්මා ඥානය වන්නේ ය. එය නොසැලී සිටින බව අපි දනිමු. මෙවන් වූ සම්මා ඥානයට තුඩු දෙන්නා වූ සමාධිය මගින් සමාධි ඉන්ද්‍රිය පරිපූර්ණත්වයට පත් වෙනවා.

එතකොට මේ අවස්ථාවේ දී අපිට diagram එකක් ඇඳගන්න පුළුවන් අපි දන්නවා අර star එක. සති ප්‍රඥා සමාධි කියන triangle එක. එතකොට ඒකෙ අපි දන්නවා අර කපාගෙන යන්නේ කාම ආශ්‍රව දිට්ඨි ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව. සබ්බාසව සූත්‍රයේ දී අපි ඒක ඉගෙන ගත්ත නේ diagram 3 වල. සංස්කාරයෝ මගේ යැයි නොගැනීමක් අපි කරනවා. ඒක ලකුණු කරගන්න ඕන අර ප්‍රඥාවේ සිට සමාධිය දක්වා තියෙන රේඛාවට. ඒ පැත්තෙ තමයි අවිද්‍යා ආශ්‍රවය තියෙන්නෙ. අන්න සංස්කාරයෝ මගේ කියලා ගන්නේ නැහැ. කුමන සංස්කාරයෝ ද? නෙවසඤ්ඤානාසඤ්ඤායතන සාදන සංස්කාරයෝ ය.

මේකේ එක වටයක් යනවා. මෙසේ එක වටයක් ධාවනය වන්නේ සඤ්ඤාව ඉවත් කිරීම කරනවා. එහෙම නම්, අපි එනවා දැන් දෙවෙනි diagram එකකට. ඒ triangle එක ම ආපහු star එක ම ලකුණු කරගෙන, දැන් මේ අවස්ථාවේ දී අපි හිතමු සමාධියෙ ඉඳන් සතිය දක්වා යන්නා වූ රේඛාව තියෙනවා නේ, අන්න ඒක අපි හිතමු කොළ පාටින් ලකුණු කරගත්තා කියලා. අන්න එතනින් අපි ලියනවා සඤ්ඤාව මගේ යැයි නොගනී කියලා. ඒ කියන්නේ කුමන සඤ්ඤා ද? අරූප ධ්‍යාන සඤ්ඤා ය.

ඉස්සෙල්ලා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංස්කාර අයින් කළා. දැන් අපි සඤ්ඤාව කියන එක අයින් කරනවා. මෙතනින් තව වටයක් යනවා. ඒ තව වටේ ගත්තහම අපිට තුන් වෙනි diagram එක එනවා, අර star එක. ඒ වෙලාවේ දී අපි star එකේ ලකුණු කරගන්න ඕන සතියේ ඉඳන් ප්‍රඥාව දක්වා තියෙන රේඛාව. අන්න ඒක අපි හිතමු රතු පාට වගේ රේඛාවකින් අපි ලකුණු කරගන්නවා කියලා. අන්න එතෙන්දි අපි ලියනවා, අර රූපය මගේ යැයි නොගනී කියන එක. මෙයින් ඇති වන ප්‍රඥාව සම්මා ඥානය බවට පත් වෙනවා. මොකක් ද අර රතු පාට රේඛාවෙන් අපි කියන්නේ මගේ යැයි නොගනී කියලා? රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤාව ඉවත් කරනවා.

මෙම සම්මා ඥානය නිසා ඇති වන සමාධිය මගින් සමාධි ස්කන්ධය පරිපූර්ණ කරනවා. නොසැලී සිටිනවා. නිර්වාණය පසක් කරනවා. ඉතින් මේ භාවනාව කළහම මට වැටහුණා මේක නේ ද මේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ දී කළේ කියලා.

බුදුහාමුදුරුවෝ පළවන ධ්‍යානය සිට අට වෙනි ධ්‍යානය දක්වා ගියා. අට වැනි ධ්‍යානය සිට ආපසු අනෙක් පැත්තට බැසගෙන ආවා. ඒ කියන්නේ අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංස්කාර, ඊට පස්සේ හත් වන ධ්‍යානයන්ගේ එහෙම අරූප ධ්‍යාන සඤ්ඤාවන් අයින් කළා. ඊට පස්සේ පළවෙනි ධ්‍යානය සිට ආපසු හතර වෙනි ධ්‍යානය දක්වා ගියා. ගිහිල්ලයි පිරිනිවන් පෑවේ. ඒක හරියට පෙන්නලා තමයි බුදුහාමුදුරුවෝ අවසාන මොහොතේ පිරිනිවන් පෑම කළේ. පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා, මේ ධර්මය මේ විදිහට හරි ම ලස්සනයි ඒ භාවනාව.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg