Date: 26/04/2016 Name: Samādhikkhandha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ ඊයේ භාවනාව අවසානයට සඳහන් කළ කාරණය. එනම්, යම් සම්මා ඥානයක් වේ ද, එමගින් සමාධි ස්කන්ධය පරිපූර්ණ කෙරේ යන්නයි. කෙසේ සමාධි ස්කන්ධය පරිපූර්ණ කෙරේ ද යත්? ඔය පෙටකොපදෙසයේ සිංහල පොතේ පිටුව 321 බැලුවොත්, ඒකේ පෙන්නනවා යම් අලෝභ කුසල මූලයක් වේ ද, ඒ ශ්‍රැතමය ප්‍රඥාව පුරලනවා. ශ්‍රැතමය ප්‍රඥාව පරිපූර්ණ වූවා, සවිතක්ක සවිචාර සමාධිය පුරනවා. සවිතක්ක සවිචාර සමාධිය පරිපූර්ණ වූයේ, අධිචිත්ත ශික්ෂාව පුරනවා. අධිචිත්ත ශික්ෂාව පරිපූර්ණ වූවා, සමථ නිමිත්ත පුරනවා. සමථ නිමිත්ත පරිපූර්ණ වූයේ, නෛෂ්කම්ම විතර්කය පුරනවා. නෙක්ඛම්ම විතක්කය පරිපූර්ණ වූයේ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය පුරනවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය පරිපූර්ණ වූයේ, නෙක්ඛම්ම පවිචාරය පරිපූර්ණ කරනවා. නෙක්ඛම්ම පවිචාරය පරිපූර්ණ වූයේ, කාමේසනාවෝ දුරු කරනවා. කාමේසන ප්‍රහාණය, සමාධි ස්කන්ධය පරිපූර්ණ කරනවා කියලා තියෙනවා.

එතකොට අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන සාදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලන්නේ නම් අධිචිත්ත ශික්ෂාව සඳහා පදනම සකස් වන්නේ ය. අර ඊයේ භාවනාවෙන් ඒ පදනම තමයි සකස් වූයේ. මෙසේ ඇති වන්නා වූ අධිචිත්ත ශික්ෂාව මගින් සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළට කාවදින්නේ යම් ධර්මයක් පහ කළ යුතු ද එයට සමවදියි. මෙය සමථ නිමිත්ත යැයි කියනු ලැබේ. හඳුන්වනු ලැබේ. මෙයින් ඇති වන්නා වූ නෙක්ඛම්මය මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරයි. මෙහි දී කුසලය කෙළවර වන්නේ නිර්වාණයයි.

එතකොට ඔය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය හරිය බලනකොට පෙන්නනවා අවබෝධ නොවූ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේ ද, එය අවබෝධය ලබා ගැනීම සඳහා විරිය ආරම්භ කරනවා කියලා. මේක සඳහන් කරලා තියෙන්නේ පෙටකොපදෙසයේ පොතේ පිටුව 89. මේ විරිය තුන් ආකාර වෙනවා. නූපන් අකුසල් නූපදවනවා. උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය උපදවනවා. නූපන් කුසල් ඉපදවීම සඳහා විරිය උපදවනවා.

නූපන් කුසලය කිම? නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පවත්නේ ද එය ඉවත් කරනවා. මෙම ධර්මයෝ සමාපත්ති ධර්මයෝ වන්නාහ. ඒ කියන්නේ ඔය සමාපත්ති ධර්මයන්ට ගිහිල්ලා තියෙනවා නම්, ඒ කියන්නේ, අපි හිතමු හය වෙනි ධ්‍යාන සමාපත්තිය තියෙනවා. විඤ්ඤාණඤ්චායතනයෙන්, මේ පුද්ගලයා අහවල් තැන ඉපදෙනවා කියලා පවා දකින්න පුළුවන්කම තියෙනවා. ඒවා නිසා මනුස්සයකුට ඇලීමක් තියෙන්න පුළුවන්. මට මෙහෙම දෙයක් පුළුවන්. අන්න ඒවා පවා අයින් කරනවා. එතකොට ඒ කියන්නේ හතර වෙනි ධ්‍යාන සිට අට වෙනි ධ්‍යාන දක්වා වූ සමාපත්ති නිසා ඇති වූ ස්වභාවය. මෙසේ නෙක්ඛම්ම පවිචාරය සම්පූර්ණ කෙරෙයි. එමගින් කාමේසනාව දුරු කරයි. කුමන කාමේසනාවක් ද? යම් ධ්‍යාන තලයක ඉපිද එහි ගත කිරීමට ඇති ආසාවය. මෙසේ සමාධි ස්කන්ධය පරිපූර්ණ කරයි. මේ භාවනාව හරි ෂෝක්. ඒ විදිහට අයින් කළාට පස්සේ, ඒ කියන්නේ කිසිම තැනක සිතේ පිහිටීමක් නැහැ. අර වෙනදාට වඩා වෙනස්, ඒක ගත්තහම.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonGreed/NonGreed-02.jpg