Date: 27/04/2016 Name: Savitakka Savichara samadhi

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ සවිතක්ක සවිචාර සමාධිය. දැන් ඔය අපි ඊයේ බලපු ධර්මය තුළ තියෙනවා, අලෝභ කුසල මූලයෙන් ශ්‍රැතමය ප්‍රඥාව. ශ්‍රැතමය ප්‍රඥාව පරිපූර්ණ වූවා සවිතක්ක සවිචාර සමාධිය. සවිතක්ක සවිචාර සමාධිය පරිපූර්ණ වූයේ අධිචිත්ත ශික්ෂාව පුරනවා.

එතකොට අද බැලුවේ සවිතක්ක සවිචාර සමාධිය. එතකොට මේක අර පටිපදා හතරෙහි, හතර වෙනි කාරණයට සඳහන් කළ, පළවෙනි එක දිබ්බ විහාරය, දෙවෙනි පටිපදාවේ බ්‍රහ්ම විහාරය, තුන් වෙනි පටිපදාවේ අරිය විහාරය, හතර වෙනි පටිපදාවේ ආනෙඤ්ජ විහාරය වන්නේ, මේ සියල්ලට ම සතර විහරණයෝ යැයි කියනු ලැබේ.

මෙම විහරණයන්ගේ සම්පූර්ණත්වය මෙයින් අදහස් නොවේ. අඩු තරමින් එක විහරණයකින් එක ධර්මයක්වත් තිබිය යුතුයි. එනම් අරිය විහාරයේ කොටස් හතරක් වන්නේ අඩු තරමින් සෝවාන් ඵල චිත්තය හෝ තිබිය යුතුයි. බ්‍රහ්ම විහරණයේ මෙත්තාව හෝ තිබිය යුතුයි. අනෙක් විහරණයන් ද එසේ ය.

මෙම විහරණයන් මනා කොට පවතින්නේ නම් 25/04/2016 සම්මා ඥාන භාවනාවෙදි සඳහන් කළ අයුරින් අධිචිත්ත ශික්ෂාව සඳහා පදනම සකස් වන්නේ ය. මෙහි දී යමකුට නෙවසඤ්ඤානාසඤ්ඤායතන නොමැතිව එම සංස්කාරයන් කෙසේ පහ වන්නේ දැ යි ප්‍රශ්නයක් මතු විය හැක. එය ඵල චිත්තය මගින් ඉවත් කරනු ලබයි. ඵල චිත්තය කිසිවක් මගේ යැයි නොගනී.

එතකොට මේ භාවනාව කරන්නේ කොහොම ද? අර කායානුපස්සනාව නිසා ඇති වන දිබ්බ විහාරය පළමුව සිහි කරන්නේ, පටිච්චසමුප්පාදයේ පුරුකක අවබෝධය සහගතව ධ්‍යානයට එළඹෙනවා. දෙවනුව බ්‍රහ්ම විහාරය සිහි කරන්නේ විපරිණාමයෙන් ඇති වුණා වූ දුක්ඛය ඉවත් කරමින් මෙත්තා වන්නේ ලෝභ, දෝෂ, මෝහ ඉවත් කිරීමේ අඩිතාලම සකස් වෙනවා. අරිය විහාර වන්නේ පෙර භාවනා දෙක මගින් ම දුක ඇති වෙන බව දන්නේ, කිසිවක් මගේ යැයි නොගනී. ආනෙඤ්ජ විහාර වන්නේ සංස්කාරයන් මගේ යැයි නොගනී.

ප්‍රඥාව ඇති අයෙකුට මනා කොට ලෝභ, දෝෂ, මෝහ භාවනාවට විරුද්ධ වන භාවනා කොටස මෙනෙහි කළ හැකි ය. උදාහරණ වශයෙන් සමාධි ස්කන්ධය නිසා විපරිණාම දුක්ඛතාවයට පත් නොවීමත් කාමේසනාව දුරු කිරීම මගින්, ඒ කියන්නේ ධ්‍යාන තලවල ඉපදීම කියන එක දුරු කිරීම මගින් උත්පාද සංඛත ලක්ෂණය නොවීම වැටහෙන්නේ, රාගජ පරිලාහය මෙනෙහි කරන්නේ, සිත අප්‍රමාණව විශාල වන්නේ, නැවතත් සවිතක්ක සවිචාර සමාධියට සිත පිහිටවීමෙන් අනතුරුව ය.

එතන සඤ්ඤාව හැටියට පෙන්නුවා නේ රාගජ පරිලාහය. අතෙන්ට ආපහු ගිහින් ආවොත් ඔළුව විශාල වෙනවා. ඒ තරම් පුදුමාකාර දෙයක් ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.