Date: 29/04/2016 Name: Avitakkavicāramatta samādhi

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි සිහි කළේ චින්තාමය ප්‍රඥාව. යම් අදෝෂ කුසල මූලයක් වේ ද, එමගින් චින්තාමය ප්‍රඥාව ඇති වෙනවා. චින්තාමය ප්‍රඥාව යනු සමුදය අස්තංගමය ගැන සිතීමයි. අස්තංගමය දන්නේ එහි යම් ධර්මයක් නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති ලෙස මෙනෙහි කරන්නේ එහි විඤ්ඤාණය බැස ගැනීමක් වේ ද, එය චින්තාමය ප්‍රඥා කොටසට ඇතුළත් වේ.

ඔය පෙටකොපදෙසයේ සිංහල පොතේ පිටුව 321 හි පෙන්නනවා අදෝෂ කුසල මූලයෙන් චින්තාමය ප්‍රඥාව පුරනවා. චින්තාමය ප්‍රඥාව පරිපූර්ණ වූවා අවිතක්ක විචාරමාත්‍ර වූ සමාධිය පුරනවා. අවිතක්ක විචාරමාත්‍ර සමාධිය පරිපූර්ණ වූයේ අධිශීල ශික්ෂාව පුරනවා. අධිශීල ශික්ෂාව පරිපූර්ණ වූවා උපෙක්ඛා නිමිත්ත පුරනවා. උපෙක්ඛා නිමිත්ත පරිපූර්ණ වූයේ අව්‍යාපාද විතක්කය පුරනවා. අව්‍යාපාද විතක්කය පරිපූර්ණ වූයේ අඤ්ඤින්ද්‍රිය පුරනවා. අඤ්ඤින්ද්‍රිය පරිපූර්ණ වූයේ අව්‍යාපාද පවිචාරය පරිපූර්ණ කෙරෙයි. අව්‍යාපාද පවිචාරය පරිපූර්ණ වූයේ භවෙසනය දුරු කරයි. භවෙසන ප්‍රහාණය, සීලස්කන්ධය පරිපූර්ණ කරනවා කියලා.

එතකොට මේකේ මේ චින්තාමය ප්‍රඥාව සම්පූර්ණ වීමෙන් අවිතක්ක විචාරමාත්‍ර සමාධිය පුරයි. අවිතක්ක විචාරමාත්‍ර සමාධිය යනු කුමක් ද? එහි විතක්කය නැත. විචාරය ඇත. කුමන විතක්කයක් නැති ද? භවයේ යෑමේ විතක්කයක් නැත. එහි නිරෝධය සොයන නිසා ය. කුමන විචාරයක් ද? නිර්වාණය ම සොයයි. එය ම පතයි. යම් නිවනක් වේ ද එය සියලු කෙලෙසුන්ගෙන් වෙන් වීම අනුව සිදු වේ. සියලු තණ්හාවන්ගේ නිරෝධය විය යුතුයි.

යම් කෙනෙක් අලෝභ කුසල මූලය උපදවා එහි විඤ්ඤාණයේ බැස ගැනීමක් ඇත්ද එමගින් ඇති වන්නා වූ තුන් වෙනියට සඳහන් කරන ලද සවිතක්ක සවිචාර සමාධිය පුරන ලද දේ අඩු ම තරමින් මෙත්තාව ඇත්තේ ව්‍යාපාද නොවන්නේ අවිතක්ක විචාරමාත්‍ර සමාධියට සුදුස්සෙක් වන්නේ ය. කුමක් නිසා ද? භවගාමී අකුසලයන් පහ කරන චිත්ත සමාධියට අඩිතාලම දමා ඇති නිසා ය. රූපය නිසා වන හානිය නැති කර ගැනීමට මෙත්තාව කියන එක අපි වඩනවා.

අවිතක්ක විචාරමාත්‍ර සමාධිය පරිපූර්ණ වූයේ අධිශීල ශික්ෂාව පුරනවා. පාණාතිපාතා, අදත්තාදාන වැනි අකුසල ක්‍රියාවලියන් මගින් ලෝභ, දොස, මෝහ ඇති වන බව දන්නේ, දක්නේ, එමගින් යම් දහමක් පෙර පහ කරන ලද්දේ ද, එම ධර්මයෝ නැවත උපදින බව දැන එම ධර්මයන්ට ඉඩ නොදීම සඳහා වෑයම් කරනවා. මෙසේ අධිශීල ශික්ෂාව පුරනවා. මෙහි දී විචාරයත්, එමගින් නිවනට යොමු වූ මනසත් උදව් උපකාර කරනවා.

ඉතින් මේ භාවනාව කරගෙන ගියා ම මේකේ බොහොම සමාධිය අධිකයි, මොකද කලින් කරපු එක කරලා තියෙන්න ඕන. ලෝභ පාරට විරුද්ධ ධර්ම ටික අපි බැලුවා නේ. සමාධි ස්කන්ධය පුරනවා. සවිතක්ක සවිචාර සමාධිය ඔය විදිහට. ඒ භාවනාව කරලා තමයි මේකට එන්න ඕන. ඒක නිසා අර සිත නතර වන ස්වභාවය කියන එක තියෙනවා. ඉතින් දැන් මේකේ අපි දන්නවා, ඔය කාරණා තුන ලියාගත්තොත් චින්තාමය ප්‍රඥාව, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය, අධිශීල ශික්ෂාව කියලා. එතකොට වම් පැත්තෙන් ලියාගත්තොත් සවිතක්ක සවිචාර සමාධිය මගින් ඇති වූ මෙත්තාව නේ උදව් උපකාර වෙනවා කියලා කිව්වේ. එතකොට ඒක වම් පැත්තට ආවා නම් අවිතක්ක විචාරමාත්‍ර සමාධියෙන්, එහෙම නම් අපිට 4 සලකුණක් එතන හැදෙනවා. ඒ 4 සලකුණේ උඩ චින්තාමය ප්‍රඥාව කියන තැනට විමංසාව වැටෙනවා. දකුණු අත පැත්තට වැටෙනවා විරිය. ඒක අපි තාම කරලා නෑ. ඒක ඊළඟ පටිපදාවට නේ වැටෙන්නේ. එතකොට පහළට වැටෙන්නේ අර අධිශීල ශික්ෂාව කියන පැත්තට චිත්ත කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonHate/NonHate-02.jpg


NonHate/NonHate-03.jpg


NonHate/NonHate-04.jpg


NonHate/NonHate-05.jpg


NonHate/NonHate-11.jpg