Date: 30/04/2016 Name: Aññindriya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ උපෙක්ඛා නිමිත්ත. යම් සීලයක් වේ ද, එමගින් පහ කරන ලද ධර්මයන්ගේ උදව් උපකාරයෙන් යම් ධර්මයක් පෙර මනා කොට අත්පත් කරගෙන දුක් වින්දා ද, උදාහරණයක් වශයෙන් ගත්තොත් රැකියා, මිල මුදල් සෙවීම්, කුකුල් පට්ටි දමා සතුන් මැරීම් වැනි දේ කළා ද, එම සංස්කාරයන් අතහැරීම නිසා වන සුඛ ස්වභාවය මනසේ පවතිනවා. එමගින් යම් වේදනාවක් පෙර වින්දා ද, ඒ සෑම වේදනාවෝ දුක් වශයෙන් සැලකීම, දැනගැනීම උපෙක්ඛා නිමිත්ත නම් වේ කියලා කියනවා. මේ ඊයේ භාවනාවේ කෙළවර. ඊට පස්සේ ඇති වන්නේ උපෙක්ඛා නිමිත්ත තමයි, ඊළඟ කාරණය.

එතකොට එම උපෙක්ඛා නිමිත්තට නැවත නැවතත් පුනපුනා යොමු වන්නේ, එහි බැස ගැනීමක් වේ ද, එමගින් අව්‍යාපාද විතක්කයට එළඹෙනවා. යම් අව්‍යාපාද විතක්කයක් ඇති ද, එමගින් ද්වේෂය කියන එක බැස යනවා. එතකොට අපිට පේනවා අර ද්වේෂ පාරේ තිබෙන්නා වූ ද්වේෂය බැහැලා යනවා කියලා. එතකොට මෙතන මේ සංස්කාරයන් අතහැරීමෙන් තමයි මේ සතුට කියන එක තියෙන්නේ. ඊට පස්සේ තමන්ට පේනවා, ද්වේෂය බැස යන්නේ, අදෝෂ වන්නේ ය. එමගින් අඤ්ඤින්ද්‍රිය ඇති වෙනවා. අඤ්ඤින්ද්‍රිය මගින් දුක්ඛ ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යථාභූතව දැනගන්නවා. මේකට උදව් උපකාර වෙන්නේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය මගින් පහ කිරීමට උත්සාහ කරන ලද සමාපත්ති ධර්මයන් පහ කිරීමයි. එතකොට මේ වෙලාව වෙනකොට අපිට එනවා ආපහු අර 4 සලකුණක්.

ඒ 4 සලකුණේ හරියට ම මැද තියෙන්නේ අඤ්ඤින්ද්‍රිය, උඩ තියෙන්නේ අව්‍යාපාද විතක්කය, ඒකේ අපි ද්වේෂය බැස යනවා කියලා කිව්වා. එතකොට එතෙන්ට තමයි විමංසාව කියන එක වැටෙන්නේ. ඒ මොකද අර සංස්කාරයන්, කලින් කරපු දේවල් ඔක්කොම දුකයි කියලා කිව්වේ. සංස්කාරයන් අතහැරියා ම සුඛයක් ඇති වුණා. එයාට පේනවා, ඉස්සර කළ සංස්කාර, අදත්තාදාන වාගේ දේවල් දුකයි කියලා. ඉතින් මේක කෙළවරට ගත්තහම එහෙම නම් සමාපත්තිය කියන එකත්, ඒවත් අල්ලාගෙන ඉන්න ඒ සංස්කාරත් අතහැරීම කියන එක තියෙනවා. ඒක තමයි අඤ්ඤින්ද්‍රිය කියන එකට එන්නේ. එතකොට ඒක නිසා අඤ්ඤින්ද්‍රියෙන් වම් පැත්තට එන්නේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. සමාපත්ති ධර්මයන් පහ කිරීමට වෑයම් කරනවා.

එතකොට මෙතන කෙනෙකුට සාමාන්‍යයෙන් අපි දන්නවා ඔතන ඡන්දය කියන එකයි ලියන්නේ. හැබැයි මේකේ එකපාරට ම පෙන්වා මෙතන විරියකුත් තියෙනවා කියලා. එහෙම නම් මේ පෙන්නන්නේ විරියෙන් ඇති වුණ ඡන්දය. අරවාගේ දේවලුත් මම පහ කරනවා කියලා ඒකෙන් ඇති වුණා වූ ඡන්දය. ඉතින් 4 සලකුණේ පහළට එන්නේ අඤ්ඤින්ද්‍රියෙන් පහළට තියෙන්නේ අව්‍යාපාද විචාරය.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonHate/NonHate-06.jpg


NonHate/NonHate-07.jpg


NonHate/NonHate-11.jpg