ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව පටන් ගත්තේ, ඊයේ අවසානයට සඳහන් කළ අව්‍යාපාද විචාරයෙන්. අව්‍යාපාද විචාරය යනු කුමක් ද? යම් අව්‍යාපාද විතක්කයක් වේ ද එහි මනා කොට බැස ගැනීමක් වේ ද එය අව්‍යාපාද විචාරය නම් වේ.
කෙසේ බැස ගැනීම ද? යම් දෝෂයක් පෙර පහ කළා ද, එය නැවත නූපදින පරිදි බැස ගැනීමයි. එනම්, පූර්ව සංස්කාර නිසා සුඛ යැයි ගත් දේ දැන් දුක වශයෙන් බලන්නේ, උපෙක්ඛා නිමිත්ත මගින් සුඛය පහ වන්නේ දුක්ඛය මතු වන්නේ යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍ය ම නැවත නැවතත් පුනපුනා ස්ථාපිත වීමයි, stable වීමයි.
මෙසේ ධර්මයෝ දුක වශයෙන් මනා කොට වටහා ගන්නේ, භව සේවනය දුරු කරයි. කුමන භවයක් ද? මෙය අන්තරා පරිනිබ්බානී නොවූයේ සිට පිරිනිවන් පෑම දක්වා සඳහන් වන ඕනෑ ම භවයක් විය හැකි ය. එතකොට ඔය ඛේමක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය 3 වන පොතේ පිටුව 225. ඒකෙ පෙන්නනවා අනාගාමියාට අස්මිති මාන, අස්මිති ඡන්ද, අස්මිති අනුසය, ඇත කියලා. එහෙම නම්, මේ අස්මිතිය පහ කිරීමට උත්සාහ කිරීම තමයි මෙතන අපිට පේන්නේ භව සේවනය කතාවෙදි. භව සේවනය දුරු කරන්නේ සීලස්කන්ධය පරිපූර්ණ කරයි. යම් භවයක පැවැත්මක් නොමැති ද එය ම සීලයට තුඩු දේ.
ඒක බලන්න ඕන අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය හැටියට. අර පාණාතිපාතා අකුසලා කියලා ඒ අකුසලයන් කියන ඒවා පහ කරනවා. එකේ පෙන්නනවා බුදුහාමුදුරුවෝ, යම්කිසි දෙයක් කළහම කුසලය වැඩි වෙනවද අකුසලය පහ වෙනවද අන්න ඒ දේවල් කරන්න කියලා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒකෙ පෙන්නනවා අත්තභාව පටිලාභය, ඒකත් පහ කරනවා කියලා. Rebirth not ended කියලා තිබුණේ. එතකොට මෙතන අස්මිතිය කියන එක පහ කරනවා. සීලස්කන්ධය කියන එක පරිපූර්ණ කරනවා. ඉතින් මෙතැන දී අභිජ්ඣාව පහ වෙනවා. එතකොට මේක හරි ලස්සන භාවනාවක්.
මේක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්