ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඔය පෙටකොපදෙසයේ සිංහල පොතේ පිටුව 321, ඒකෙ පෙන්නනවා අමෝහ කුසල මූලයෙන් භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ කෙරෙනවා. භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ වූවා, අවිතක්ක අවිචාර සමාධිය පුරනවා. අවිතක්ක අවිචාර සමාධිය පරිපූර්ණ වූයේ අධිප්‍රඥා ශික්ෂාව පුරනවා. අධිප්‍රඥා ශික්ෂාව පරිපූර්ණ වූවා පග්ගහ නිමිත්ත පුරනවා. පග්ගහ නිමිත්ත පිරුණේ අඤ්ඤාතාවින්ද්‍රිය පුරනවා. අඤ්ඤාතාවින්ද්‍රිය පරිපූර්ණ වූයේ අවිහිංසූපවිචාරය පුරනවා. අවිහිංසූපවිචාරය පිරුණේ බ්‍රහ්මචරියෙසනාව පුරනවා. බ්‍රහ්මචරියෙසනාව පරිපූර්ණ වූවා ප්‍රඥා ස්කන්ධය පරිපූර්ණ කරනවා.
එතකොට මේකේ අමෝහ කුසල මූලයෙන් භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ කෙරෙනවා. භාවනාමය ප්‍රඥාව යනු කුමක් ද? යම් අකුසලයක් වේ ද, එම අකුසලයෝ අකුසලයෝ වශයෙන් දන්නේ, දක්නේ, යම් කුසලයක් වේ ද, කුසලය, කුසලය වශයෙන් දන්නේ, දක්නේ එහි කුසලයාගේ යම් දියුණු කිරීමක්, වැඩිදියුණු කිරීමක් වේ ද එය භාවනාමය ප්‍රඥාව නම් වේ. මෙය අමෝහයේ අර්ථ දැක්වීම සමඟ සසඳා බලන්නේ වැටහෙයි. අපි දන්නවා “නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං.”
එතකොට එතන පෙන්නනවා නිවන රත්න යැයි කොට ආශ්චර්යභාවයෙන් අතුලයි. ඒ කුසලයාගේ ඉපදීමක්, දැනීමක්, නුවණින් දැකීමක් ඇත්ද මෙය අමෝහයයි. එතකොට ඒ දෙක ලස්සනට පේනවා. ඉතින් කුසලයාගේ දියුණු කිරීම දෙයාකාර වෙනවා. පාණාතිපාත වැනි අකුසලයන්ගෙන් වෙන් වීම එකකි. නූපන් කුසලයාගේ ඉපදීමක්, උපන් කුසලයාගේ වැඩිදියුණු වීමක් ඇති ද, එය තව එකකි.
මේ භාවනාව හරි අමාරුයි මෙතනට ආවාට පස්සේ. එතන ම ඔළුව විශාල වෙලා එතන ම නතර වෙලා යනවා. මොකද නිවන ම නේ අල්ලන්නේ අන්තිමට ගත්තහම.
භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ වූයේ අවිතක්ක අවිචාර සමාධිය පුරනවා. අවිතක්ක අවිචාර සමාධිය යනු කුමක් ද? විතක්කයක් විචාරයක් නැත. කුමන විතක්කයක් ද විචාරයක් ද? කාම විතක්කයෝ නැත, විචාරයෝ නැත. ව්‍යාපාද විතක්කයෝ නැත, විචාරයෝ නැත. විහිංසා විතක්කයෝ නැත, විචාරයෝ නැත. ඒවා සිතේ නැත්නම් කිසිම ආකාරයකින් නැහැ ඒක.
දැන් එතන කෙනෙකුට තේරුම් ගන්න ඕන, දැන් ඔය පළවෙනි විරිය එහෙම ගත්තහම, ඒවා එපා කියලා, මේක එපා නෙවෙයි, ඒවා නෑ. එතකොට අවිතක්ක අවිචාර සමාධිය පරිපූර්ණ වූයේ අධිප්‍රඥා ශික්ෂාව පුරනවා. අධිප්‍රඥා ශික්ෂාව යනු කුමක් ද? යම් කුසලයාගේ ඉපදීමක් ඇති ද එයයි. කුමන කුසලයක් ද? අරූප ධ්‍යාන කුසලයයි. අරූප ධ්‍යාන කුසලය යනු කුමක් ද? අරූප ධ්‍යාන කිසිවක් අල්ලා ගැනීමක් නැතිව ඉතිරි වේ ද එයයි. කුසලය කිව්වා ම අර මගේ කියලා ගන්නේ නෑ. අසූචි මගේ නෙවේ, අන්න ඒ වගේ ඒකවත් මගේ කියලා ගැනීමක් නෑ.
මේ ඉහළ ම වූ සම්මා දිට්ඨියෙදි සාකච්ඡා කළ අයුරින්, ඒ කියන්නේ චූල සුඤ්ඤතයේදි අපි පෙන්නුවා නේ දුක්ඛ නිරෝධ සත්‍යය පමණක් ඉතිරි වන්නා වූ සම්මා දිට්ඨිය ලෙස වටහා ගත යුතුයි. එතකොට ඒ කාරණා තුන තමයි අද භාවනාවෙදි බැලුවේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්