Date: 03/05/2016 Name: Aññatavino indriya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි සිහි කළේ පග්ගහ නිමිත්ත කියන එක. පග්ගහ නිමිත්ත යනු කුමක් ද? යම් ආශ්‍රවයක් වේ ද, එම ආශ්‍රවය ක්ෂය කිරීමට තුඩු දෙන්නා වූ යම් දහමක් වේ ද, එයයි. කුමන ධර්මයක් ආශ්‍රවයන් ක්ෂය වීමට තුඩු දෙන්නේ ද? චතුරාර්ය සත්‍යයයි. එහි යම් බැස ගැනීමක් වේ ද, එය පග්ගහ නිමිත්ත නම් වේ. පග්ගහ නිමිත්ත පුනපුනා වඩන්නේ, මනස යොමු වන්නේ, එයින් අඤ්ඤාතාවින්ද්‍රිය, පාලි භාෂාවෙන් පෙන්නනවා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියලා, සිංහලෙන් කියනවා අඤ්ඤාතාවින්ද්‍රිය කියලා, ඒක ඇති වෙනවා.

අඤ්ඤාතාවින්ද්‍රිය යනු කුමක් ද? යම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමක් ඇත්ද, එයයි. එමගින් අනාශ්‍රව වේ. මෙය සිදු වන්නේ කෙසේ ද? අනාශ්‍රව චිත්තයේ පුනපුනා වැඩීමක්, දියුණු කිරීමක් ඇති ද එයයි. එය සතර ආකාරයකින් සම්පූර්ණ විය යුතුයි.

යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි. යම් ආශ්‍රවයක් ඉපිද ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි.

උදාහරණ වශයෙන්, tea cup එක තුළ ඇත්තේ පුහු සඤ්ඤාවක් බව මනා කොට අවබෝධ කර දන්නේ, දක්නේ එහි යම් පහ කිරීමක් ඇති ද, එය මුළා නොවී පවත්වයි. අඤ්ඤාතාවින්ද්‍රිය මගින් අවිහිංසා පවිචාරය වැඩේ. අවිහිංසා පවිචාරය යනු කුමක් ද? යම් කුසලයාගේ ඉපදීමක් ඇති ද එයයි. සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය. ඉතින් ඒ විදිහට භාවනා කළහම අනාශ්‍රවය ඒකේ ම පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonDelusion/NonDelusion-06.jpg


NonDelusion/NonDelusion-07.jpg


NonDelusion/NonDelusion-08.jpg