Date: 04/05/2016 Name: Paññakkhandha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ බ්‍රහ්මචරියෙසනාව. බ්‍රහ්මචරියෙසනාව කියන්නේ කුමක් ද? යම් ආශ්‍රවයක් ප්‍රහීණ කළ අයකු කෙසේ ජීවත් වන්නේ ද? එසේ ජීවත් වීමට උත්සාහ කිරීමයි. එය තුන් ආකාර වන්නේ ය.

පළමුවෙන් ම, යම් අකුසලයක් පහ කරන ලද්දේ නැවත එම අකුසලයෝ නොගනී. දෙවනුව, යම් කුසලයක් වඩන ලද්දේ ද එම කුසලයෝ මුළා නොවී පවත්වයි. තුන් වෙනුව, යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වනවා.

එතකොට ඔය පළමු වෙනි එකේ අපිට පේනවා, යම් අකුසලයක් පහ කළා නම්, ඒ කියන්නේ පාණාතිපාතය කියන එක පහ කළා නම් නැවතත් පාණාතිපාතයට යන්නෙ නෑ. මේ විදිහට දස කුසලය ම තමන් සිහි කරලා බලන්න ඕන ඒ අවස්ථාවේ දී. ඒක අයින් කළහම පුදුමාකාර සිතක් ඇති වෙනවා. මොකද ඔයිට ඉස්සෙල්ලා කිව්වේ සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ විදිහට නේ.

ඊළඟට ඔය තුන් වෙනි කාරණය ගත්තහම, යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද එම ආශ්‍රවයෝ නැවතත් පිහිට කොට නොපවත්වයි කියලා කියන්නේ අපි අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා යෑමක් කරන්නේ නැහැ. ඒක පිහිට කොට පවතින්නේ නැහැ. යන්නෙ මොකට ද? පිහිට හොයාගෙන, කාම ආශ්‍රවයේ පිහිට හොයාගෙන, ඒක කරන්නේ නැහැ කියන එක. එතකොට ඔය පළවෙනි කාරණාවයි, දෙවෙනි කාරණාවයි මගින් මෝහජ පරිදාහය කියන එක ඉවත් වෙනවා.

ඊළඟට තුන් වෙනි කාරණාව මගින්, ඒ කියන්නේ යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද එම ආශ්‍රවය නැවතත් පිහිට කොට නොපවත්වයි කියන එක මගින් වය සංඛත ලක්ඛණය කියන එක ඉවත් වෙනවා. කුමක් නිසා ද? යම් ආශ්‍රවයක් නැති ද එමගින් ඉපදීම නොවන බැවිනි. එතකොට මේ පටිපදාවේ තියෙන්නේ කාරණා අටයි. මෝහ පාරේ තියෙනවා කාරණා නවයක්. මේ එක කාරණාවෙන් කාරණා දෙකක් ම සිද්ධ වෙනවා බ්‍රහ්මචරියෙසනාව කියන එක.

එතකොට මේ භාවනාව කළා ම පුදුමාකාරයි මනස, ඒ අවස්ථාව. බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කරන්නේ ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ කරයි. ප්‍රඥා ස්කන්ධයට කුමන දහමක් ඇතුළත් ද? කාරණා හතරකි. පළවෙනි එකට නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව. දෙවෙනි එක ආශ්‍රව නැසීමේ ඥානය, ආශ්‍රවක්ෂය ඥානය. තුන් වෙනි එක ජාතිය ක්ෂය වූ ඥානය. හතර වෙනි එක බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය. ඒ ඥාන හතර ඒකට අයිති වෙනවා.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව. පුදුමාකාර භාවනාවක්.

බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි කාරණාව තමන් මෙනෙහි කරනකොට, ඒක අර සතර ආහාර දුක්ඛයේ අපි කතා කරපු විදිහට බලන්න ඕන. තමන් කාම ආශ්‍රවය කියන එක නැති කළා, ඒ කියන්නේ අර සුඛයි කියන එකේ පසු සඤ්ඤාව, ඒක ආපහු පිහිට කර පවතින්නේ නෑ. පිණ්ඩපාතෙ වඩින්න යනකොට භික්ෂූන් වහන්සේ නමක් කල්පනා කරන්නේ නෑ, මට මේ අද හොඳ කෑමක් හම්බවෙයි කියලා, ඒකට පිහිට කර පවතින්නේ නෑ.

ඊළඟට තමන්, අත්තා කියන එක නැසුවා. ඒ පාර එහෙම නම් අර භව ආශ්‍රවය, පසු සඤ්ඤාව හැටියට, භව ආශ්‍රවය. ඒකට මම යන්නේ නෑ. ආපහු භවයත් එක්ක තියෙන්නා වූ කතාව නෑ.

ඊළඟට ගත්තහම දිට්ඨි ආශ්‍රවය, අර නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව, නිත්‍යයි කියන කතාව මම අයින් කළා. අන්න ඒ විදිහට තමන් හිතන්න ඕන.

ඒක නිසා තමයි අර පුදුමාකාර විදිහට මනස දස කුසලයත් එක්ක ඇවිල්ලා ඒ ටික එක්කහු වුණා ම පුදුමයි මනස.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonDelusion/NonDelusion-09.jpg