Date: 05/05/2016 Name: ප්‍රඥා ස්කන්ධ 2

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි සිහි කළේ දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදානය අපි දන්නවා, අපි ලකුණු කරනවා කියලා, අර චේතනාවේ ඉඳන් පරාමාසයට, ඒ වගේ ම භය අගතියේ ඉඳන් වේදනාවට තියෙන රේඛාවල් එතන, සම්පූර්ණ වෙනවා නේ වේදනා, චේතනා, පරාමාසය, භය අගති, ආපහු වේදනා කියලා.

එතකොට යම් දිට්ඨි උපාදානයක් වේ ද, එය පරාමාසගත වන්නේ, කුමන ධර්මයෝ පරාමාසගත වන්නේ ද? ආරද්ධ විරිය නැත්තෙකුගේ සුඛ වශයෙන් ගන්නා වූ සියලු කාම සඤ්ඤාවන් පරාමාසගත වෙනවා. ධ්‍යාන ඵල ලාභියෙකුගේ ආස්වාද ඉන්ද්‍රියට යටත් වන්නා සියලු ධ්‍යානයෝ පරාමාසගත වෙනවා.

මෙසේ පරාමාසගත වූ සුඛ වූ සඤ්ඤාවෝ, ධ්‍යාන සඤ්ඤාවෝ, කෙසේ පරාමාසය තුලින් ඉවත් වේ ද? පරාමාසයට එම දහම් නැවත ඇතුල් නොවීමෙන් ඉවත් වේ ද, නැතහොත් පරාමාසයට පිරිසිදු වූ, අකලංක වූ, වෙනස් නොවන්නා වූ දහමක් ඇතුල් වීමෙන් ඉවත් වේ ද?

පිළිතුර වන්නේ දෙවෙනියට සඳහන් කළ දේ ය. එනම් පිරිසිදු වූ චතුරාර්ය සත්‍ය ධර්මය ම ඇතුළත් වීමෙන් ම, පරාමාසය පිරිසිදු වෙයි. මෙම පිරිසිදු වීම ඊයේ භාවනාවේ දී සඳහන් කළ ප්‍රඥා ස්කන්ධය මගින් සිදු වෙනවා. ඉතින් ඔය අකලංකයි කියලා කිව්වේ, unshakable.

එතකොට මේ භාවනාව අපිට කරන්න තියෙන්නේ අමෝහ කුසල මූලයෙන් පටන් අරගෙන, ප්‍රඥා ස්කන්ධය දක්වා ඒ අමෝහ පාර මෙනෙහි කරන්න ඕන. එසේ කරන්නේ දිට්ඨි උපාදානය ගැලවෙන්නේ, වැය වී යන්නේ, දුක්ඛ table එකේ සක්කාය දිට්ඨි column එක සම්පූර්ණයෙන් ම නැති වෙන බව මනා කොට වැටහෙනවා. ඉතින් එහෙම නම් අනිත් ඒවත් තමන්ට හිතා ගන්න පුළුවන්, අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඒ විදිහට නේ තියෙන්නේ.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonDelusion/NonDelusion-11.jpg


DukkaChakraya/DukkaChakraya-07.jpg