Date: 06/05/2016 Name: මෙත්තා

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ, මෙත්තා සහගතව සිටීමේ වැදගත්කම. යම් මෙත්තාවක් වේ ද එමගින් චිත්ත සමාධිය ඇති වෙන බව දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවෙදි අපි ඉගෙන ගත්තා. තව ද ඉද්ධිපාද ධර්මයන් බලන්නේ මෙත්තාවෙන් තොරව විමංසාවක්වත් නොවන බව අපි දනිමු. අවිතක්ක විචාර සමාධිය සඳහා අඩු ම තරමින් මෙත්තාව අවශ්‍ය බව අපි ඉගෙන ගත්තා. භවයේ යෑමේ විතක්කයක් නෑ කියලා එතන දී.

අවිතක්ක විචාර සමාධිය සම්පූර්ණ වන්නේ අධිශීල ශික්ෂාව සම්පූර්ණ කරනවා. එමගින් පාණාතිපාතා වැනි දේ පහ කරන්නේ කරුණාව ඇති වෙනවා. එම කරුණාව අවිතක්ක අවිචාර සමාධියට පිටුවහල් වෙනවා. උදව් වෙනවා. අවිතක්ක අවිචාරය තුළ දී කාම විතක්ක නැත. විචාර නැත. ව්‍යාපාද විතක්ක නැත. විචාර නැත. විහිංසා විතක්කයෝ නැත. විචාර නැත.

ඉතින් මේ කාරණා ටික අපි ලියාගත්තොත් කාරණා නවයක්, සුතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව කියලා columns තුනකට ලිව්වොත්, ඊළඟ line එකට එනවා විතක්ක විචාර සමාධිය, අවිතක්ක විචාර සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය. පහළ, තුන් වෙනි line එකට එනවා, අධිචිත්ත ශික්ෂාව, අධිශීල ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව කියලා.

එතකොට, ඔය දැන් කිවූ කාරණාවත් එක්ක බලනකොට අපිට පේනවා, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය කියන එකට තුන් දෙනෙක් උදව් උපකාර කරනවා. උඩින් චින්තාමය ප්‍රඥාව, වම් අත පැත්තෙන් විතක්ක විචාර සමාධිය, පහළින් අධිචිත්ත ශික්ෂාව. එතකොට අපි දන්නවා විතක්ක විචාර සමාධිය එතන අපිට මෙත්තාව තියෙනවා. එතන දී අපි පෙන්නුවා ඔය අට වෙනි ධ්‍යාන සංස්කාර ඉවත් කරනවා. පහ, හය, හත ධ්‍යාන සඤ්ඤා, ඊළඟට රූපයට නිත්‍යයි කියලා එකතු කරන සඤ්ඤා ඉවත් කරනවා කියලා. අර පෙන්නුවා නේ සෝවාන් ඵල ලාභියා ඒ ඵල චිත්තය එහෙම භාවිතා කරලා තමයි නෙවසඤ්ඤනාසඤ්ඤා සංස්කාර හිටන් අයින් කරන්නේ කියලා.

එතනින් අපි එනවා අධිචිත්ත ශික්ෂාවට. එතකොට එතන සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා. මෙවැනි ප්‍රඥා ඇති ධ්‍යාන හතර තමයි අධිචිත්ත ශික්ෂාවට වැටෙන්නේ. දැන් එහෙම නම් අපිට පේනවා, අවිතක්ක විචාරමාත්‍ර සමාධිය කියන එක ගත්තහම අර භවයේ යන විතක්කය නෑ. එහෙම නම් ඒකට දෙන්නෙක් උදව් උපකාර කරනවා. චින්තාමය ප්‍රඥාවෙන් නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියලා ගන්න එක. ඒ වාගේ ම පහළින් අපිට පෙන්නනවා, අර ධ්‍යාන හතර අපි කිව්වා නේ, සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව. අන්න එතනදි එහෙම නම් අපි අර අට වෙනි ධ්‍යාන සංස්කාර. පහ, හය, හත ඒවා ඔක්කෝම අයින් කරලා තියෙනවා. ඒ ධ්‍යානයන් අයින් කරලා, රූපයට නිත්‍යයි කියන එකත් අයින් කළහම එහෙනම් භවයේ යන කතාව නෑ. එතකොට නිර්වාණය ම තමයි එයා හොයන්නේ, පතනවා කියන එක තියෙනවා.

ඊළඟට ආපහු අපිට පේනවා අවිතක්ක අවිචාර සමාධිය කියන එක බලනකොට එතන කාම විතක්ක නැත. ව්‍යාපාද විතක්ක නැත. විහිංසා විතක්ක නැත. විචාර නැත. එහෙම නම් ඕකේ කාම විතක්ක නැතෙයි කියන එකට අර භාවනාමය ප්‍රඥාවේ තියෙනවා කුසලයාගේ දියුණු කිරීම. ඒ කියන්නේ අසූචි, පඨවිය මගේ නෙවෙයි, ආදී වශයෙන් ගන්න ඕන, “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාවේ වගේ. එහෙම නම් කාම විතක්කයන් නෑ.

ඊළඟට ආපහු ගත්තහම අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ, භවයේ යන විතක්කය නැහැ. එහෙම නම් එතකොට, භවයේ යනවා නම් නේ ව්‍යාපාද කතාවන් කියන ඒවා ඇති වන්නේ. අතහරිනවා නම් ඔය කතාව නෑ. මෙයා හොයන්නේ නිර්වාණය. නිවනින් පිටත දෙයක් ගන්නේ නෑ. එහෙම නම් ව්‍යාපාද විතක්කයන් නෑ.

ආපහු අපිට පේනවා තුන් වෙනි කාරණය විහිංසා. ඉතින් විහිංසාව නැති වන්නේ අධිශීල ශික්ෂාවෙන් පාණාතිපාතා කියන එක ඉවත් කළා, එහෙම නම් කරුණාව කියන එක තියෙනවා, හිංසාවක් කියන එක වෙන්නේ නෑ. එතකොට මේ විදිහට අපිට පේනවා ඒ එක කාරණාවකට අවිතක්ක අවිචාර සමාධිය ඒකට තුන් කාරණාවක් තුන් පැත්තකින් එකතු වෙනවා. අවිතක්ක විචාරමාත්‍ර සමාධියට ඒ තුන් පැත්තකින්, උඩිනුයි, වම් පැත්තෙනුයි, පල්ලෙහායිනුයි එනවා. ඉතින් මේ විදිහට භාවනාව කළාට පස්සේ ඉතින් තමන්ගේ අධිප්‍රඥා ශික්ෂාවට ඇවිල්ලා ඒ අරූප ධ්‍යාන එකකටවත් ඇලෙන්නේ නැතිව නිරෝධය කියන එක ඒ විදිහට ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

ඉතින් මේ භාවනාව කළා ම හරි ලස්සනට පේනවා, මේ පෙන්නලා තියෙන්නේ අර ලෝභ, දෝෂ, මෝහ භාවනාවේ, අපේ අර diagram එක තියෙන්නේ. අර රාගජ පරිලාහ, ද්වේෂජ පරිලාහ, මෝහජ පරිලාහ. මේ පෙන්නුවේ මුල කාරණා තුන තුන අරගෙන නේ. එහෙම කළා නම් දැන් අපිට පේනවා රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා කියන කතාව නෑ. ඒක නැති වීම නිසා තමයි අර නිර්වාණය කියන එක ඇති වුණේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Lobha_Dosa_Moha/Lobha_Dosa_Moha-01.jpg