ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව, අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා. මෙවැනි ප්‍රඥා ඇති පළවෙනි, දෙවෙනි, තුන් වෙනි, හතර වෙනි ධ්‍යානයන් භාවිතා කරන්නේ පාණාතිපාතා වැනි අකුසලයන් පහ කිරීම සුඛ වශයෙන් දැනෙන්නේ උපෙක්ඛා නිමිත්ත හටගන්නවා. මේකට අධිශීල ශික්ෂාවත්, සමථ නිමිත්තත් උදව් උපකාර කරනවා. අපි දන්නවා ද්වේෂය නිසා පාණාතිපාතය, පාණාතිපාතය නිසා ද්වේෂය. ද්වේෂය පහ කිරීමට සම වදින්නේ, ඒ කියන්නේ සමථ නිමිත්ත, ඒ නිසා පාණාතිපාතය කියන එක නොකරනවා.
එතකොට මේ භාවනාව කෙනෙකුට පුළුවන්, ඊයේ වගේ හදාගන්න, කාරණා තුන තුන, නවයක්. ඒකෙදි, පළවෙනි row එක හැටියට ලියාගන්නවා අධිචිත්ත ශික්ෂාව, අධිශීල ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව. දෙවෙනි row එක හැටියට ලියනවා, සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත. තුන් වෙනි row එකට එනවා, නෛෂ්කම්ම විතක්කය, අව්‍යාපාද විතක්කය, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය. අඤ්ඤාතාවින්ද්‍රිය කියලා සිංහලෙන් කියනවා.
එතකොට මේකට යටින් ලියාගන්න ඕන, ඔය rows තුන හදාගෙන, අධිචිත්ත ශික්ෂාව යටින්, කෙටියෙන් සඳහන් කරගන්නවා අපි, සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා. මෙවැනි ප්‍රඥා ඇති ධ්‍යාන හතර. අධිශීල ශික්ෂාවට යටින් ලියාගන්නවා ඒකේ අර්ථය, පාණාතිපාතය ඉවත් කිරීම, කරුණාව ඇති වීම. අධිප්‍රඥා ශික්ෂාව යටින් ලියාගන්නවා අරූප ධ්‍යාන කුසලය, ඒ කියන්නේ අරූප ධ්‍යානයන්හි නොඇලීම කියන එක.
ඊට පස්සේ සමථ නිමිත්ත යටින් ලියාගන්නවා, පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම, ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවැදීම. උපෙක්ඛා නිමිත්ත යටින් ලියාගන්නවා පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේවල් පාණාතිපාතය වැනි දේවල් දුක්ඛ වශයෙන් දැකීම. පග්ගහ නිමිත්ත යටින් ලියාගන්නවා, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. නෛෂ්කම්ම විතක්කය යටින් ලියාගන්නවා අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය. අව්‍යාපාද විතක්කය යටින් ලියාගන්නවා උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම. ඒ නිසා ද්වේෂය බැස යනවා කියලා. අඤ්ඤාතාවින්ද්‍රිය යටින් ලියාගන්නවා ආශ්‍රවක්ෂය වීමෙන් අනාශ්‍රව වෙනවා, මේක හතර ආකාරයි කියලා.
එතකොට දැන් අපි මුලින් ම අපි සඳහන් කළේ, මැද්දේ තියෙන උපෙක්ඛා නිමිත්තට තුන් පැත්තකින් ධර්මයන්ගෙන් ගලාගෙන එනවා. ඒ කියන්නේ උඩ, පාණාතිපාතය ඉවත් කිරීම කියන එක. පාණාතිපාතය අධිශීල ශික්ෂාවෙන් එන එක. ඒකට නිකම්ම නෙවෙයි එන්නේ. අධිශීල ශික්ෂාවට එන්නේ සමථ නිමිත්තෙන්. උඩ පැත්තට ගිහිල්ලයි ඒකට සම්බන්ධ වෙන්නේ. මොකද පහ කළ යුතු ධර්මයන් පහ කරනවා, ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවදිනවා. ඒක හරි ලස්සනයි. එතෙන්ට නිකම්ම නෙවේ එන්නේ, අධිචිත්ත ශික්ෂාවෙන් තමයි සමථ නිමිත්තට එන්නේ.
එතකොට දැන් පේනවා මේ උපෙක්ඛා නිමිත්තට තුන් පැත්තකින් එනවා කියන්නේ, අධිශීල ශික්ෂාවෙන් පහළට ඒමක් තියෙනවා, ඊළඟට, අධිචිත්ත ශික්ෂාවෙන් හරහට, මම නම් ඕක green arrow එකකින් ඇඳගත්තා අධිචිත්ත ශික්ෂාවෙන් උපෙක්ඛා නිමිත්තට පල්ලෙහාට එන එක. ඊළඟට සමථ නිමිත්තෙන් කහ පාට arrow එකකින් දාගත්තා උපෙක්ඛා නිමිත්තට එන එක. ඒක ඉතින් හිතලා බැලුවා ම ලස්සනට පේනවා, දැන් සුඛ වශයෙන් මේක තේරෙනවා. මොකද දැන් එයා ධ්‍යානයන්ට ගියා, ගියායින් පස්සේ තමයි පෙනෙන්නේ මේ පාණාතිපාතය කරගෙන ඉන්න එක හොඳ නැහැ නේ ද කියලා. කොච්චර හොඳ ද මට මේ සුඛයක් සහගතව මම ඉන්නවා කියන එක.
දැන් ඔය විදිහට ම දැන් එහෙම නම් තුන් ධර්මයක් අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකට එනවා. අර green arrow එක කියන එක continue වෙනවා උපෙක්ඛා නිමිත්තෙන් අඤ්ඤාතාවින්ද්‍රියට ඒමක් තියෙනවා. ආපහු තියෙනවා අව්‍යාපාද විතක්කය මගින්, ඒ කියන්නේ උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීමෙන් දෝසය බැස ගිහිල්ලා අඤ්ඤාතාවින්ද්‍රියට එන එකක් තියෙනවා. ආපහු තියෙනවා පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම නිසා අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකට ඒමක් තියෙනවා. දැන් එහෙනම් අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකේ, අපි ගන්නවා ආශ්‍රවක්ෂය වීමෙන් අනාශ්‍රව වෙනවා කියලා. මේක හතර ආකාරයි කියලා. ඒක අපි ලියාගත්තා.
යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කරනවා. මේක සම්බන්ධ වෙනවා අර උපෙක්ඛා නිමිත්තට. උපෙක්ඛා නිමිත්තෙන් තමයි ඔය කෑල්ල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පාණාතිපාතය වැනි දේවල් කලින් කළා, දැන් නැහැ, ආපහු නොඉපදවීම සඳහා දේ කරනවා. මොකද ඒක, දැන් පේනවා ඒවා කරන එක දුකයි කියන එක තියෙනවා.
ඊළඟට දෙවෙනි කාරණයට පෙන්නනවා යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය. එතකොට අන්න ඒවා අපිට පේනවා, අව්‍යාපාද විතක්කයෙන් තමයි ඒක පහ වෙලා යන්නෙ කියන එක. එතකොට අර ද්වේෂය කියන එක එහෙම බැහැලා ගිහිල්ලා, ඒ කතාව නැති වෙනවා. එතකොට වම් පැත්තෙන් තමයි ඒ row එකෙන් තමයි ඒක ආවේ.
ඊළඟට යම් ආශ්‍රවයක් පහ කිරීමට කුසලයක් කළ යුතු ද, එම කුසලය වඩා තිබිය යුතු ය. අන්න ඒක එන්නේ අධිචිත්ත ශික්ෂාවෙන්. අර ධ්‍යානයන් තිබුණා නේ, මේවා පහ කරලා, අර සම්මා ඥානය සහගත වූ ඒ ධ්‍යානයන්ගෙන්.
ඊළඟට යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පවත්වනවා. ඉතින් මුළා නොවී පවත්වන්න පුළුවන් එක ම තමයි නිර්වාණය. එතකොට ඒක එන්නෙ පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ කියන එකේ බැස ගැනීම කියන එකෙන්. වෙන එකක් නෙවෙයි මට නිවනයි කියලා. අර ඉහළ ම සම්මා දිට්ඨිය ඇති වෙලා එන්නා වූ එක තමයි, මෙතන පෙන්නන්නෙ. ඉතින් මෙහෙම හරහට බැලුවා ම හරි පුදුමයි. ඒ කියන්නේ ඊයේ භාවනාවෙන් මම පටන් ගත්තා මෙත්තාව, ඊයේ විදිහට කළා, ගිය ගමන් ඒක සිහි කරනවා කියලා ගත්ත ගමන් අර picture එක මතක් වෙච්ච ගමන් එහෙම ම මනස නතර වුණා. ඊට පස්සේ ආපහු ඒකෙන් එළියට ඇවිල්ලා තමයි මේක මේ විදිහට කළේ. මේකත් එහෙමයි. පුදුමාකාරයි ඒ භාවනාව මෙහෙම හරහට බලනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.