ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
උපෙක්ඛා නිමිත්ත භාවිතා කරන්නේ එමගින් ම අරි අට මඟට පදනම ඇති වෙනවා. දස කුසලය හරහා අරි අට මඟ පෙර පහ කරන ලද්දා වූ අට වෙනි ධ්‍යාන, පහ, හය, හත ධ්‍යාන, ඒ වගේ ම රූපයට නිත්‍යයි එකතු කිරීම මනා කොට ඉවත් කරන ලද්දේ, අවබෝධ නොවූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා වෑයම් කරයි. එනම් සමාපත්ති ධර්මයන් පහ කිරීමට වෑයම් කරයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය තියෙන්නෙ ඒකයි, මෙහි මනා කොට බැසගන්නේ මුදිතාව ඇති වෙනවා.
ඉතින් මේ භාවනාවේ අපිට පේනවා, අපි දැන් බලලා තියෙන අලෝභ, අදෝෂ, අමෝහවල හතර වෙනි line එක ගත්තොත්, ඒකට වැටෙන්නේ සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත කියන තුන. එතකොට ඒ සමථ නිමිත්තේ තියෙන්නේ පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම, ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවැදීම කියන එක. උපෙක්ඛා නිමිත්ත කිව්වා ම පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද එයින් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දන්නවා. පග්ගහ නිමිත්තේ තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම.
ඉතින් මෙතන අරි අට මඟ කියන එක විශේෂිතයි. අපි එක පැත්තකින් දුකයි කියලා දැනගන්නවා, පාණාතිපාතය වැනි දේවල් කරන එක. අනිත් පැත්තෙන් අරි අට මඟ කියන එක හැදෙනවා අපි අර දස අකුසලයෙන් වෙන් වුණා, අලෝභ, අදෝෂ, අමෝහ හරහා අරි අට මඟ. ඊළඟට පස් වෙනි line එකේ අපි ගන්නේ මැද්දේ අව්‍යාපාද විතක්කය විතරයි ලියා ගන්නේ. ඒ කියන්නේ උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම, ද්වේෂය බැස යයි කියන එක. රහතන් වහන්සේ පෙන්නුවේ මුලින් ම ඔය හතර වෙනි line එක ලියලා හය වෙනි line එක ලියන්න කියලා. එතකොට හය වෙනි line එකේ එනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. ඒකේ තියෙන්නේ අවබෝධ නොවූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සඳහා විරිය. මෙයට සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය අඩංගුයි. ඉතින් ඒකෙන් අපි දන්නවා කාම විතක්කයෝ කියන ඒවා තමයි බැස යන්නේ කියන එක.
ඉතින් මේ විදිහට භාවනාව කළා ම, ඒ කියන්නේ අපි සමථ නිමිත්තෙන්, උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත, පග්ගහ නිමිත්තෙන් අර මැද්දේ තිබෙන අව්‍යාපාද විතක්කය හරහා, ඒ කියන්නේ උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම හරහා, අපි කෙළින් ම එනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට. පග්ගහ නිමිත්තෙන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට එන එක තමයි මේකෙන් පෙන්නන්නේ කෙළින් ම.
එතකොට මේ භාවනාව හරි ම හොඳයි, මේ භාවනාව කළහම මුදිතා අප්‍රමාණය කියන එක ඇති වෙනවා. ඒකට පදනම වුණේ සම්මා ආජීවය මෙනෙහි කිරීම. ඒක වැදගත් කියලා මට හොඳට තේරුණා, ඒක මෙනෙහි කරනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. මේ සම්මා ආජීවය මෙනෙහි කරලා මුදිතා අප්‍රමාණයට ගිහිල්ලා මෙතන ඉඳලා පග්ගහ නිමිත්ත වැඩියෙන් මෙනෙහි කරන්නේ ආකිඤ්චන විමුක්තිය වෙනවා. සමථ නිමිත්ත වැඩියෙන් මෙනෙහි කරන්නේ ආකාසානඤ්චායතන වෙනවා. ඒක හොඳින් වැටහුණා. කුමක් නිසා ද?
දැන් ආකාසානඤ්චායතන පැත්තෙ නම් ලෝභ, දෝෂ, මෝහ ධර්මයෝ ඉතා සියුම් ය. ඊර්ෂ්‍යා වැනි ධර්මයෝ පහ කළ යුතු ය. සම්මා ඥාන ඇත්තේ අරි අට මඟ හරහා අවිද්‍යා ආශ්‍රව නොවන්නේ සම්මා සමාධියෙන් සම්මා ඥාන විදිහට එනවා නේ. එහෙම වන්නේ, අවිද්‍යා ආශ්‍රව නොවන්නේ කාම ආශ්‍රව නොවීමත් සමාපත්ති ධර්මයන් ඉවත් කරන කාම විතක්කය නොවන බව පැහැදිලියි. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට එන්නේ නෑ.
මෙතන අපි කතා කරන්නේ සමාපත්ති ධර්මයක හරි ඉන්න එක කෙනෙක් සුඛයි කියලා හිතනවා ද අන්න ඒක නිසා වෙන්නා වූ කාම ආශ්‍රවයක් තියෙනවා ද ඒක පහ වෙනවා. එතකොට ඒ නිසා අර කාම විතක්කය කියන ඒවා බැහැලා යනවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක, ඒක පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්