ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ කරුණාව. ඉතින් මේකට අපි ඇඳගන්නවා නම් කාරණාවන්, අපි මේකේ මැද්දේ centre line එක එන්නේ කාමෙසන ප්‍රහාණය, අට වෙනි line එක භව සේවනය දුරු කරනවා. ඔතෙන්ට ම ගන්නවා බ්‍රහ්මචරියෙසනාව, අපි දන්නවා ඒක line දෙකකට වැටෙනවා කියලා. එතකොට උඩින් එනවා අව්‍යාපාද විචාරය හත් වෙනි row එකේ මැද column එක. ඊට පස්සේ පල්ලෙහා නම වෙනි row එකට එනවා සීලස්කන්ධය සම්පූර්ණ කරයි කියලා. ඔන්න ඔය කාරණා ටික තමයි, ඒකෙදි මෙනෙහි කරන්න ඕන.
දැන් අපි දන්නවා, අව්‍යාපාද විචාරය අර යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍ය ම ස්ථාපිත වීම එතන තියෙනවා. කාමෙසන ප්‍රහාණයේ තියෙනවා ධ්‍යාන තලයක ඉපිද එහි ගත කිරීමට ඇති ආසාව දුරු කරනවා කියන එක. භව සේවනය දුරු කරනවා කියන එකේ තියෙනවා අන්තරා පරිනිබ්බානය නොවීමේ සිට පිරිනිවන් පෑම දක්වා වූ භවයන් දුරු කරනවා.
බ්‍රහ්මචරියෙසනාවේ කාරණා තුනක් තියෙනවා. පහ කරන ලද අකුසලයන්, ඒවා පහ කළා ද, ඒවා නැවතත් ගන්නේ නෑ. දෙවෙනියට පෙන්නනවා වඩන ලද කුසලයෝ මුළා නොවී පවත්වනවා. තුන් වෙනුවට පෙන්නනවා, යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, නැවත එය පිහිට කොට නොපවත්වනවා කියලා. මේකෙන් ගන්න ඕන මේ දෙවෙනි කාරණය. වඩන ලද කුසලයෝ මුළා නොවී පවත්වනවා කියන එක.
එතකොට එතනින් අපිට එනවා arrow එකක් දෙවෙනි කාරණයේ ඉඳන් අපි නම වෙනියට සඳහන් කරන සීලස්කන්ධයට, ඒ arrow එකේ කෙනෙක් ලියාගන්න ඕන, රූපය ස්පර්ශ වීම නිසා ඇති වෙන වේදනාවන් ඉවත් කිරීමෙන් වන කුසලය කියලා. වඩන ලද කුසලයෝ මුළා නොවී පවත්වනවා කිව්වේ ඒකයි. එතකොට මේකේ පේනවා ඒ ඒ කාරණාවෙන් යම් වූ කොටසක් අරගෙනයි අපි ඔය සීලස්කන්ධය සම්පූර්ණ කරන තැනට මෙතනදි එන්නේ, සම්පූර්ණයෙන් සීලස්කන්ධය සම්පූර්ණ කිරීම නෙවෙයි.
එතකොට අපිට දැන් මේක පේනවා, අව්‍යාපාද විචාරයේ දී අපි සාකච්ඡා කරපු ආකාරය. එතනදි අපි පැවසුවා යම් දෝෂයක් පෙර පහ කළා ද, එහි නැවත නූපදින පරිදි බැස ගැනීමයි කියලා, එනම් පූර්ව සංස්කාර නිසා සුඛ යැයි ගත් දේ දැන් දුක වශයෙන් බලන්නේ, උපෙක්ඛා නිමිත්ත මගින් සුඛය පහ වන්නේ, දුක්ඛය මතු වන්නේ යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍ය ම නැවත නැවතත් පුනපුනා ස්ථාපිත වීමයි කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට චතුරාර්ය සත්‍යයේ එහෙම නම් ඒකෙත් ඔක්කෝට ම නෙවෙයි, දෙවෙනි සත්‍යයට මනා කොට සිත යොමු කරයි. වේදනාව නිසා තණ්හා වීම වටහා ගන්නේ, යම් වේදනා සහගත වූ ධ්‍යාන තලයක් වේ ද, එහි නොබැස ගැනීම සඳහා වෑයම් කරන්නේ, එයට සියලු ධ්‍යාන තලවල ඉපදීම දුක බව හැඟීම් ඇතත්, ඒ කියන්නේ කාමෙසන ප්‍රහාණයෙන් අපිට ඒක එනවා. ඒ වුණාට තවමත් පහ කිරීමට නොහැකි වූ වේදනාවන් ඇත්තේ, රූප ස්පර්ශය නිසා ඇති වන වේදනාවන් ඉවත් කිරීමට සමත් වී, කරුණාවෙන් අප්‍රමාණයට යනවා. හැබැයි මෙතන පේනවා තවත් වේදනාවන් තියෙනවා, ඒවා ඉවත් කර ගන්නට තමන් සමත් වෙලා නෑ. කුමන හේතුවක් නිසා වේදනාවන් සම්පූර්ණයෙන් පහ කිරීමට නොහැකි වූවා ද? සමහර ධ්‍යාන තලවල තේජෝ ධාතු ස්වභාවය නිසා වන ආකර්ෂණය වැඩිය. ඒ නිසා ය.
එතකොට එයාට පුළුවන් දේ එයා කරගත්තා. කරගෙන තමයි මෙතන මේ කරුණාවෙන් අප්‍රමාණයට යන්නේ. ඉතින් ඕක පේනවා අර ඉද්ධි diagram එකෙත් අර වේදනාව නිසා ඇති වෙන කොටස අයින් කළා ම පෙන්නුවේ අත්තවාද උපාදානයේ සිට අත්තභාව පටිලාභයට එන්නේ නැහැයි කියලා සාකච්ඡා කළේ. ඉතින් ඒක ම තමයි මෙතන පේන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්