Date: 10/05/2016 Name: Karunā

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ, අව්‍යාපාද විතක්කය දියුණු කරන ලද පුද්ගලයකු කෙසේ ජීවත් විය යුතු ද යන්නයි. අව්‍යාපාද විතක්කය යනු උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම. උපෙක්ඛා නිමිත්ත තුළ ඇත්තේ පාණාතිපාත වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීමෙන් වන සුඛය නිසා පෙර කළා වූ දේ, දුක වශයෙන් ගැනීමයි. උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹෙන්නේ ද්වේෂය බැස යයි. එසේ නම් කරුණාව ඇති වේ. මෙම ධර්මයත් ඊයේ මෙනෙහි කරන ලද ධර්මයත් අතර සම්බන්ධතාවය කිම? වෙනස කිම?

ඊයේ සාකච්ඡා කළේ අත හැරීම කොපමණකට පුරුදු කිරීමෙන් කරුණාව වන්නේ ද යන්නයි. එහි දී වේදනා කුලයක් අළලා වෙන ක්‍රියාවලිය රූපයට සම්බන්ධ කර විමසා බලා පහ කිරීම කළා. අද භාවනාවෙදි විමසා බලන්නේ එම වේදනා කුලයට තුඩු දෙන්නා වූ ධර්මයන්ගේ පහ වීමයි. ඒ කෙසේ වන්නේ ද?

යම් මෙත්තාවක් ඇති ද, එමගින් වන්නා වූ චිත්ත සමාධිය මගින් යම් දහමක් සිතට ඇතුල් නොකර හිඳීමෙන් වන්නා වූ කරුණා ගුණයයි. මෙසේ ධර්ම කාරණා ටික වෙනස් වන්නේ ය. දෙකේ ම ඇත්තේ කරුණා ගුණය නිසා එම ධර්මයෝ සමාන වූවත්, ඊයේ සඳහන් කරන ලද කරුණා ගුණය විශේෂිත ය. කුමක් නිසා ද? භව සේවනය දුරු කරන නිසා ය. එනම් ධ්‍යාන තලයක ඉපිද සිටීමට ඇති ආසාවන් දුරු කරන නිසා ය. මෙහි වෙනස පාණාතිපාතය වීමට පෙර එහි ඉවත් කිරීම, එනම් ජරා වන රූපය බව දැක මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම දැක, නැවත උත්පත්තියක් ඇති නොවීම මගින් කරුණා වීමත්, එවැනි භවයන් කෙරෙහි ඇති ඇල්ම සහමුලින් ම පහ කිරීම නිසා වන කරුණා අප්‍රමාණයත් ය. එතකොට මේකේ කෙනෙකුට පේනවා, පෙර සහ පසු වෙනස තියෙනවා. අද භාවනාව කරුණා, ඊයේ භාවනාව කරුණා අප්‍රමාණය.

අද භාවනාව තුළ පෙන්නනවා මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම, නැවත උත්පත්තියක් එපා, ජරා වන රූපය, උත්පත්තියක් එපා. වේදනා කුලයට තුඩු දෙන්නා වූ ධර්මයන් පහ කිරීම. ඊයේ භාවනාවෙදි කරුණා අප්‍රමාණය පෙර පාණාතිපාතය කළා ද එයින් වෙන් වීම සුඛ වශයෙන් දැන, පෙර කළා වූ දේ දුක වශයෙන් දැන, භව සේවනය. එතකොට මේකෙ තියෙනවා, අද එක instance එක නම්, ඊයේ භාවනාව, කරුණා අප්‍රමාණය, class එක ඉවත් කිරීම. අද භාවනාව present නම්, ඊයේ භාවනාවේ පෙන්නන්නේ present and future.

ඕක මම දැක්කා හරියට, කඳු දෙකක් තියෙනවා. ඒ දෙක හරහා bridge එකක් දාල තියෙනවා, පල්ලෙහා බැලුවම හරි පාතාලය වාගේ. එතකොට bridge එක එහා පැත්තේ තියෙනවා ගෙයක්, එතකොට මේ ගෙට මේ bridge එක හරහා යනවා සාමාන්‍යයෙන්. දැන් ඔන්න bridge එක නිකම් ටිකක් කැඩිලා. ඒත් අර අස්සෙන් අල්ලගෙන හරි, එක පැත්තක් අල්ලගෙන හරි යන ගතියක් තියෙනවා. දැන් bridge එක සම්පූර්ණයෙන් ම collapse වුණාට පස්සේ, යෑමක් නෑ. කිසිම ආකාරයකින් භවයකට යෑමක් කියන එක නැතෙයි කියන තත්වයට තමන්ගේ යනවා.

දැන් මනුස්සයෙක් හිතන්න පුළුවන්, සිල් ගත්ත දවසක හරි මම පාණාතිපාතය කරන්නේ නෑ කියලා. අන්න එතනත් කරුණාවක් තියෙනවා. ආපහු ඒ මනුස්සයා කල්පනා කරනවා මම මීට පස්සේ, කවදාවත් කිසිම ආකාරයකින්, පාණාතිපාතයක් කරන්න යන්නේ නෑ. එතකොට අර class එක වගේ. ඔක්කෝම ටිකත් එක්ක. එතකොට තමයි කරුණාවෙන් අප්‍රමාණය කියන එක එතන තියෙන්නේ. ඒක තමයි මේකෙ වෙනස.

ඒක තමයි මං කළ භාවනාව.