ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ චෙතො විමුක්තිය. ඊයේ භාවනාවෙදි මෙත්තා චෙතො විමුක්තිය කියන එක අපි සිහි කළා. ඒ මෙත්තා චෙතො විමුක්තිය වඩනා ලද අයකු, රූපය ඉවත් කර සුභ යන විමුක්තියත් ඒ වගේ ම මෝහය නිසා ඇති වන ලෝභ ධර්මය ඉවත් කිරීමෙන්, ඒ කියන්නේ සංස්කාරවල බලපෑම ඉවත් කිරීම නිසා, නිත්‍යභාවය ඉවත් වීමෙන්, අසුභය අසුභය වශයෙන් මනා කොට අවබෝධ වීමෙන්, යම් ධ්‍යාන තලයක ජීවත් වීම කළ නොහැකි බව අවබෝධ වීමෙන් වන ප්‍රඥා විමුක්තියත්, සමාපත්ති ධර්මයන් පහ කිරීම නිසා වන චෙතො විමුක්තියත් යන තුන් විමුක්තීන් අඩංගුයි, අන්තර්ගතයි. විමුක්ති තුනක්.
අපි ඊයේ භාවනාවෙදි පෙන්නුවා, අපි එනවා අර අධිචිත්ත ශික්ෂාව තුන් වෙනි කාරණය, ඊළඟට අපි පස් වෙනි කාරණයට ආවා, නෙක්ඛම්ම විතක්කය, ඒ නෙක්ඛම්ම විතක්කයෙ දී මතක ඇති අපි භාවිතා කළා කියලා අර බල්ලාගේ කතාවත් එක්ක එහෙම පිසුණා වාචා නිසා මෝහය කියන එක එහෙම ඇති වෙනවා කියලා. ඒ මෝහයේ බලපෑම අයින් කරනවා කියලා නිත්‍යභාවය එහෙම අයින් කිරීම කියන එක. එතකොට ඊට පස්සේ අපි ආවා, නෙක්ඛම්ම පවිචාරය කියන එක, සමාපත්ති ධර්මයන්ට ඇලෙනවා කියන එක. ඔය කාරණා තුන එනකොට තමයි ඔය විමුක්තීන් තුන කියන එක තියෙන්නේ.
සුභ වම් කම්මුලට එනවා. අර ප්‍රඥා විමුක්තිය කියන එක තමාට ඇති වෙනවා, ධ්‍යාන තලයක ජීවත් වීම කරන්න බැහැයි කියන එක තේරුණා ම. ඕක අපි පෙන්නුවා සබ්බාසව එකේ star එකත් එක්ක පෙන්නුවේ, ඒ හදන්න බැහැයි කියන එක. එතකොට ඊට පස්සේ ඒ සමාපත්ති ධර්මයන් පහ කළාට පස්සේ අපිට ඇති වෙනවා චෙතො විමුක්තිය කියන එක, නළලෙන් හිටන් ඒකෙ දැනීම කියන එක තියෙනවා. එතකොට මේ විමුක්තීන් එහෙම නම් තුන ම අඩංගුයි. අනිත් අතට ගත්තහම අපිට පේනවා, ඒ චෙතො විමුක්තිය භාවිතා කරන්නේ සමාපත්ති ධර්මයන්ට ඇලීම පහ කරන්නේ නම්, එයට ඉතුරු විමුක්ති දෙක ම අඩංගුයි. එනමුත් අප්පණිහිත චෙතො විමුක්තිය ඊට වඩා උතුම් වන්නේ කුමක් නිසා ද? එතකොට තවමත් යම් දහමක් දුක වශයෙන් නොදැනීම නිසා ය. ඒ කුමක් ද? චෙතො විමුක්තිය සහගතව හෝ ජීවත් වීම දුක බව නොදන්නා නිසා ය. අප්පණිහිත චෙතො විමුක්තිය එම අදහස ද ඉවත් කරලන්නේ, බහාලන්නේ, නිර්වාණය හැර අන් දෙයක් නොමැති බව මනා කොට සාක්ෂාත් කරයි.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව. ඊයේ වගේ ම විමුක්ති සහගතව හිටියා.
අද අනිත් බුදුපියාණන් වහන්සේගේත් නමත් කිව්වා. ඉන්ද්‍රජිත්. ඉන්ද්‍රජිත් බුදුපියාණන් වහන්සේ බුදුපියවරු 18 නමකින් බණ අහලා තියෙනවා, ඒ අර්හත්වයෙන් පස්සේ. එතකොට මේ බුදුපියවරු දාහතර නම ම ඒ තමන්ට මතක තියාගන්න පුළුවන්.
ඉතින් මම නම් ඔය බුදුපියවරු මෙනෙහි කරනකොට ඒ මණ්ඩලාධිපති බුදුපියා කියන තැනදි මම ගන්නේ ඒ විඤ්ඤාණ කියන තැන. මම එතන ලකුණු කරගන්නේ මනසින්. පවතිනවා, පැවතිය හැකි ය කියන කතාව.
ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ කිව්වහම, එතන තියෙනවා නේ චේතනාවත් එක්ක පවතිනවා කියන කතාව චේතනාවයි පරාමාසකායගන්ථයයි.
එතකොට ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ කිව්වහම මම එනවා නාමරූප කෙළවරට. එතනින් එනවා විනයාධිපති බුදුපියාණන් වහන්සේ පරාමාසකායගන්ථය, එතන පවතිනවා පැවතිය හැකියි කියලා අපි කලින් භාවනා කරලා තියෙනවා.
ඊළඟට එනවා ධම්මරතන බුදුපියාණන් වහන්සේ ඉදංසච්චය තියෙන තැනට. ඊට පස්සේ පහළට යනවා, මෝහය තියෙන තැනට විනයධර බුදුපියාණන් වහන්සේ.
ඊළඟට සුඛිත චිත්ත බුදුපියාණන් වහන්සේ වේදනාව තියෙන තැනට.
ධම්මකිත්ති බුදුපියාණන් වහන්සේ භය අගතිය. එතනින් අයින් කිරීම කියන එක.
ඊළඟට එනවා විශ්වාජිත් බුදුපියාණන් වහන්සේ, මෙහා කෙළවර, ගිද්ධිලෝභය තියෙන තැන.
ඊළඟට ධම්මගවේසි කිව්වා ම ද්වේෂ අගතිය කියන තැනට එනවා.
ඊළඟට පදුමඋත්තර කියලා ගත්තහම ගන්නවා ජාතිය එන තැන. ඔන්න ඔතන හරියට තමන්ගේ සිත මේවා වෙනවා. මොකද ඔතන ජාතිය අයින් කිරීම නේ ඔතන තියෙන්නෙ.
ඉන්ද්‍රජිත් බුදුපියාණන් වහන්සේ වැටෙනවා අර cross එකට, පල්ලෙහා cross එකට, ඒ කියන්නේ ගිද්ධිලෝභයයි මේකයි අතර cross එකට.
තපස්සි බුදුසීයාව ගන්නවා ස්පර්ශය තියෙන තැනට.
සහම්පති බුදුපියාණන් ගන්නවා රූපය තියෙන තැනට.
ඒ ඒ බුදුපියවරු සිහි කරනකොට ම සතර ආහාර දුක්ඛයේ කෑලි ටික ගලවාගෙන ගලවාගෙන යනවා, වම්මික සූත්‍රයේ ගලවනවා වගේ ඒ විදිහට.