Date: 13/05/2016 Name: Mudita Ceto Vimutti

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ මුදිතා චෙතො විමුක්තිය. මුදිතා චෙතො විමුක්තියට තුඩු දෙන්නා වූ කාරණයන් අපි 08/05/2016 මුදිතා භාවනාවෙදි සාකච්ඡා කළා. එතනදි අපි ඉගෙන ගත්තා අර හතර වෙනියට එන line එක සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත කියලා.

ඒ සමථ නිමිත්තේ තියෙනවා පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම, ලෝභ, දෝෂ, මෝහ පහ කිරීම කියන එකට සමවැදීම. ඊට පස්සේ උපෙක්ඛා නිමිත්තෙදි තියෙනවා, පාණාතිපාතය වැනි අකුසල කර්මයන් පෙර කළා ද, එයින් ඉවත් වීම නිසා වන සුඛය නිසා ඒ පෙර කළා වූ දේවල් දුක වශයෙන් දැකීම. පාණාතිපාත වගේ දේවල්. පග්ගහ නිමිත්ත කියන විට චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. මේ අවස්ථාවේ දී අරි අට මඟ කියන එක විශේෂයි. ඒ කියන්නේ පාණාතිපාතය වාගේ දේවල් අයින් කිරීමෙන් අපි දන්නවා දස කුසලය, දස කුසලය හරහා අරි අට මඟ. එතකොට ඒක අපිට පේනවා මේ වම් අත පැත්තේ සිට සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත කියලා දකුණු අත පැත්තට අමෝහ පාර දක්වා එනවා.

ඊට පස්සේ පස් වෙනි row එකට එනවා, මැද්දේ එක විතරයි අපි ගන්නේ, අව්‍යාපාද විතක්කය. එතකොට ඒකේ පෙන්නනවා උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම කියලා. ඒ නිසා ද්වේෂය බැස යනවා කියලා. ඊළඟට හය වෙනි row එකට එනවා, වම් අත පැත්තට අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක, අවබෝධ නොවූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා විරිය. මේකට සමාපත්ති ධර්මයන් පහ කිරීම අඩංගුයි කියලා, අපි ඉගෙන ගත්තා.

එතකොට මේ භාවනාවෙදි ඒ සම්මා ආජීවය වැඩියෙන් මෙනෙහි කරන්නේ මුදිතා අප්‍රමාණය වෙන බවත්, පග්ගහ නිමිත්ත වැඩියෙන් මෙනෙහි කරන්නේ ආකිඤ්චන විමුක්තිය වෙන බවත්, සමථ නිමිත්ත වැඩියෙන් මෙනෙහි කරන්නේ ආකාසානඤ්චායතනය වෙන බවත් අපි සාකච්ඡා කළා.

එතකොට අපි දන්නවා ආකාසානඤ්චායතනයෙහි අර අපි ලෝභ, දෝෂ, මෝහ එහෙම එපා කියන්නේ අර රූපය පැත්තෙන් එහෙම එපා කියලා නේ ද? එතකොට සම්මා ආජීවයේ දී පරුෂා වාචා, පිසුණා වාචා, ඒ කියන්නේ එතනට ආවා කියන්නේ සම්මා දිට්ඨියේ ඉඳන් ම නේ ඇවිල්ලා තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්ප, ඒ විදිහට ඇවිල්ලා සම්මා ආජීව දක්වා ඇවිල්ලා. එතකොට අර පාණාතිපාතා ඒවා ඔක්කොම තමන්ගේ අයින් වෙලා තියෙන්නේ.

එතකොට බලන්න දැන් ඒ වගේ අවස්ථාවක ගත්තහම සම්මා ආජීවය හුඟක් තදින් පවතිනවා නම්, තමන්ට තේරෙනවා, දැන් කවුරුවත් සද්දයක් කළා කියලා ඇති ප්‍රශ්නයක් නෑ. අපි හිතමු මිදුල අතුගෑවා කියලා, බලන්න දැන් කවුරු හරි මිදුල අතුගාන එක තමන්ට බාධාවක් වෙන්නේ අපේ ඇතුළෙන් ඒ පිසුණා වාචා එහෙම එනවා නම්. මතක ද ඊයේ පෙන්නුවා අර මෙත්තාවෙදි, පිසුණා වාචා නිසා මෝහය, මොකද තමන් යම්කිසි සංස්කාරයක් කරනවා නම් විතරයි. හරී ලස්සනයි, එය හොඳට ගන්න පුළුවන්. කරන්නේ නැති නම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අර කාර්යය වෙනම යනවා, මේක වෙනම යනවා. කිසිම සම්බන්ධතාවයක් නැතිව ඉන්න පුළුවන්.

එතකොට දැන් එහෙම නම් අපිට මේ කතා කරපු තුන් ධර්මයන්, අපිට ඒ ගුණයන් එකට මුසු වෙනවා නම්, ඒ කියන්නේ අපි රූපය එපා කියන විරිය, ඒක එන්නේ අර සමථ නිමිත්ත පැත්තෙන්. ඊළඟට දෙවෙනියට මිච්ඡා ආජීවය එපා කියලා කියනවා. එයින් ඇති වෙන මානයත්, එමගින් වන අත්ත සඤ්ඤාවත් බැස යන විරිය. ඒක එන්නේ අර උපෙක්ඛා නිමිත්තෙන්. ඊළඟට චතුරාර්ය සත්‍යයේ මනා කොට බැසගන්නේ, විශේෂිතව සංස්කාර ඉවතලන්නේ, ඒක එන්නේ අර ආකිඤ්චඤ්ඤායතනය එහෙම ඇති වෙන්නා වූ පග්ගහ නිමිත්ත කියන එකට ඒක එන්නේ.

එතකොට සංස්කාර නිසා වන සඤ්ඤාවන්. ඒවා ඉවතලනවා නම් ඒ විරියත් එකට මුසු වෙනවා නම්, අපිට පේනවා සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය අපිට ඇති වෙනවා කියලා. එතකොට අර අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක ඇති වෙනවා. ඒක පැහැදිලි වෙනවා.

මේකට තව එක අංගයක් පමණක් එකතු කළොත් මුදිතා චෙතො විමුක්තිය ඇති වෙනවා. ඒක මොකක් ද? දළපැරකුම් කියන එක පවසන්න ඕන. ඒ කියන්නේ ඉවතන ලද තණ්හාව නැවත නොගත යුතුයි. මතක ද රජ කෙනෙක් දිනලා ඊට පස්සේ පරාද වෙන්න කැමති නෑ නේ. තණ්හාව අයින් කළා දිනුවා, දැන් ආපහු තණ්හාව ආවොත් හරියන්නේ නෑ.

මේ කියන්නේ මොකක් ද? දැන් අපිට පේනවා රේඛාවක්, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. ඒ විදිහට නේ අපි ආවේ. හතර වෙනි line, පස් වෙනි එකේ මැද්ද, හය වෙනි එකේ මුල එක. ඒ රේඛාව කැරකුණොත් තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ කියන්නේ කැරකෙන්නේ නැති වෙන්න ඕන. ඒ කියන්නේ clockwise භ්‍රමණය වන්නේ නම් නැවතත් සමථ නිමිත්ත භාවිතා කළ යුතු වෙනවා. ඒක කැරකිලා එන්නේ කොහාට ද? සමථ නිමිත්තට එන්නේ. එතකොට එහෙම වෙනවා නම් මුදිතා චෙතො විමුක්තියෙන් වැටෙනවා. කුමක් නිසා ද? එසේ භ්‍රමණය වන්නේ යම් තණ්හාවකට ඉඩ දීමෙනි. මේ කුමන තණ්හාවක් ද? ආලෝකය නිසා ඇති වන්නා වූ මෝහ ස්වභාවය ඇති වන්නේ, නැවතත් අමෝහය මෙනෙහි කර පහ කළ යුතු නිසා ය. දැන් විඤ්ඤාණඤ්චායතනය එහෙම ආලෝකයන් එහෙම ඇවිල්ලා, ඊට පස්සේ ඒක අල්ලා ගත්තයින් පස්සේ, ඉතින් තේජෝ ධාතුව නේ අහුවෙලා තියෙන්නේ. ඉතින් එතෙන්ට එන්න ඕන අර “නිබ්බාන රතනං ච ආශ්චර්ය භාවෙන අතුලං” මම මෙහෙම මුදිතාවට ගියා. මම ආපහු අරවාගේ එකක් මම අල්ලා ගන්න යන්නේ නෑ කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් හොඳට නිරෝධයට යනවා මේ භාවනාවෙදි.