ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ උපෙක්ඛා චෙතො විමුක්තිය. එතකොට ඕගොල්ලො දන්නවා 07/05/2016 උපෙක්ඛා භාවනාව අපි කළා. ඒ උපෙක්ඛා භාවනාවේ තියෙන්නේ, අධිචිත්ත ශික්ෂාව, අධිශීල ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව කියලා ඇති වෙන තුන් වෙනි line එක. ඒකේ පෙන්නනවා, අධිචිත්ත ශික්ෂාව තුළ සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ ඇත. මෙවැනි ප්‍රඥා ඇති ධ්‍යාන හතර.
ඊළඟට අධිශීල ශික්ෂාවේ තියෙනවා පාණාතිපාතය ඉවත් කිරීම කරුණාව ඇති වීම කියන එක. ඊළඟට අධිප්‍රඥා ශික්ෂාවේ තියෙනවා අරූප ධ්‍යාන කුසලය අරූප ධ්‍යානයේ නොඇලීම කියන එක. ඊට පස්සේ හතර වෙනි line එකට එනවා සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත. සමථ නිමිත්තේ තියෙනවා පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම, ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවැදීම. උපෙක්ඛා නිමිත්තේ තියෙනවා, පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක්ඛය වශයෙන් දැකීම. පග්ගහ නිමිත්තේ තියෙනවා චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. ඊට පස්සේ පස් වෙනි line එකට එනවා නෛෂ්කම්ම විතක්කය, ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය, අව්‍යාපාද විතක්කය, උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම, දෝෂය කියන එක බැස යනවා කියලා. ඊළඟට තියෙනවා අඤ්ඤාතාවින්ද්‍රිය කියන එක, ආස්‍රවක්ෂය වීමෙන් අනාශ්‍රව වීම, ඒක හතර ආකාරයි කියලා.
එතකොට දැන් අපි ඔතනදි ඉගෙන ගත්තා, ඒ කියන්නේ අධිචිත්ත ශික්ෂාව සම්මා ඥානය තුළ තියෙනවා ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාවට බැස ගත්තා, ඒ කියන්නේ මොකක් ද? අපි දන්නවා සංස්කාර ඉවත් කළාට පස්සේ අපිට ඇති වෙනවා ප්‍රඥාව, අත්තා කියලා සඤ්ඤාව ඉවත් කරලා සම්මා ඥානය කියන එක. එතකොට ඒක අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා. මේක එනවා පල්ලෙහාට diagonal උපෙක්ඛා නිමිත්තට. එතකොට පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වෙනවා නම් සුඛයි. එතකොට ඔය ධ්‍යානයට ගියේ නැත්නම්, අපිට ඕක තේරෙන්නේ නෑ, නැත්නම් කුකුල් පට්ටිය දාගෙන මර මරා ඉන්න එක හොඳයි කියලා තමයි හිතෙන්නේ. එතකොට, අපි ඉගෙන ගත්තා මේ සමථ නිමිත්ත පහ කළ යුතු ධර්මයන් පහ කරනවා, ඒ කියන්නේ ලෝභ, දෝෂ, මෝහ. එහෙම නම් ඒකේ අපි දන්නවා පාණාතිපාතය නිසා ද්වේෂය, ද්වේෂය නිසා පාණාතිපාතය. එතකොට ද්වේෂය පහ කරන්න අපි සමවදිනවා නම්, ඉතින් එතකොට අපිට පේනවා අරවා, පාණාතිපාතය වාගෙ දේවල්, දුකයි කියලා පේනවා. ඒකට උඩින් සම්බන්ධ වෙලා එනවා අධිශීල ශික්ෂාව. පාණාතිපාතය ඉවත් කිරීමෙන් අපිට කරුණාව ඇති වෙනවා.
එතකොට එතැනින් උපෙක්ඛා නිමිත්තෙන් අපි එනවා diagonal අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකට. එතකොට ඒකට උදව් උපකාර කරනවා උඩින් පග්ගහ නිමිත්ත චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම කියන එක. ඊට පස්සේ අව්‍යාපාද විතක්කය අර ද්වේෂය කියන එක බැහැලා යනවා කියන එක. එතකොට අව්‍යාපාද විතක්කයට සමථ නිමිත්ත උදව් උපකාර කරනවා. ඇයි ඒකෙදි කියනවා නේ ද්වේෂය එපා කියලා. එහෙම නම් දැන් ද්වේෂය බැස යාම කියන එක තමයි අව්‍යාපාද විතක්කයේ තියෙන්නේ. දැන් මේක අඤ්ඤාතාවින්ද්‍රියට උදව් උපකාර කරනවා. එතකොට ඔය අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකට අපි දන්නවා, යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි කියලා. අන්න ඒකට එන්නේ අර උපෙක්ඛා නිමිත්ත. මේක මැද්දේ central එකට තියෙන උපෙක්ඛා නිමිත්ත තමයි තදින් බලපාන්නේ. එතකොට ඒකෙදි අපි උපෙක්ඛා නිමිත්ත මගින් ආශ්‍රවයෝ ඉපදිලා නැත්ද එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කරනවා. දෙවෙනි කාරණයට, යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි. ඒක සිද්ධ වෙන්නේ අව්‍යාපාද විතක්කයෙන්, අර පල්ලෙහා කාරණාවෙන්, ඇයි ද්වේෂය කියන ඒකෙන් නේ, එතන තියෙනවා නේ ද්වේෂය කියන එක බැහැලා යනවා කියලා.
එතකොට ඉපදිලා තියෙන්නේ ලෝභ, දෝෂ, මෝහ නම් අපි ඒක ද්වේෂය පහ කරනවා. ඉපදිලා තියෙන එක පහ කරනවා. අර විරිය හතරෙන් දෙවැනි කාරණය වගේ තියෙන එක. ඊළඟට යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි. ඒ කියන්නේ අධිචිත්ත ශික්ෂාවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ, සම්මා ඥානය සහගතව අධිචිත්ත ශික්ෂාව තියෙන්න ඕන. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි. ඒක එහෙම නම් පග්ගහ නිමිත්තෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ, චතුරාර්ය සත්‍ය කියන එකෙන්. එතකොට මෙසේ අඤ්ඤාතාවින්ද්‍රිය ඇති වන්නේ එහි මනා කොට බැස ගත් පමණින් ම උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති නොවේ. කුමක් නිසා ද? තවමත් අවබෝධ නොවූ ධර්මයන් මගින් උපෙක්ඛා චෙතො විමුක්තිය වළකන බැවිනි. ඒවා කුමන ධර්මයෝ ද? නොනසන ලද ආශ්‍රව මගින් වන්නා වූ අනවබෝධය නිසා ය. එය කුමක් ද?
“නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං.” නිර්වාණය රතනයක් බව සැබෑ ය. ඒ උපෙක්ඛා අප්‍රමාණ වූ විට වැටහීම ඇති වුවත් ආශ්චර්යභාවයෙන් අතුල බව තවම නොදනී. කුමක් නිසා ද? අනුසය වූ ධර්මයෝ මෙයට බලපායි. විශේෂයෙන් ම රාග අනුසය තවම පහ කර නොමැත. උපෙක්ඛාවට සතුටු වන්නේ එයයි. එහි පැවැත්මක් නැති බව මනා කොට අවබෝධ වන්නේ නම් පමණක් උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති වෙයි. මෙය සිදු වන්නේ ප්‍රඥා ස්කන්ධයේ ඇතුළත් වන කාරණා හතරෙන් දෙකක් මනා කොට පිහිටුවන්නේ නම් පමණයි. එම කාරණා දෙක නම් දෙවෙනි කාරණාවයි, හතර වෙනි කාරණාවයි.
අපි කාරණා හතරක් කිව්වා නේ. 1 නසන ලද ආශ්‍රවයන් නිසා වන ප්‍රඥාව, 2 ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානය, 3 ජාතිය ක්ෂය වූ ඥානය, 4 බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානය. එතකොට ඔය දෙවෙනි කාරණය ආශ්‍රව නැසීමේ ඥානය, ආසවක්ඛය ඥානයයි බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත් ඥානයයි, අන්න ඒ කාරණා දෙක තියෙනවා නම් අපිට ඒ උපෙක්ඛා චෙතො විමුක්තිය කියන එක තියෙනවා. එතකොට ආසවක්ඛය ඥානය කෙසේ ද? යම් ආශ්‍රවයක් නැසීමට කුමක් කළ යුතු ද? මෙය දුක්ඛ table එක හා සම්බන්ධ කර බැලිය හැකියි.
එතකොට අපි දන්නවා 15/04/2016 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කළ අයුරින් වටහා ගත යුතුයි. අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ කියලා ගන්න වටිනවා ද කියලා අර විචිකිච්ඡා column එකේ පහළට ආවා, ඊට පස්සේ කිව්වා මගේ යැයි ගන්න වටින්නේ නැත්නම්, නන්දි වීම වටිනවා ද කියලා වම් අත පැත්තට ආවා. නන්දි වීම, මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. ඉතින් මේ විදිහට මේ පළවෙනි column එක සම්පූර්ණයෙන් ම ඉවත් වන්නේ නම් ඒ ආශ්‍රවයන් කියන ඒවා නසනවා. එසේ වූයේ නම් බ්‍රහ්මචරියෙසනාව සම්පූර්ණ කළ බව දත හැකි ය.
ඒක තමයි වටේට ම ගිහිල්ලා ලස්සනට පේනවා, අන්තිමට අපි අර සමථ නිමිත්ත තියෙනවා නේ. ලෝභ, දෝෂ, මෝහයන් පහ කළ යුතු ධර්මයන් පහ කරන්න සමවදිනවා කියන එක. අන්න එතෙන්ට ම එනවා ආපහු. වටේට ම ගිහිල්ලා එන්න ඕන. ඒ කියන්නේ අපේ, දැන් අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා සම්මා ඥානය. ඒ සම්මා ඥානය සනාථ කරන්න ඕන. මෙහෙම වටේට පල්ලෙහාට ඇවිල්ලා ගන්න වටින්නේ නෑ කියලා වම් අත පැත්තට ඇවිල්ලා ආපහු උඩට ඇවිල්ලා ඒ ඥානය ම නැවතත් යටට ගිහින් සනාථ වෙන්න ඕන. ඒ කියන්නේ බලන්න පුළුවන් හැම පැත්තකින් ම බලලා, ඒක සනාථ වෙනවා නම් එහෙම නම් ඉතින් මොකක්වත් ගන්නේ නෑ, දුකයි කියන එක බොහොම අධික ලෙස තමන් ඒක තේරුම් අරගෙන.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්