Date: 18/05/2016 Name: Dukka Nirodha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයේ බැස ගැනීම සිදු වන්නේ, කෙසේ දන්නා, කෙසේ දක්නා පුද්ගලයාට ද? සතර ඉද්ධිපාදයෝ වඩනා ලද පුද්ගලයා බව පැවසිය යුතුයි. කුමක් නිසා ද? අන්‍ය පුද්ගලයන් ඉද්ධිපාද සතර නොමැති නිසා, චිත්ත ඉද්ධිපාදයට ඇති සතුරන් දෙදෙනා පහ නොකරන්නේ, මනස සෙලවෙන්නේ, වේදනාවට ප්‍රතිචාර දැක්වීම සිදු වෙයි. යමෙක් වේදනාවට ප්‍රතිචාර දක්වන්නේ නම්, ඔහු තණ්හා වන්නේ ය. කුමක් නිසා ද? ඊයේ භාවනාවේදි වටහා ගත් අයුරින්, රූපයේ වෙනස්කමක් හෝ සංස්කාරවල වෙනස්කමක් හෝ වන්නේ නම් සඤ්ඤාවෙන් එය හඳුනා ගනී. එමගින් පපඤ්චයෝ ඇති වෙයි. සඤ්ඤා නිදානානි පපඤ්ච සඞ්‌ඛා.

පපඤ්චයෝ දෙයාකාර වන්නේ ය, තණ්හා පපඤ්චය හෝ දිට්ඨි පපඤ්චය මගින් කැරකවීම වන්නේ, වේදනාව සඳහා යම් චිත්ත සංස්කාරයක් සෑදිය යුතු ද එය සාදයි. මෙසේ තණ්හාවත් උපාදානයෝත් හටගනී. සංසාරය කෙළවර කර නොගනී. ඉද්ධිපාද හතර වඩා ඇත්තේ නම්, චතුරාර්ය සත්‍ය ධර්මයේ මනා කොට බැස ගනී. ඔහු දුක බව හඳුනා ගනී, දුක්ඛ සමුදය බව හඳුනා ගනී, දුක්ඛ නිරෝධය බව හඳුනා ගනී, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව බව හඳුනා ගනී. මෙසේ හඳුනා ගන්නේ එම සඤ්ඤාව මගින් ම සියලු පපඤ්චයෝ පහ කර නිර්වාණය සාක්ෂාත් කර ගනියි. ඔහු වේදනාවට ප්‍රතිචාර නොදක්වයි. එමගින් තණ්හා නොවේ. තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය ඇති වෙනවා. ‍

ඉතින් මේ භාවනාව කරගෙන යන්නේ පෙර භාවනාවක් එක්ක සම්බන්ධ වුණා. ඒ කියන්නේ 25/08/2015, ජාති නිරොධො ජරා මරණ නිරොධො, භාවනාව. අන්න එතනදි ඡන්ද චිත්ත පරිචිතා diagram එක සම්බන්ධ වුණා. ඕක ඇතුළේ පෙන්නලා දී තියෙනවා 25/06/2015 ඒ භාවනාව. ඒකත් එක්ක අපි ඉගෙන ගත්තා ඔය දිට්ඨිය බිඳීම නිසයි අපි නැවතත් චේතනා කරන්නේ. අන්න ඒක සිහි වුණා. සෝකයේ සිට වේදනාවට යෑමත්, චේතනාවේ සිට ථීනය දක්වා යෑමත් නැවතිය යුතු බව එහි දී අපි වටහා ගත්තා.

සඤ්ඤා නිසා පපඤ්ච වන්නේ, දිට්ඨි පපඤ්චය මුලින් ම ඇති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන එක. ඒ කාම ආශ්‍රවයන්ගේ පිහිට හොයනවා. එයින් තණ්හා පපඤ්චය ඇති වෙනවා. මෙසේ සුඛ, කාම ආශ්‍රවය කියන්නේ සුඛයේ පසු සඤ්ඤාව නේ. මෙසේ සුඛයත් ඒ වේදනාවට තණ්හා වීමත් හොඳින් වැටහෙනවා. ඉද්ධිපාද හතර වඩා තිබෙනවා නම් මෙම දුක්ඛය කෙළවර කරගන්න පුළුවන් කියන එක වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Chanda_Citta_paricita.jpg