ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ මුදිතා චෙතො විමුක්තිය භාවිතා කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් කෙසේ දිට්ඨින් ගැලවී යන්නේ ද යන්නයි.
යම් දිට්ඨියක් ඇත්ද එය දිට්ඨි උපාදානය දක්වා යන්නේ උපාදාන වන්නේ නම් එහි ගැලවීම, එම දිට්ඨින්ගේ අසමානතාවය දැකීම තුළින් ම සිදු වන්නේ ය. මෙසේ ගැලවීමට නම් එම දිට්ඨින් තමා වශයෙන් නොගත යුතු ය. මෙය මුදිතා චෙතො විමුක්තිය මගින් ඇති වේ. යම් මුදිතා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ අව්‍යාපාද විතර්කය, එනම් උපෙක්ඛා නිමිත්තේ මනා කොට බැස ගැනීම ඇත්තේ දෝෂය පහ වන බව අපි ඉගෙන ගත්තා 13/05/2016 භාවනාවේ දී. යම් ද්වේෂයක් වේ ද එය ඉපදීම නිසා ය. යම් ජාතියක් වේ ද එය තණ්හාව පූර්ව කර, පෙරටු කර ඇත්තේ ය. තණ්හාව, දිට්ඨි පපඤ්චය පෙරටු කොට ඇති බව ඊයේ භාවනාවේ දී ඉගෙන ගතිමු.
මුදිතා චෙතො විමුක්තිය ඇත්තේ එමගින් සියලු සංස්කාරයෝ සුඛ යන සඤ්ඤා පහ වී යන්නේ, ඒ කියන්නේ අව්‍යාපාද විතර්කය මගින් වෙන්නේ, සඤ්ඤා නිසා වූ දිට්ඨි පපඤ්චය බැස යනවා. මෙසේ එක දිට්ඨියක් පහව යන්නේ තව දිට්ඨියක් නොසාදයි. එමගින් අනාශ්‍රව වන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
මෙහි දී පෙර සඳහන් කළ දිට්ඨි දෙකේ වෙනස කිම? එකක් නිවන ය, අනෙක නිවනෙන් පිටත ය. මෙම වෙනස දන්නේ, දක්නේ නිවනින් පිටත වූ දිට්ඨිය ඉවත් වූ පසු අලුත් දිට්ඨියක් නොසෑදීම එමගින් සිදු වන්නේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය මගින් සමාපත්ති ධර්මයන් පහ කිරීම නිසා ය.
එතකොට මේක කෙනෙකුට සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවත් සමඟ සසඳලා බලන්න පුළුවන්. දිට්ඨි උපාදාන නැති වීම තුන් වෙනි ධ්‍යානයෙන් වීම කියන එක, ඒක එතකොට තමන්ට වැටහෙනවා. ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
මේකෙ පේනවා මේ භාවනාව කළහම මේ වම් අත පැත්තේ සති ඉන්ද්රිය හොඳට තියෙනවා. ඒ වගේ ම දකුණ ඒ ප්‍රඥාව ඉඳන් ඔය මුදිතා භාවනාවේ දී අපි හරහට රේඛාවක් අඳිනවා නේ, අන්න ඒ රේඛාවෙන් බෙදිලා තියෙනවා කියලා පේනවා. පහළ පැත්තේ මේ දකුණු පැත්තෙ කම්මුල හරිය යම්කිසි සැපකුත් තියෙනවා. සති ඉන්ද්රිය හරියට open. ඒක හොඳට දැනෙනවා ඒ අවස්ථාවේ.