Date: 20/05/2016 Name: Attavadupadana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ දිට්ඨි උපාදානය කොපමණ දුරකට ඔඩු දුවා ඇත්තේ මුදිතා චෙතො විමුක්තිය මගින් පහ කළ හැකි ද, එහි සීමාව කොපමණ ද යන්න. යම් දිට්ඨි උපාදානයක් නිසා අත්තවාද උපාදානය වන්නේ නම් එය මුදිතා චෙතො විමුක්තිය මගින් ම ගැලවිය නොහැකි ය. කුමක් නිසා ද? අත්තවාද උපාදාන ධර්මයෝ සංස්කාර විෂයයෙහි පවතින නිසා ය.

මුදිතා චෙතො විමුක්තියේ පරාසය වන්නේ දිට්ඨින් ය. එය භව දිට්ඨි, විභව දිට්ඨි වශයෙන් දෙයාකාරය. යම් භව දිට්ඨියක් වේ ද එය පහසුවෙන් ගැලවිය හැකි වන්නේ ය. විභව දිට්ඨිය ගැලවීම මුදිතා චෙතො විමුක්තියට තරමකට අපහසු වේ. එසේ වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි සංස්කාර නිසා වන ධර්මයෝ සියුම් බැවිනි. එයට උපෙක්ඛා අප්‍රමාණය උදව් උපකාර වන්නේ නම් විභව දිට්ඨිය ගැලවීම කළ හැකි වන්නේ ය.

භව දිට්ඨිය යනු කුමක් ද? යම් භවයේ පැවැත්මක් ඇත්ද එයට උදව් උපකාර කරන්නා වූ, තුඩු දෙන්නා වූ දිට්ඨින් ය.

විභව දිට්ඨිය යනු කුමක් ද? යම් භවයක නැවතීමක් ඇති ද එයයි. භවය යනු කරකැවීමයි. විභවය යනු කරකැවීම නතර වීමයි. මෙයට අනාශ්‍රව චිත්ත අවස්ථාව ද ඇතුළත් ය. යමෙක් අනාශ්‍රව චිත්තයෙන් හෝ ජීවත් වෙමි යැයි සිතයි ද, එහි ද අඩුපාඩුවක් ඇත. විභව දිට්ඨියට තුන් ධර්මයක් අඩංගු ය. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, අපි හිතමු ඒක A කියලා. B කියන්න පුළුවන් නිරෝධ සමාපත්තිය. C කියලා කියන්න පුළුවන් අනාශ්‍රව චිත්තයෙන් ජීවත් වෙමි යන සිතිවිල්ල. උපෙක්ඛා අප්‍රමාණය කෙසේ නම් විභව දිට්ඨිය පහ කිරීමට උදව් උපකාර කරයි ද?

මුදිතා චෙතො විමුක්තිය ඇති අයකු දිට්ඨින් ඉවත් කිරීම සඳහා ගන්නා වූ යම් වෑයමක් වේ ද, උපෙක්ඛා චෙතො විමුක්ති භාවනාව, ඒ කියන්නේ 14/05/2016 භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් සක්කාය දිට්ඨි column එක සම්පූර්ණයෙන් පහ වන්නේ නම් ආශ්‍රව නැසීම කළ හැකි ය. යම් මුදිතාවක් වේ ද එමගින් සක්කාය දිට්ඨි column එක නැසීමට යම් විරියක් භාවිතා කළේ ද, ඒ වළකන්නා වූ සංස්කාරයන් උපෙක්ඛා අප්‍රමාණය මගින් පහ කරන්නේ නම් එම දෙදෙනාගේ එකතුවෙන් අනාශ්‍රව වී ආශ්‍රව නැසිය හැකි ය. එසේ නම් උපෙක්ඛා අප්‍රමාණය මගින් දැන් අපි A, B, C කියලා ධර්මයන් තුනක් කිව්ව නේ.

ඒ කියන්නේ උපෙක්ඛාව ඇති නම්, A නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, ඒකේ නොපිහිටා ද, B නිරෝධයේ නොපිහිටා ද, C අනාශ්‍රව වී ජීවත් වෙමියි නොසිතා ද, මේ සියලු තැන්හි මම ය, මාගේ ය, වශයෙන් සතුටු නොවේ ද, එසේ ම උපෙක්ඛා අප්‍රමාණය මුදිතා චෙතො විමුක්තිය සමඟ එකතු වන්නේ, අත්තවාද උපාදාන නොවී නිර්වාණය ම සාක්ෂාත් කරයි.

එතකොට මට මේකට හොඳ උදාහරණයක් තිබුණා. ඒක තමයි අපි හිතමු account එකක් තියෙනවා ඒකට internet facility එක තියෙනවා. අපි හිතමු තවත් account එකක් හදනවා, ඒකට internet facility එක නැහැ. දැන් මේ දෙක ම අපි හිතමු බුද්ධ ශාසනය පවත්වන්නයි තියෙන්නෙ කියලා. එතකොට දැන් හිතමු තමන් කල්පනා කරනවා, මුදිතා අප්‍රමාණයට යන්න අපි දන්නවා සම්මා ආජීවය, අන්න එතනදි අපි කල්පනා කරනවා මේ සියල්ල ම නැත්නම් හොඳයි. ඒ කියන්නේ අර මුදල් පරිහරණයක් කරන්නේ නැති ඒ භික්ෂූන් වහන්සේගේ ජීවිතය වගේ පවතිනවා නම් මේක බොහොම හොඳයි කියලා. කෙනෙකු මුදිතා අප්‍රමාණයට ගිහිල්ලා ඉන්නවා, නමුත් එයාට හැඟීම් තියෙනවා අර සංස්කාරවල බලපෑම, දැන් internet facility එක නැහැ නේ තව account එකකට, එතකොට ඒක තිබුණ නම් තිබුණා වූ සුඛයක් තියෙනවා නේ ද, සැප විහරණයක්. කවුරු හරි ඇහුවොත් කියන්න පුළුවන් නේ ඔයා දාපු සල්ලි හම්බවෙලා තියෙනවා කියලා. එතකොට ඒ සැප විහරණය කියන එකේ බලපෑම.

එතකොට දැන් ඒ කියන්නේ මොකක් ද, සැප විහරණයන්ගෙන් ගන්න ඉහළ ම සැප විහරණය. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අර සංස්කාර මොකක්වත් නැතිව, නිරෝධ සමාපත්තිය කිසිම ගැටීමක් මොකක්වත් දන්නෙවත් නෑ. ඊළඟට ගන්න අනාශ්‍රව ව ඉන්න එක, අන්න ඒවායේ හිටියා කියන එකේ සැප විහරණය තියෙනවා නේ, ඒකෙ බලපෑම. අර මුදිතා චෙතො විමුක්තියෙන් ඉතිරි ටික ගලවා ගන්න හම්බවෙන්නේ නෑ. එතන ඒ කතාව ඒ බලපෑම කියන එක තියෙනවා. එතකොට මට හොඳට උදාහරණයත් එක්ක ඒක පැහැදිලි වුණා.

ඒක තමයි මං කරපු භාවනාව.