Date: 21/05/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය. යම් උපෙක්ඛා අප්‍රමාණයක් වෙත් ද, එහි යම් බැස ගැනීමක් වේ ද, එය මගින් පහ කරන්නා වූ දිට්ඨි උපාදානයන්, අත්තවාද උපාදානය තුළ කොපමණකට බැස ඇත්ද, එම දිට්ඨින් ඉවත් කළ පසු, ශේෂ වශයෙන් ඉතුරු වන්නා වූ දිට්ඨින් මගින් කෙසේ සංසාරයේ සැරිසැරීම සිදු වේ ද?

යම් විභව දිට්ඨියක් වේ ද එය තුළ පවත්නා වූ අපි ඊයේ A, B, C කියලා බැලුවා. A නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. B නිරෝධ සමාපත්තිය. C අනාශ්‍රව වී ජීවත් වෙමි යැයි සිතීම, අතුරින් A සහ B පහ වීම උපෙක්ඛා අප්‍රමාණයට පරාසය වන්නේ, මුදිතා චෙතො විමුක්තිය ඇති අයකු උපෙක්ඛා අප්‍රමාණය මගින් ඉවත් කරනු ලබයි. ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන, නිරෝධ සමාපත්තිය.

එසේ වුව ද අනාශ්‍රව වී ජීවත් වෙමියි සිතන්නේ නම්, පහ නොවූ රාග අනුසය ඉවත් කිරීම, ඡන්ද ඉද්ධිපාදය මගින් ඉවත් කළ යුතු ය. මෙය සිදු වන්නේ අනාශ්‍රව වීමෙන් පසුවයි. එයට උපෙක්ඛා චෙතො විමුක්තිය අවශ්‍ය වෙනවා. පෙරදැරි වෙනවා. එනම් නන්දි නොවන්නේ නම් සුඛ වන බව මනා කොට වැටහිය යුතු ය.

ඉතින් මේ භාවනාව උපෙක්ඛා අප්‍රමාණයට යාම 07/05/2016 උපෙක්ඛා භාවනාවෙන් පටන් අරගෙන ඊට පස්සේ 13/05/2016 මුදිතා චෙතො විමුක්ති භාවනාව කරලා, මුදිතා චෙතො විමුක්තියට පැමිණෙන්න ඕන. අන්න ඒ අවස්ථාව වන විට තමන්ට තේරෙනවා සමාධියේ ඉඳන් ප්‍රඥාව දක්වා ඔළුවේ අපි පෙන්නන්නේ පිටිපස්සයි ඉස්සරහයි කියලා. ඒ වගේ ඒ දෙපැත්ත හරියට ම බෙදිලා. ඒ රේඛාවේ වම් අත පැත්තේ සති ඉන්ද්‍රිය හොඳට තමන්ට දැනෙනවා. දකුණු පැත්තේ කම්මුල ඒ වගේ ම ඇතුළෙන් වගේ ම දැනෙනවා ඒ උපෙක්ඛාව නිසා මේකෙ වෙනසක් දැනෙනවා, ඒක තමයි ප්‍රඥාවේ පැතිරීම විදිහට මේක වටහා ගන්න ඕනේ. මේක වෙනස් උපෙක්ඛාව කරලා ඊට පස්සේ මුදිතාවට ආවා ම චෙතො විමුක්තියට ආවා ම වෙනස්. දැන් මේ වගේ ඔළුව දෙකට බෙදිලා තියෙනවා දැනෙනවා. දන්නේ දක්නේ අප්පණිහිත චෙතො විමුක්තියෙන් අනෙක් අතට බෙදීම මට සිහි වුණා.

ඒ වගේ ම අද භාවනාවේ අර්ථය සිහි වුණා. ඒ කියන්නේ නන්දි නොවන්නේ නම් මැරී ඉපදීම නොවන්නේ නම් සුඛ වන්නේ ය. මෙයට දුක්ඛය ප්‍රතිලෝම වශයෙන් බලා සියල්ල දුක වශයෙන් දන්නේ දක්නේ අර අපි කියන්නේ තත්‍ර තත්‍රාභිනන්දිනී සෙය්‍යථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේක නැති වීම ම තමයි දුක්ඛ නිරෝධය, ඒ කියන්නේ තුන් වෙනි සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍යය හොඳට වැටහෙනවා මේ අවස්ථාවේ දී.

ඒක තමයි මං කරපු භාවනාව.