ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි සිහි කළේ මුදිතා චෙතො විමුක්තිය සහ අප්පණිහිත චෙතො විමුක්තීන් අතර ඇති වෙනස සහ සම්බන්ධතාවය. යම් අප්පණිහිත චෙතො විමුක්තියක් වේ ද, එය තුළ අන් සියලු විමුක්තීන් ඇතුළත් වන බැවින් මුදිතා චෙතො විමුක්තිය ඒ පරාසයට වැටේ. අනෙක් අතට මුදිතා චෙතො විමුක්තියක් වේ ද, එහි ඇත්තා වූ කවර ගුණයෝ අප්පණිහිත චෙතො විමුක්තියට ඇතුළත් වේ ද? කවරක් එයින් පරිබාහිර වේ ද?
කාරණා තුනක් අප්පණිහිත චෙතො විමුක්තියට ඇතුළත් වෙනවා. දෙකක් එයින් පිටතයි. ඇතුළත් වෙන කාරණා තුන කුමක් ද? පළවෙනි එක අරූප ධ්‍යානයන්ගේ නොඇලීම, මෙය සඤ්ඤා ඉවත් වීම මගින් විමුක්ති දෙකට ම සාධාරණයි. අධිචිත්ත ශික්ෂාව තුළ මේක තියෙනවා නේ ඔය මුදිතාව එහෙම ගත්තහම. දෙවෙනි කාරණය වේදනා ධර්මයන්ගෙන් ඉවත් වීම. සුඛ යන සඤ්ඤා පහ වන්නේ අව්‍යාපාද විතක්කය හරහා උපෙක්ඛා අප්රමාණයටත්, අප්පණිහිත චෙතො විමුක්තියටත්, මුදිතා චෙතො විමුක්තියටත් සාධාරණ වෙනවා. තුන් වෙනි කාරණයට පෙන්වන්න පුළුවන්, නන්දිය ඉවත් වීම අප්පණිහිත චෙතො විමුක්තියටත් දළපැරකුම් හරහා මුදිතා චෙතො විමුක්තියටත් සාධාරණ වෙනවා.
කුමන කාරණයෝ පරිබාහිර වෙනවා ද? පළවෙනි එකට පේනවා මුදිතා චෙතො විමුක්තිය තුළ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ගුණයන් ඇතුළත් වන්නේ, රූපය එපා කියන විරිය ඇතුළත් වෙනවා. මෙය සමථ නිමිත්ත හරහා ඇති විය. උපෙක්ඛා චෙතො විමුක්තිය තුළ මෙය අව්‍යාපාද විතක්කය හරහා සිදු වෙන බැවින්, එය දුර ඥාතියකුට වූ සබඳතාවයක් මෙන් වන්නේ අප්පණිහිත චෙතො විමුක්තියට සාධාරණ නොවේ. අප්පණිහිත චෙතො විමුක්තිය වේදනා විෂයයෙහි ප්‍රධාන ය. මෙය මෙසේ වන්නේ නම් යමකුට අප්පණිහිත චෙතො විමුක්තිය ගැන සැක පහළ විය හැකි ය. කුමක් නිසා ද? දුක්ඛයේ අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් දක්නා දන්නා නිසා ය. එනමුදු ධ්‍යාන විෂයයෙහි මනා කොට දක්ෂ වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් රූපය සියුම්ව ස්පර්ශ කරන බව අමතක නොකළ යුතුයි. ඔහුට ද රූපය ගැන සියුම් හැඟීම් විඤ්ඤාණය තුළ බැස ඇත.
දැන් අසාධාරණ කාරණය වෙන අනිත් එක බැලුවහම අප්පණිහිත චෙතො විමුක්තිය තුළ සංස්කාර විෂයයෙහි දක්ෂ වන්නේ, ප්‍රවීණතා skill ඇත්තේ, පෙර කළා වූ සංස්කාරයන්ගේ බලපෑම ඉවත් කිරීමට දක්ෂය. උදාහරණ වශයෙන් බුදුපියවරු සියලු දෙනා ම නොදන්නා අවස්ථාවේ දී අර අනුපිළිවෙළින් යැයි පෙර පැවසුවා ද, බුදුපියවරු සියලු දෙනා ම දන්නා අවස්ථාවේ දීත් අනුපිළිවෙළින් යන වචනය ඇති වන්නේ පෙර කළා වූ සංස්කාරයන්ගේ බලපෑම ඉවත් කිරීමට දක්ෂ නොවීම නිසා ය.
මුදිතා චෙතො විමුක්තිය. මෙය සති ඉන්ද්‍රියේ බලපෑම භාවිතා කර පහ කළ යුතු අතර අප්පණිහිත චෙතො විමුක්තිය, සංස්කාර නොකිරීම මගින් ම දුක නිසා පහසුවෙන් ඉවත් කරනු ලබයි. එතකොට මේ භාවනාව කරනකොට දැන් අපිට පේනවා ආසන්න වශයෙන් cross එකක්, මොකක් ද? අපි වම් අත පැත්තෙන් සමථ නිමිත්ත ලිව්වොත්, දකුණු අත පැත්තෙන් පග්ගහ නිමිත්ත කියන එක ලිව්වොතින් එතකොට ඕකේ පග්ගහ නිමිත්ත පැත්තෙන් ඉඳන් වම් අත පැත්තට පල්ලෙහාට ඇවිල්ලයි මුදිතා චෙතො විමුක්තිය කතාව. සමථ නිමිත්ත ඉඳන් දකුණු අත පැත්තට, ඒ කියන්නේ උපෙක්ඛා අප්‍රමාණය පැත්තට ඇවිල්ලයි මේ අප්පණිහිත චෙතො විමුක්තිය, උපෙක්ඛා අප්‍රමාණයෙන් අප්පණිහිත චෙතො විමුක්තියට. මේක දළ වශයෙන්, ආසන්න වශයෙන් තමයි ගන්න ඕන. මොකද lines පොඩ්ඩක් මාරු වෙනවා නේ.
එතකොට මේ විදිහට දන්නවා නම් දකිනවා නම්, මුදිතා චෙතො විමුක්තිය හෝ අප්පණිහිත චෙතො විමුක්තිය අතර කැමති පරිදි මාරු වෙමින් හිටිය හැකි වුණා. ඒ කියන්නේ ඔළුව බෙදීම මනා කොට තමන්ට දැනෙනවා. ඔය cross එකේ විදිහට ම තමයි ඒක ලස්සනට දෙකට බෙදෙනවා, කැමති එකකට මාරු වෙන්න පුළුවන්. හරි ම ලස්සනයි ඒ භාවනාව.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.