ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ ආරද්ධ විරිය ඇති අයකු යම් අප්‍රමාණ ධර්මයක් වඩා ඇත්තේ නම් එම විරිය, විරිය ඉද්ධිපාදය දක්වා දියුණු කිරීමට කුමක් කළ යුතු ද? කුමක් වටහා ගත යුතු ද? යම් ආරද්ධ විරියක් වේ ද, එමගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඉවත් කරන බව අපි දන්නවා. එසේ නම් අලෝභ, අදෝෂ, අමෝහ කියන පාරවල් තුන හරහා යනවා. ඒකෙන් සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, පවත්වන්න උත්සාහ කරනවා. එනමුදු ඔහුගේ දක්ෂතාවය ඇති වන්නේ අප්‍රමාණ ධර්මයෝ වඩා ඇති නම් පමණි. කුමන හේතුවක් නිසා ද?
අප්‍රමාණයෝ නැති නම් චිත්ත සමාධිය නොපවතින්නේ, ධ්‍යානයන්ගෙන් පිරිහීම වේදනාවට ප්‍රතිචාර දැක්වීම මගින් ම සිද්ධ වෙනවා. යම් ධ්‍යානයක් වේ ද, එයට බලපාන කාරණා තුනක් ඇත. අපි හිතමු පළවෙනි කාරණය A කියලා, එම ධ්‍යානයට සමවැදීමට උදව් උපකාර කළ සමථ නිමිත්ත. B හැටියට ගත හැකි එම ධ්‍යානයේ වාසය කිරීමට ඇති කැමැත්ත. C කියමු තුන් වන කාරණය නොහැකුළුණු විරිය, ඇකිලිලා නැති විරිය.
එතකොට ඔය නොහැකුළුණු විරිය ලෙස ආරද්ධ විරිය ගන්න පුළුවන්. “අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය, ඡන්දං ජනෙති, වායමති විරියං, ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.” කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා. සමථ නිමිත්ත වන්නේ යම් ධර්මයක් පහ කළ යුතු ද ඊට සමවැදීමයි. එනම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පහ කිරීමට සමවදින්නේ, නිමිත්තේ කෙළවර නිර්වාණය කොට ඇත්තේ ය.
දැන් අපි බැලුවා A, C කියන කාරණා පළවෙනි එකයි තුන් වෙනි එකයි. දැන් B දෙවෙනියට කිව්වේ, එම ධ්‍යානයන්ගේ වාසය කිරීමට ඇති කැමැත්ත. ඒක වෙන්නේ අර ඉහත, අපි A සහ C කිව්වෙ, ඒ කාරණාවලින් ඇති කරන්නා වූ ධර්මයට ම කැමති වීමයි. එතකොට අර සමථ නිමිත්තෙන් කාම විතක්කයන් එහෙම පහ කරලා, නොහැකුළුණු විරියක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ නිර්වාණය දක්වා ම යන්නා වූ එකක්. ඒ ධර්මයන්ට කැමති වෙනවා නම් නිර්වාණය කෙළවර කොට තියෙනවා, මුදුන් කොට ඇත්තාහ.
මේ විරිය 08/05/2016 මුදිතා භාවනාවෙදි අපි ඉගෙන ගත්තා. අර පග්ගහ නිමිත්ත, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය, අරි අට මඟ තමයි එතන විශේෂ. ඒකෙන් අව්‍යාපාද විතක්කය, අර උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම. අර දෝෂය එහෙම බැහැලා යනවා කියලා කිව්වේ. ඒකට අනතුරුව අපිට ඇති වන්නා වූ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට පදට්ඨානය වෙනවා. ඒ ඉන්ද්‍රියට පදට්ඨානය වෙනවා මේ විදිහට කියන එක. ඒක තමයි මං කරපු භාවනාව.
හොඳට තේරුණා භාවනාවෙදි, පොඩ්ඩක් හරි අපි ඉඩ දුන්නොතින්, අර වේදනාවට ප්‍රතිචාර දක්වනවා, අර 40% පාර හරහා ආවා, අරකෙන් වැටෙනවා. අර තියෙන ඉද්ධිපාද ස්වභාවය කියන එකෙන් වැටෙනවා. ඒ අප්‍රමාණය තියෙන්න ඕන. මොකද අප්‍රමාණය ගත්තොතින් තමන් දන්නවා. පළවෙනි එකේ මෙත්තාවට යන්නේ දුකයි කියලා දැනගෙන. දෙවෙනි එකේ කරුණා අප්‍රමාණයට යන්නේ දුක්ඛ සමුදයයි කියලා දැනගෙන. එතකොට ඒ කාරණාවන් අමතක නොවී ඒක තමන්ගේ හොඳට පවතින්න ඕන.
ඒක පවතිනවා නම් අර 40% පාරෙ යන්නේ නෑ, ඕක අර ඡන්ද චිත්ත පරිචිතා diagram එකත් එක්ක ම බලන්න පුළුවන් අර විරියයි ඒ විමංසාවයි දෙක. මේ පදුට්ඨමනසඞ්කප්පයෙන් පවතිනවා කියල නේ මේක තියෙන්නෙ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්