ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට විෂය වුණු කාරණය, ඇලුම් කටයුතු ආලම්බනය. මේක අපි වහලාගේ කතාවෙදි ඉගෙන ගත්තා. ඒ විමසා බලපු විදිහට බැලුවොත්, ඕක නිසා උද්ධච්චය ඇති වෙන බව අපි දන්නවා. යම් උද්ධච්චයක් වේ ද, එය මගින් දුස්සීලභාවය, මිච්ඡා දිට්ඨියට එකතු කරන බව අපි දන්නවා. එසේ නම් ඇලුම් කටයුතු ආලම්බනය ම මිච්ඡා දිට්ඨිය බවට පත් වෙනවා. යම් මිච්ඡා දිට්ඨියක් වේ ද එයට හේතු සහ ප්‍රත්‍යය වන්නේ පදුට්ඨමනසඞ්කප්පය කියලා අපි දන්නවා. පදුට්ඨමනසඞ්කප්පය විඤ්ඤාණ ධාරාව ගැලීම නිසයි. එය රූපය අළලා ම සිදු වෙනවා. මේක අරූප ධ්‍යානයටත් සාධාරණයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාත් හැකි තාක් රූපයෙන් ම ඉවත් වීමට උත්සාහ කරනවා. ඒ ගැන ඔහුට හැඟීම් නැති වුවත් සිදු වන්නේ ඒ දේයි. එසේ නම් ඇලුම් කටයුතු ආලම්බනය මිච්ඡා දිට්ඨිය වන අතර විඤ්ඤාණ ධාරාව ගැලීමට ද ඉඩ සලස්වනවා. මේකේ අර්ථය මොකක් ද?
යම් ඇලුම් කටයුතු ආලම්බනයක් වේ ද, එය නිත්‍ය යන සඤ්ඤාවෝ ඇති කරයි. එය පහ කිරීමට විරිය ඉද්ධිපාදය ඇති අයකුට පමණක් කළ හැකි වන්නේ ය. කුමක් නිසා ද? වේදනාවට ප්‍රතිචාර නොදක්වා සිටීමට නම් අප්‍රමාණයන්ගෙන් පෝෂිත වුණා වූ විරිය ඉද්ධිපාදය මගින් ම නිත්‍යභාවය පහ කළ යුතු වන්නේ ය. විඤ්ඤාණ ධාරාවේ ගැලීම නැවතීම සංස්කාර සමථය නිසා සඤ්ඤාව නැවතීම මගින් කරනු ලබයි.
ඔතනට පේන්න ඕන, සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරොධනා. එනම් වේදනාවට ප්‍රතිචාර නොදැක්වීමෙන්, ඒ කියන්නේ සඤ්ඤාව නැවතීම මගින් සහ සංස්කාර සමථය වෙන නිර්වාණය පිණිස සිත යෙදීමෙන්, යන කාරණා දෙක විරිය ඉද්ධිපාදය මගින් කරනු ලබනවා. ඡන්ද චිත්ත පරිචිතා අනුව සංස්කාර පරාමාස නොවන්නේ, අලුත් සංස්කාර නොසාදන්නේ නම් පමණි. එහෙම නම් අර චේතනාවේ ඉඳන් එන එක අපිට තේරෙන්න ඕන, නතර වෙන්න ඕන. වේදනාවට ප්‍රතිචාර නොදක්වන්නේ, වේදනාව දක්වා එන ධර්මයෝ නවතින්නේ නම් පමණි. “අනුප්පන්නානං පාපකානං” කියලා ගත්තේ. එතකොට මේක ඊයේ විරිය ඉද්ධිපාද භාවනාවත් එක්ක කල්පනා කරලා බලන්න.
අපි කිව්වා විරිය ඉද්ධිපාදය පවතින්න නම් අප්‍රමාණයෝ පවතින්නට ඕන. එතකොට අප්‍රමාණයෝ පවතිනවා කියලා කිව්වහම, හැම රූපයක් ම, අපි දන්නවා එතන දී මෙත්තා අප්‍රමාණයෙන් එහෙනම් අර බල්ලයි, අලියායි, කූඹියයි, දෙවියයි, බ්‍රහ්මයයි වෙන් කිරීමක් නෑ. එතකොට ඒ කියන්නේ මේ පුද්ගලයා දන්නවා අර ලෝභ, දෝෂ, මෝහ භාවනාවේ මනාපික අරමුණ නිසා ඇති වන්නේ විපරිණාම දුක්ඛතා. එහෙම නම් හැම රූපයක ම කතාව දන්නවා, දුකයි කියන එක. ඊළඟට ගත්තහම අපි දන්නවා හැම වේදනාවක් ම දුකේ ඇතුළත්. ඒක නේ ලෝභ, දෝෂ, මෝහයේ පළමු වෙනි භාවනාව. ඊළඟට අපි දන්නවා රාගජ පරිලාහ, ද්වේෂජ පරිලාහ, මෝහජ පරිලාහ කියලා කිව්වා ම ඕක සඤ්ඤා වශයෙන් බලනවා. එහෙම නම් ඒ හැම එකක් ම දුකයි කියන එක තේරෙනවා. ඊළඟට අපි කිව්වාහම, උත්පාද සංඛත ලක්ඛණ. අන්න ඒ row එකට අපි කියන්නේ සංස්කාර වශයෙන් බලන්න. එතකොට ඒක නිසාත් දුක ම යි ඇති වන්නේ.
අන්න ඒ විදිහට දන්නවා නම් ඒ රූපයට, වේදනාවට, සඤ්ඤාවට, සංස්කාරයට එකකටවත් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. එහෙම නම් අප්‍රමාණයෝ කියන ඒවා තියෙන්න ඕන. ඒකෙන් තමයි විරිය ඉද්ධිපාදය කියන එක තියෙන්නෙ. ඒ විරිය ඉද්ධිපාදයෙන් තමයි ඉතින් ඇලුම් කටයුතු ආලම්බනය, ඉංග්‍රීසියෙන් කියනවා lust provoking delight, එතකොට තමන්ට තේරෙනවා නන්දිය ලකුණු වෙන තැන. එහෙම නම් මේ සංකප්ප පාරේ එන්නේ. 50% පාරෙන් එන්නා වූ එක හොඳට අපිට තේරෙනවා මේකත් එක්ක. උඩ රූපය තමයි, හැබැයි ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.